උතුරු නැඟෙනහිර බෞද්ධ පුදබිම් අංක - 1
වෙල්ගම්
වෙහෙර
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ
සිරිසමන් විජේතුංග
වෙල්ගම් වෙහෙරේ ඇති නටබුන් අතර විශාල චතුරශ්‍ර භූමියෙහි මහ බුදු පිළිම
ගෙයක්, දාගැබක් සහ බෝධිඝරයක (බෝ කොටුවක) නටබුන් පුරා විද්‍යා
කැණීම්වලදි හමුවී ඇත. මහ බුදු පිළිම ගෙය පසු කලෙකදි එනම් ක්‍රිස්තු
වර්ෂ එකොළොස් වන සියවසේදී පමණ දෙමළ බෞද්ධයින් විසින් හින්දු ගෘහ
නිර්මාණ ශීල්පීය ලක්ෂණ අනුව සකස් කර ඇත
මෙකල අප රටේ සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව අතර ඉතා සුහදශීලි වාතාවරණයක්
තිස් අවුරුදු මහා යුදබියෙන් පසුව උදාවී ඇති බව අමුතුවෙන් සඳහන් කළ යුතු
නොවේ. අප රටේ අතීතයේද විශේෂයෙන් සිංහල දෙමළ ජනතාව ඉතා සුහදශීලිව වාසය
කළ බවට සාක්ෂි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මකව අද මතුවෙමින් පවතී.
මේ පිළිබඳ විමසනවිට නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ
වෙල්ගම් වෙහෙර නමින් ප්‍රකට වූ පුදබිම සිංහල බෞද්ධයන්ගේ පමණක් නොව දෙමළ
බෞද්ධයින්ගේද ඉතා ප්‍රකට පුදබිමක් ලෙසින් පොළොන්නරු රාජධානි සමයේ සිට
පැවැති බවට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී තිබීම සැබැවින්ම
ඉතා වැදගත් වන්නේය.
මේ පුදබිම ත්‍රිකුණාමලය නගරයේ සිට කිලෝමීටර් 13 පමණ දුරින් වයඹ දිගින්
ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කට්ටකුලම් නමැති වැවේ බටහිර දෙස පිහිටා
ඇත.
මෙම ස්ථානයට පෙරියකුලම් යන නාමය භාවිතා කළත් 1929 දී එම ස්ථානයෙන්
ලැබුණු දෙමළ සෙල්ලිපියක “වෙල්ගම් වෙහෙර” යන සිංහල නාමයද දෙමළ
අක්ෂරවලින් ලියැවී ඇති හෙයින් මෙම පුදබිම පුරාණ වෙල්ගම් වෙහෙර වශයෙන්
හැඳින්වේ. (EPIGRAPHIS ZEYLANICA .vol p.67)
වෙල්ගම් වෙහෙර බෞද්ධ පුදබිිමෙන් දොළොස් වන සියවසට අයත් සෙල්ලිපි 8
(අටක) මෙම විහාරයේ නාමය වෙල්ගම් වෙහෙර යනුවෙන් සඳහන් වී ඇත.
වෙල්ගම් වෙහෙරේ ඇති නටබුන් අතර විශාල චතුරශ්‍ර භූමියෙහි මහ බුදු පිළිම
ගෙයක්, දාගැබක් සහ බෝධිඝරයක (බෝ කොටුවක) නටබුන් පුරා විද්‍යා
කැණීම්වලදි හමුවී ඇත. මහ බුදු පිළිම ගෙය පසු කලෙකදි එනම් ක්‍රිස්තු
වර්ෂ එකොළොස් වන සියවසේදී පමණ දෙමළ බෞද්ධයින් විසින් හින්දු ගෘහ
නිර්මාණ ශීල්පීය ලක්ෂණ අනුව සකස් කර ඇත. ක්‍රිස්තු වර්ෂ දස වන සියවසේදී
ලංකාවට එල්ල වු චෝල (සොළි) ආක්‍රමණ සමයේදී වෙල්ගම වෙහෙර අසල කඳවුරු බැඳ
සිටි දෙමළ යුද භටයින් විසින් වෙල්ගම් වෙහෙර පිළිසකර කර “රාජරාජ
පෙරුම්පල්ලි’ යැයි නම් කර ඇත. චෝලයින් විසින් රජරට බලය අල්ලා ගෙන පාලනය
කරන සමයේදී (ක්‍රි.ව. 10 වන සියවසේදී) වෙල්ගම් වෙහෙර නම් වු මෙම බෞද්ධ
පූජාභූමිය ප්‍රතිසංස්කරණය කරන ලදී. (මහා විජයබාහු රජතුමා – සිරිසමන්
විජේතුංග පි. 119-120 – 2012)
චෝලයින් විසින් ක්‍රි.ව. 993 සිට 1070 තෙක් රජරට අල්ලා ගෙන පාලනය කළ
කාලයේදී දෙමළ හමුදාවට අයත් හින්දූන් විසින් මෙම සිංහල බෞද්ධ විහාරය
විනාශ නොකර ආරක්ෂා කරගැනීම පමණක් නොව එහි නඩත්තුව සඳහා ගම්බිම් පූජා කළ
බවද ශිලාලේඛන සාක්ෂි අනුව හෙළිවී ඇති කරුණකි. එම පූජනීය පුදබිමෙහි ඇති
ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමටද ඔව්හු කටයුතු කර ඇත.
චෝලයින් විසින් ආරක්ෂා කරන ලද වෙල්ගම් වෙහෙර පුදබිමට පූජා කළ පූජාවන්
ගැන මෙහි හමුවන දෙමළ සෙල්ලිපිවල සඳහන්වීම ඉතා වැදගත් ලෙසින් සඳහන් කළ
යුතුව ඇත.
