Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

දශක පහකට අධික කාලයක් ගමේ පන්සල කේන්ද්‍රස්ථානය කරගෙන සදාචාරශීලිමත් සමාජයක් ආගමානුකූලව සකස්කර ගැනීමට පන්සලේ නායක හාමුදුරුවන්ගේ අවවාද, අනුශාසනා බණ දහම අනුව ධර්මානුකූලව සිය ජීවන ගමන්මඟ හැඩගසාගත් වැඩිහිටි උපාසක උපාසිකා පිරිසක් පන්සලට කැඳවා ඔවුන්ට බත බුලතෙන් සංග්‍රහ කර ඔවුන්ට උපහාර පිදීමේ ආගමික වැඩසටහනක් පසුගිය පෝය දිනයක අඹතැන්න හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරයේ දී විහාරාධිපති, ශාස්ත්‍රපති, බටුගොඩ සංකිච්චායන නාහිමියන්ගේ ආරාධනයෙන් පැවැත්විණි. එම උපහාර දහම් හමුවට හැටවිය ඉක්මවූ වැඩිහිටියන් සියයකට අධික පිරිසකට ආරාධනා කර තිබුණි. මෙසේ තිළිණ ලබන මාතාව සංකිච්චායන හිමියන් සසුනට දායාද කළ බටුගොඩ ඩබ්ලිව්.එල්. කල්‍යාණවති වැලි අංග මහත්මියයි.
ඡායාරූපය - කේ. බණ්ඩාරනායක