UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්මාභිමානී ආගමික වැඩසටහන

සම්මාභිමානී ආගමික වැඩසටහන

දැහැමි ගතිගුණවලින් සපිරි මිනිස් පරපුරක් බිහිකිරීමේ අරමුණින් රට පුරා දැවැන්ත ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට රජය තීරණය කර ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදස් මත උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් මෙහෙයවන එම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි. පසුගිය වසර 50 ක කාලයක් පුරා මේ රටේ ජනතාව අතර ජාති, ආගම්, පාට, පටුභේදවලින් ඔවුන්ගේ මනස කිලිටි වී පැවැතුණි. විවිධ අවස්ථාවල විවිධ ගැටුම්, අපරාධ ඇතිවීමට එම මානසික තත්ත්වයන් හේතුවෙයි. ඒ මානසික තත්ත්වය වෙනස් කර මිනිස් සිත සන්සුන් කර ඔවුන්ගේ ජීවිතය එක්තරා දැහැමි චරිතයක් බවට පත්කර ඉදිරි අනාගතය යහපත් කරවීමේ මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙයි. යුද්ධය පසු මේ රට තුළ දැවැන්ත සංවර්ධනයක් සිදුවෙමින් පවතී. රටේ එම සැළසුම්වලට අනුව ජනතාවට ඉදිරියේදී අගහිඟකම්වලින් තොර ජීවිතයක් ගොඩනගාගත හැකි තත්ත්වයක් තිබේ. ඒ අතර ඔවුන්ගේ ජීවිතය යහපත් එකක් බවට පත්වන විට රට තුළ සිදුවෙන විවිධ අපරාධ, දූෂණ, වංචා, හිරිහැර, අඬදබර ඇතුළු දෑ තුරන් වෙයි. රටේ විවිධ අංශවලින් රට සංවර්ධනය කරා යද්දි රටේ ජනතාවගේ අධ්‍යාත්මික ජීවිතයද දැහැමි විය යුතු වෙයි. රටේ ජනතාව එවැනි යහපත් ගුණ ධර්ම වලින් පෝෂණය වීම වූ කලි රටේ දියුණුවේ තවත් වැදගත් අංශයක් වෙයි.

මේ වැඩසටහන සාර්ථකව සිදු කිරීමේ වගකීම ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාව වෙත බාරවී ඇත. උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුකෙරෙන සියලු වැඩසටහන් සඳහා රටේ ප්‍රසිද්ධ ස්වාමින්වහන්සේලා රැසකගේ දායකත්වය ලැබෙයි. මේ මස 14 වැනිදා හම්බන්තොට නගරය 17,18,19 බදුල්ල නගරය, 21,22,23 අම්පාර නගරයේ මෙම වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. බන්ධනාගාර පුනරුත්ථාපන කඳවුර ආදියේ සිටිනා පිරිස්වලට එම ස්ථාන වෙත ගොස් ධර්ම දේශනා පවත්වයි. ඊට අමතරව රාජකාරි ආයතන, ඇගලුම් කම්හල් ,ආදියේද පැවැත්වේ. විවෘත ස්ථානවල පැවැත්වෙන සම්මාභිමානී වැඩසටහන් සඳහා අඩුම වශයෙන් පුද්ගලයන් දෙදහසක් වත් සහභාගි වනු ඇතැයි විශ්වාස කෙරේ. එහිදී පුද්ගලයන්ට ඇති ගැටලු ආදිය ඉදිරිපත් කර විසඳුම් ලබාගැනීම ආදියද සිදුකළ හැකිවෙයි. තවද මෙම වැඩසටහන් පැවැත්වෙන ප්‍රදේශයන්හි ජනතාවගේ ගමන් පහසුව සඳහා ගමනාගමන පහසුකම් ආදියද සපයා තිබේ. මේ සඳහා අනුග්‍රහය දැක්වීමට කැමති දානපති අනුග්‍රාහකයන් වෙතොත් ඔවුන්ටද ඒ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව සලසා ඇත.

 

 

 

ඉල් මස අව අටවක පෝය

 ඉල් මස අව අටවක පෝය නොවැම්බර් මස 14 වැනිදා සිකුරාදා පූර්වභාග 07.32 ට ලබයි. 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වැනිදා සිකුරාදායි.

මීළඟ පෝය නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදා ය
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]