Print this Article


පිහිට පතයි

පිහිට පතයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අවු. 22 සේවය කර විශ්‍රාම ලැබූ එච්.බී.එස්. අජන්ත මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 071 8773474, 0750316602 අමතන ලෙස දන්වා සිටියි.

 


මාලඹේ, දහම් මාවතේ, නො. 847 හි පදිංචි දෙදරු පියෙකු වන කේ.ඩබ්ලිව්. අජන්ත රෝහණ (අවු. 45) දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන අතර ඔහුට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය රුෂික ලැනරෝල් මහතාගේ නිර්දේශයයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 011 2054268 හෝ 071 8147113 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


රත්නපුර, දෙල්වල, උඩදෙල්වල හි පදිංචි 24 හැවිරිදි එම්.කේ. සී.ටී. කොස්තා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ඕ හෝ බී නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශයයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 071 8402204 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


කළුදෙනිය, කෝදාගොඩ හි පදිංචි ඩී. ජී. මහීෂා දිලිනි 27 හැවිරිදි තරුණිය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුªගඩුවක් අවශ්‍යව ඇති බැවින් පරිත්‍යාගශීලියෙකු වේනම් දුරකතන 0915689233, 0773108772 දන්වන ලෙසද, ඇයගේ ඖෂධ සඳහා මුදල් කොමර්ෂල් බැංකුවේ 8280024258 දරණ ගිණුමට බැර කරන ලෙසද ඉල්ලීමක් කරයි.

 


වැලිමඩ, බඹරපාන , තුප්පිටිය හි පදිංචි එච්.එම්. සී. ජයන්ත (32) උපතින්ම එක් වකුගඩුවක් හිමි අයෙකි. එම වකුගඩුවද මේ වන විට දරුණු ලෙස අක්‍රීය වී ඇති බැවින් ඉතා ඉක්මණින් “ඕ පොසිටිව්” වකුගඩුවක් බද්ධකළ යුතුබව විශේෂඥ වෛද්‍ය නසාර් මහතා නිර්දේශ කර ඇත. පරිත්‍යාගශිලීන් වේනම් දුරකතන 0713617179, 0714846047, 0716727360 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


මොරටුව, කටුබැද්ද පදිංචි මයිකල් ප්‍රනාන්දු දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳින අතර ඔහුට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා දන්වා ඇත. ඔහුට බී හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේනම් 0722435859 අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.