Print this Article


සැමරුම් උළෙලක්

සැමරුම් උළෙලක්

ගම්පහ කිරිඳිවැල තිඹිරිගම ශ්‍රී සුදර්ශන ධර්මායතන පිරිවෙන් මහා විහාරාධිපති හා පරිවේණාධිපති රාජාංගනේ ගුණරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සමස්ත ලංකා පිරිවෙන් ත්‍රිපිටක ධර්මය දින සැමරුම් උත්සවයක් කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පණ්ඩිත තලම්පිටියේ සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ චන්දන කුමාර කඩිකමුව මහතාගේ සහභාගිත්වයෙන් ඉකුත් 13 දින එම පිරිවෙනේ දී සිදු කෙරිණ. පිරිවෙන් කෘත්‍යාධිකාරි උඩංගාවේ මහින්දානන්ද, නියෝජ්‍ය පරිවේණාධිපති කෝට්ටේගොඩ ශාසනාලෝක යන හිමිවරුන් ඇතුළු විශාල පිරිසක්ද, බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී දමිත් පි‍්‍රයශාන්ත, සමස්ත ලංකා ත්‍රිපිටක ධර්ම ගුරු උපදේශක ජයසේන එසිරිසිංහ මහත්වරුන් වෛද්‍ය මාරසිංහ මහත්මියද ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එම උත්සවය පැවැත්විණි.