මෙහි විශේෂත්වය වන්නේ මෙම පුදබිමෙහි සිංහල නාමය වූ වෙල්ගම් වෙහෙර යන
නාමයද එසේම දෙමළ සෙල්ලිපිවල සඳහන් කර තිබීමය.
රාජේන්ද්‍ර නම් චෝල රජුගේ (දකුණූ ඉන්දියාවේ) පහළොස්වැන්නේ (15) දී
“මුට්චුඩිචෝල මණ්ඩලම් (ලංකාව) පරකේශී රටේ මානාවක්කුල ගමේ වැසි පාතන්
රචිත රාමන් විසින් වෙල්ගම් වෙහෙර නමැති රාජරාජ මහපල්ලියේ බුදුරජාණන්
වහන්සේට (බුදුපිළිමයට) පුදනු ලැබු එළදෙනුන් 35 යි. මීහරකුන් පහයි
(EPIGRAPHIA ZEYLANICA vol v p.91) මේ පුදබිම රැකගත්තේ
කුමක් නිසාද යන්න ඉතා පැහැදිලිය. චෝලයින් පොළොන්නරුව අල්ලා ගෙන පාලනය
කරන කාලයේදි මෙම පුදබිමෙහි යුද බලකොටුවක් තිබුණු නිසා ඔවුන් මේ පුදබිම
ආරක්ෂා කරගෙන පුද පූජා පවත්වා ඇත. ක්‍රිස්තු වර්ෂ දහවැනි (10) හා
එකොළොස් වැනි (11) සියවස්වලදී දකුණු ඉන්දියාවේ බුද්ධාගම ඉතාම දියුණු
තත්ත්වයක පැවති බව බුද්ධප්පිය කාශ්‍යප හා ආනන්ද ආදි විද්වත් භික්ෂූන්
වහන්සේලා සොළී රටෙහි ප්‍රසිද්ධියට පත්ව සිටි ආකාරයෙන් පෙන්නුම් කරයි.
ඉහතින් සඳහන් කරන ලද භික්ෂූන් වහන්සේලාගේ අනුගාමික බෞද්ධයින් ලෙසින්
දෙමළ බෞද්ධ පිරිසක් එහි විසූහ. ලංකාව ආක්‍රමණය කිරීම සඳහා මෙහි පැමිණී
යුද භට පිරිස අතරේ බෞද්ධ දෙමළ ජනයාද විසුවේ යැයි ද ඒ නිසා වෙල්ගම්
වෙහෙර අසළ පිහිටි යුද කඳවුරේ සෑහෙන බෞද්ධ දෙමළ පිරිසක්ද යුද භටයින්
අතරේ සිටියේ යැයි සිතීමට කිසිදු බාධාවක් නැත.
මහාවංසයේ දෙවැනි කොට මෙහි අප රටේ බෞද්ධ වෙහෙර විහාර ඉතා දරුණු ලෙසින්
චෝල හමුදාව විසින් විනාශ කරන ලද බව විස්තර සඳහන් වෙයි. එහෙත් වෙල්ගම්
වෙහෙර පුදබිම ඔවුන් විසින් සුරක්ෂිත කොට පුද පූජා පැවැත්වු බව ඉතා
පැහැදිලි කරුණකි.
වෙල්ගම් වෙහෙරෙන් හමුවන දෙමළ ශිලා ලේඛන
ලංකාවේ චෝල බලය සම්පූර්ණයෙන්ම විනාශ කර විජයග්‍රහණය කළ මහවිජයබාහු
රජතුමා (ක්‍රි.ව. 1055-1110) වෙල්ගම් වෙහෙර පුදබිමෙන් නැවතත් සිංහල
ශිලා ලේඛන හමුවන්නේය. රට චෝල පාලනයෙන් නිදහස් කරගත් මහ විජයබාහු රජු
ලංකාවේ නටබුන්ව පැවැති විහාර ආරාම ප්‍රතිසංස්කරණය කළ බව මහාවංසයේ
දෙවැනි කෙටසේ සඳහන් වේ. (මහාවංසය දෙවැනි කොටස 58 වන පරිච්ඡේදය ගාථා
62-63 )
වෙල්ගම් වෙහෙරද ප්‍රතිසංස්කරණය කරන ලද බව එහි සඳහන් වේ.
වෙල්ගම් වෙහෙරේ මහ පිළිම ගෙයි බිත්තිවල පාදමට (අත්තිවාරම ) යෙදූ කළු
ගල් පෙළෙහි ඇතුල්පැත්තේ බිත්තියෙන් පිටතට පෙනෙන ලෙසට අඟල් දෙකක් පමණ වන
තීරයෙහි සිරිසඟබෝ විජයබාහු රජුගේ නම පොළොන්නරු සමයේ අක්ෂරවලින් ලියා
ඇත. අනුරාධපුරයේ විහාර ආරාම ප්‍රතිසංස්කරණයට යෙදු ප්‍රමුඛතාවය නැඟෙනහිර
මෙම පුදබිම ප්‍රතිසංස්කරණයටද ලබාදී ඇත.
මහවිජයබාහු රජුගේ කාලයේදී අලගිය රාජහෙට්ටි නම් වෙළෙඳ නායකයෙකු වෙල්ගම
මහ බුදුපිළිමයට දොළොස් මහේ පහනක් පුදා එහි පැවැත්මට කළ පූජාවක් ගැන
සඳහන් සෙල් ලිපියක්ද හමුවී ඇත. |