Print this Article


සදහම් දැනුම

සදහම් දැනුම

ප්‍රශ්නය
බුදු දහමෙහි එන ප්‍රජාපාලන ප්‍රතිපත්ති සකස් වී ඇත්තේ දශකුශල ධර්මවලට අනුගතවය. මිනිස් ගුණදහමින් පිරිපුන් යහපත් පාලනයක උත්තුංග ගුණාංග දශ රාජධර්ම නමින් එකතුවිය. තමන් පළමුව පිහිටා තමන් තුළ දශ කුසල ධර්ම නමින් වූ සද්ගුණ දශරාජ ධර්ම නමින් ක්‍රියාත්මක කොට දැහැමි සක්විති රජෙකු විය. එසේ තමන් තුළ ඇතිකර ගන්නා සද්ගුණ දස සක්විති වත් නම් වෙයි. ඒ මොනවාද?

පිළිතුර
1.ධර්මය හෙවත් දසකුසලය ගරුතන්හි ලා සලකමින් ජනතාව සහ ජනතාවගේ අඹුදරුවන් ආරක්ෂාව සැලසීම (අන්තොජනස්මිං)

2.මෙම ආරක්ෂාව (බළකායෙසු) රැකවලුන් කෙරෙහිද?

3.රජ පරපුර කෙරෙහිද? (ඛත්තියෙසු)

4.රාජ්‍ය සේවක ජනයා කෙරෙහිද ? (අනුයුත්තෙසු)

5.රටවාසී විවිධ ජන කොටස් කෙරෙහිද ? (බ්‍රාහ්මණ ගහපතීසු)

6.නියම්ගම් ජනපදවාසීන් කෙරෙහිද ?(නේගම ජනපදෙසු)

7.රටවාසී සිල්වත් ගුණවත් පැවිද්දන් කෙරෙහිද? (සමණා බ්‍රාහ්මණෙසු)

8.මෘග පක්ෂී ආදි සතා සිව්පාවන් කෙරෙහිද? යන මේ අයගේ ආරක්ෂාව සැලසීමද? (මිගපක්වීසු)

9.(අදනානං ඔනෙ අනුප්පාදිය මානෙ)

දැහැමි බව සඳහා නිර්ධනයන් අතර ධනය බෙදාදීමද

10.රාජ්‍යයේ වෙසෙන බුද්ධිමතුන් හා කෙලෙස් සංසිඳවාගත් උතුමන් වෙත එළඹ ධර්ම සාකච්ඡා කොට ධර්ම යෙහි පිහිටීම


ප්‍රශ්නය
මෙම පුවතින් කියවෙන බුද්ධකාලීන සම්මානනීය තැනැත්තා කවුද? එවිට බිම්සර මහරජු ඔහුට “රාජ වෛද්‍ය යන සම්මානය පිරිනමා බුදු පාමොක් මහ සඟනට ද , තමාට ද උවටැන් කරන සේ නියමකොට හවුරුද්දකට ලක්ෂයක් ආදායම ලැබෙන ගම්වරක්ද රමණීය අඹ උයන ද මාලිගයක් ද තුටු පඬුරු කොට පිරිනැමීය.

පිළිතුරු
බිම්සර පුත් අභයරාජ කුමරු නිසා ‘සාලවතී’ නම් නගර ශෝභිනියගේ පුත්‍රයා ජීවත් වේ. යන්න මුල්කොට ගෙන ජීවක නම් විය. අභයරාජ කුමාරයා සිය මාලිගයෙහිම ඇතිදැඩි කළ නිසා කෝමාර භච්ච නම් විය.

ජීවක වෛද්‍ය ශාස්ත්‍රයෙහි කෙළ පැමිණ රජගහ නුවර වාසය කළේය. ජීවකයෝ බරණැස් සිටුපුත්‍රයාගේ ආබාධයක් ද රජගහ නුවර සිටුහුගේ සත් හවුරුදු හිසරදය ද සුවපත් කොට රාජකීය වෙදැදුරෙක් විය.


ප්‍රශ්නය
බුදු සිරිතෙහි “උදානය” යනුවෙන් සඳහන් වන්නේ කුමක් ගැනද උන්වහන්සේගේ ප්‍රථම උදානය පැහැදිලි කරන්න.

පිළිතුර
සවාසනා කෙලෙසුන් නසා ලොවුතුරු බුදු වූ බුදුරජාණන් වහන්සේ මෙසේ සිතූහ. ආශ්චර්යයෙකි. සියලු සසර දුකින් මම මිදුනෙමි. බුද්ධ යන පදවිය ලදිමි. මහත්වූ දහම් ඇස (චක්ඛුං උදපාදි) සියලු සතුට දහම් දෙසා සංසාර බන්ධනයෙන් ඔවුන් මුදවාගන්නට සමත් වෙමි. මහත්වු විජයශ්‍රීයට පැමිණියෙමි. මෙසේ සිතූ උන්වහන්සේ (උදානං උදානෙසි) ප්‍රථම උදානය පළකළහ.

