Print this Article


පිහිට පතයි

පිහිට පතයි

බොරලැස්ගමුව, පිරිවෙන පාර, 26/20 පදිංචි 44 ඒ.ඒ.ඩී. සුදර්ශන පත්ම කුමාර දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර, ඔහුට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට ජාතික වෘක්කවේදී රුධිර කාන්දුපෙරණ හා බද්ධ කිරීමේ ආයතනයේ විශේෂඥ වෛද්‍ය එස්.එම්. සෙනෙවිරත්න මහත්මිය නිර්දේශ කර ඇත. ඔහුට “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබාදිය හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 0724121789/ 071 5755434 දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කරයි. ඔහුගේ ප්‍රතිකාර කටයුතු සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඒ සඳහා ආධාර කළ හැකි අයෙකු වේ නම් මහජන බැංකුවේ බොරලැස්ගමුව ශාඛාවේ (ඒ.ඒ.ඩී. සුදර්ශන පත්ම කුමාර) ඇති 348200180001579 ගිණුමට බැර කරන්නැයි ද ඉල්ලා සිටියි.
 


කඩුවෙල පහළ බෝමිරිය අංක 324/5 හි පදිංචි ආර්.ජී. සිරියාවතී යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට ඉක්මනින්ම වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නසාර් මහතා දන්වා ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටියි. ඖෂධ සඳහා ආධාර මුදල් මහජන බැංකුවේ ඒ.ඉෂාරා ගීතාංජලී නමින් ඇති ගිණුම් අංක 196200104105352 ගිණුමට බැර කරන මෙන්ද ඉල්ලා සිටී. වැඩි විස්තර දුරකථන 0776780931 අංකයෙන් විමසිය හැක.
 


දරුණු වකුගඩු රෝගයකින් අසාධ්‍ය තත්ත්වයේ සිටින එක් දරු මවකගේ ජීවිතය බේරාගැනීමට ආධාරය අපේක්ෂා කරයි. ඉක්මණින් ශල්‍යකර්මය කරගැනීමටත් අවශ්‍ය බෙහෙත් සඳහාත් විශාල මුදලක් අවශ්‍ය වී ඇතැයිද කියති. ඔබගේ ආධාරය ඩී.අයි.ජී.කේ. විජේරත්න, ගිණුම් අංක 871783 (ලංකා බැංකුව - ගම්පහ ශාඛාව) බැරකරන මෙන් ඉල්ලීමක් කරයි. 072 4522458 දුරකථනයෙන් විමසිය හැක.