Print this Article


පැවිදි බිමට

පැවිදි බිමට

මයියංගණ, අරාවත්ත, සෙනෙවිගම පදිංචි බ/ගැමුණුපුර මහා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දිසානායක මුදියන්සේලා ගේ නිමන්ත මධුශාන් කුමරුවා මේ මස 03 දින උදේ කැලණිය චිත්තභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ බෞද්ධ මධ්‍යස්ථානයේදි සසුන් ගත කෙරේ.

විහාරස්ථාන රැසක විහාරාධිපතිත්වය හොබවන, කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය , උතුරාවල ධම්මරතන හිමියන් ගේ ආචාර්යත්වයෙන් හා කටුමුළුවේ ශ්‍රී සුමනරතනාභිධාන නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් යුතුව මෙම පින්කම සිදු කරනු ලැබේ.