අනෙක ජාති සංසාරං
සන්ධා විස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේ සන්තො
දුක්ඛා ජාති පුනප්පුනං
අත්බැව් නමැති ගෙය
තනන තණවඩු සොයමින්
මෙසසර අනේදෑ
සැරි සැරිමි විඳිමින් දුක
ගහ කාරක දිට්ඨොසි
පුන ගෙහං න කාහසි
සබ්බා තෙ පාසුගා භග්ගා
හකූටං විසංවිතං
විසංඛාර ගතං චිත්තං
තණ්හානං ඛය මජ්ඣගා

තණ වඩුව මම තා දිටිමි. නොතන්හි යළිගෙය ගෝනැස් බඳු කෙලෙස් අවිදු කැණිමඬල නැසීමි. මාසිත නිවන් වනි. ගේ ඵල විසින් නොතැනුණු මුළු තණ ගෙවාහැර ලදුයෙමි. රහත් ඵල මම මෙසේ උදන් අනා බුදු පදවි ලත් තැන සිට පුරා සතියක් උන්වහන්සේ අරහත් ඵල සමවතින් කල් යැවු සේක.


ප්‍රශ්නය
පෙළ දහමට අනුව බෞද්ධ ජීවිතයක කළමනාකරණයෙහි වැදගත් අංගය නම් උපාය කුසලතාවයයි. තත්‍රැ පායාස විමංසාය සමන්නාගතො යනුවෙන් සඳහන් වන්නේ . එයයි මෙම කුසලතාවය පිළිබඳව බෞද්ධයෙකු සැකසිය යුතු පිළිවෙත පැහැදිලි කරන්න.

පිළිතුර
ධාන්‍ය, ධනය, යසස, කීර්තිය, සැපය යන දෑ ගලා එන්නට හේතුවන ඉක්මනින්ම භෝග සම්පත් බහුල වීමට කරුණුූ හතරක් බුදු දහමෙහි සඳහන් වෙයි.

1.සුදුසු පියසෙක විසීම (පතිරූප දෙස වාසො)
2.සත්පුරුෂ ආශ්‍රය (සප්පුරීස සුපස්සයො)
3.තමා මනාව පිහිටුවා ගැනීම (අත්ත සම්මා පණිධී)
4.පෙර කළ පින් ඇති බව (පුබ්බෙච කත පුඤ්ඤතා)


ප්‍රශ්නය
“පංචිමා භික්ඛවෙ වණිජ්ජා උපාභිතෙන අකරණීයා” බෞද්ධා (උපාසකෙන) නො කටයුතු වෙළෙදාම් පස මොනවාද?

පිළිතුර
1.සත්ථ වණිජ්ජා හෙවත් අවි වෙළෙදාම
2.සත්ත වණිජ්ජා හෙවත් සතුන් හෝ මිනිසුන් වෙළෙඳාම
3.මංස වණිජ්ජා හෙවත් මස් පිණිස සතුන් වෙළෙදාම
4.මජ්ජ වණිජ්ජා හෙවත් මත්පැන් සහ මත්ද්‍රව්‍ය වෙළෙදාම
5.විස වණිජ්ජා හෙවත් විස වෙළෙදාම


ප්‍රශ්නය –ධර්ම ග්‍රන්ථයන්හි (ද්වෙ ධම්මා) යනුවෙන් භව දිට්ඨි විභව දිට්ඨි” යනුවෙන් මරණින් මතු පැවැත්ම පිළිබඳව සඳහනක් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර

මරණින් මතු පැවැත්ම පිළිබඳව පැරැණි දඹදිව දාර්ශනිකයන් එල්ඹගත් මත වාද දෙකක් වෙයි. සදාකාලික ආත්මයක් පිළිබඳව පිළිගත් පිරිස භව දෘෂ්ටිවාදීන් වශයෙන් ද ‘චාර්වාක’ වැනි අන්ත භෞතිකවාදීන් මරණින් මතු පැවැත්මක් පිළිනොගන්නා අය “විභව“ දෘෂ්ටිවාදීන් වශයෙන් සලකා ඇත.


ප්‍රශ්නය

සංචෙතනික ක්‍රියා (චෙතනා සහිත) එම ක්‍රියාවලට මුල්වන (නිධාන) අනුව බෙදීමක් සිදුවෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර
සචෙතනික ක්‍රියා එම ක්‍රියාවලට මුල් වන චෙතනා අනුව, කුසල හා අකුසල වශයෙන් දෙවදෑරුම් වෙයි. මෙම වෙන් කිරීම සඳහා කම්ම නිදාන හෙවත් මුල් තැනක් ධර්මයෙහි සඳහන් වෙයි. මෙහිදී කුසල පක්ෂයට ආලෝභ, අදොස, අමොහ, යන චෛතසිකයන්ද අකුසල පක්ෂයට ලොභ,දොස, මෝ්හ යන චෛතසිකයන්ද මූලික වෙයි.