Print this Article


මත්තේගොඩ පිණ්ඩපාත චාරිකාව

මත්තේගොඩ පිණ්ඩපාත චාරිකාව

මත්තේගොඩගම බෞද්ධ සංගමයේ සංවිධායකත්වයෙන් හා මලේගොඩ නන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සියක් නමක් භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් 19 වැනි වරට සංවිධානය කරන පිණ්ඩපාත චාරිකාව නවම් පුර පොහෝ දින පැවැත්වේ.

පෙරවරු 7.30 ට හීල් දානය සඳහාත් 9.30 දවල් දානය සඳහාත් මහා සංඝරත්නය, මත්තේ ගොඩගම නිවාස සංකීර්ණය, සල්මල් පෙදෙස, සල්ගස් මාවත, මදාරා උයන, වාසනාවත්ත, අරලිය ටෙරස්, නිසල පෙදෙස, සිරිමල් වත්ත, පුබුදු මාවත, අරලිය උයන, නඳුන් උයන, ආසිරි උයන, ප්‍රසන්න උයන, සඳුන් පුර බෝගහලන්ද වත්ත, ආදී ප්‍රදේශයන්හි වැඩම කරවීමට නියමිතය.

පස්වරු 1.30 සිට 3.00 දක්වා මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා හා ධර්ම දේශනා සඳහා නිවෙස්වලට වැඩම කරවන අතර පස්වරු 3.30 පෙරහර චාරිකාව හා බෝමළුවේදී බුද්ධ වන්දනා හා පුණ්‍යානුමෝදනාව පැවැත්වේ.