Print this Article


භික්ෂුණී පුහුණු පිරිවෙනක් 8 වැනිදා ඇරැඹේ

භික්ෂුණී පුහුණු පිරිවෙනක් 8 වැනිදා ඇරැඹේ

දෙහිවල, නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට අනුබද්ධිතව හොරණ, කනන්විල, දෙකඳුවල දහම් පුහුණු ආයතනයේ ඉදිවන භික්ෂුණී පුහුණු පිරිවෙන සහ ජාත්‍යන්තර බෞද්ධ දර්ශන අධ්‍යයන පීඨය සමාරම්භය මේ මස 08 වන දින සිදු කෙරේ.

භික්ෂුණී පිරිවෙන, භික්ෂුණී කැපකරු මා පිය ක්‍රමය ආරම්භ කිරීම සහ නව පිරිවෙන් ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබීම රංගිරි දඹලු පාර්ශවයේ මහනායක ඉනාමළුවේ සුමංගල නා හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ සහ මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක බූටාවත්තේ සරණංකර නා හිමිපාණන්ගේ සම්භාවනීය සහභාගිත්වයෙන් නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ තුම්මුල්ල මංසන්ධියේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති හිමියන්ගේ මහෝපාධ්‍යායත්වයෙන් මේ මස 08 වැනිදා පෙරවරු 8.00ට හොරණ, කනන්විල, කහටපිටිය, දෙකඳුවල දහම් පුහුණු හා භාවනා පුහුණු ආයතනයේ දී සිදුකෙරේ.

එම පිරිවෙන සඳහා සිල්මාතාවරු, මෙහෙණින් වහන්සේලා සහ භික්ෂුණින් වහන්සේලාට ඇතුළත් වියහැකි අතර ත්‍රිපිටක ධර්මය පාලි, ඉංගී‍්‍රසි, මනෝ උපදේශනය එම පිරිවෙන මඟින් ලබාදීමට කටයුතු යොදන බව කිරම විමලජෝති නාහිමියෝ ඉකුත් දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසූහ.