UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් අමාවක 23.10. 2014

දුටුවන් පහදන ලෙස පින්කම් කරමු

වස්සාන සමයෙහි චීවර මාසය උදා වූ දා සිට වස් වසා වැඩ සිටින ස්වාමීන් වහන්සේලා උදෙසා කඨින චීවර පූජාව සිදු කැරේ. මෙවර චීවර මාසය තුළදීද එම උදාර පින්කම සෑම වෙහෙර විහාරස්ථානයකම සිදුවෙමින් පවතී.

කඨින චීවර පූජාව නිමිත්තෙන් විවිධ ප්‍රදේශවල විවිධ ආකාරයේ පින්කම් පැවැත්වේ. දායක පිරිසෙහි ශක්ති ප්‍රමාණයන්ට මෙන්ම ශ්‍රද්ධාවටද අනුව එම පින්කම් සිදු කෙරේ. වාර්ෂික සුවිශේෂි පින්කම් සිදු කෙරෙන වෙහෙර විහාරස්ථානවලද කඨින චීවර පූජාව සුවිශේෂී පින්කමක් ලෙස පැවැත්වේ.

කවර කටයුත්තකදී වුවද එය මනා ලෙස සිදු කිරීමට එක් අයකු හෝ පිරිසක් ඒ සඳහා ප්‍රමුඛත්වය ගත යුතුවේ. ඒ නිසාම සතර පේරුවේ දායක පිරිස නියෝජනය කරමින් ඒ සියලු දෙනාගේම සහාය ලබා ගනිමින් එක් දායක පවුලක් හෝ දායක පිරිසක් කඨින පින්කමේද ප්‍රධාන සංවිධායකත්වය,අනුග්‍රහය දරමින් කටයුතු කරනු ලැබේ. එසේ ප්‍රධානත්වය දරන පුද්ගලයා හෝ පිරිස සියලු දායක පිරිස වෙනුවෙන් සියලු අඩු පාඩු සොයා බලමින් විවිධ පින්කම් සංවිධානය කරති. ඇතැම් විට පසුගිය වසරට වඩා උත්කර්ෂවත් ලෙස එම පින්කම සිදු කිරීමටද කටයුතු කරනු දක්නට ලැබේ. පින්කමක් සිදු කිරීමේදී දකින, බලන කවරකුට වුවද ඒ සඳහා ප්‍රසාදයක් ඇතිවන අයුරෙන් එම පින්කම සිදු කිරීම වඩාත් උචිතය. පින්කම්වලට සහභාගිවන පිරිස අතර ඇතැමෙක් තමන් ඒ සඳහා කිසිදු අනුග්‍රහයක් නොදැක්වුවද මේ මේ ආකාරයෙන් එම පින්කම සිදු කළ යුතු යැයි විවිධ යෝජනා සිදු කරන අවස්ථා බහුලය. ඇතැම් විට පින්කමක ප්‍රධාන දායකත්වය දරන්නාට විවිධ යෝජනා ඉදිරිපත් කිරීමෙන් එය මූලිකත්වය ගෙන කටයුතු කරන තැනැත්තාට පින්කම් එපාවන අයුරෙන් ඇතැම් ගිිහි සංවිධායකවරුන් උපදෙස් දෙනු ලැබේ.

සැබැවින්ම පින්කම පින්කමක් ලෙස සිදු කිරීමට ශ්‍රද්ධාවත්, ඕනෑකමත්, බුද්ධියත් අත්‍යාවශ්‍යය.

එවැනි සැදැහැතියකු වෙත ගිහි සංවිධායකවරුන් කවර උපදෙස් දුන්නද පින්කම පින්කමක් ලෙස සිදු කිරීමට කල්පනා කරති. පින්කමකට අවශ්‍ය දෑ මෙන්ම අනවශ්‍ය දෑ ද යෝජනා කරමින් පින්කමෙහි නිරත සැදැහැවතා අපහසුතාවයට පත් නොකළ යුතුය. එමෙන්ම ශක්ති පමණින් ශ්‍රද්ධාවෙන් කරන පින්කමට ඒ අවශ්‍ය ආකාරයට ඉටු කිරීමට සහාය දීම අගය කළ යුත්තකි.

එසේ නොමැතිව පින්කම් පමණක් නොව පන්සලත් ගෞරවණීය ස්වාමීන් වහන්සේ කෙරෙහිත් අප්‍රසාදයක් කලකිරීමක් ඇතිවන අයුරෙන් පින්කම් සඳහා අඩු වැඩි කිරීම් ආදි සීමාවන් තැබීම මග පෙන්වන ගිහි සමාජය නොකළ යුත්තකි.

පින්කම් සිදු කිරීමේදී ගෞරවණීය ස්වාමීන් වහන්සේ ගේ අනුශාසනා අනුව එය සිදු කිරීමට සැදැහැතියන් කටයුතු කළ යුත්තේ ඉහතින් සඳහන් කළ පරිදි පින්කම් කරන බොහෝ දෙනා එමඟින් විවිධ අපහසුතාවයනට සිත් කලකිරවීමට පත් කරවන හෙයිනි. වෙසෙසින් පින්කමක නිරත සැදැහැති තැනැත්තා මා මෙවන් පින්කමක් සිදු කෙළේ යැයි එය සිහිවන මොහොතක් පාසා ප්‍රසාදයට පත්වේ.

එසේ උදාකරගන්නාවූ පහන් සිත භව ගමන පුරා බොහෝ සැප විපාකද උදාකර ගැනීමට හේතු වනු ඇත.

පින්කමක් සිදු කර ඒ පිළිබඳ මෙනෙහි කරමින් සතුටුවීම සැදැහැති තැනැත්තා තුළ පින්දහම් වර්ධනයට හේතුවේ. අප අතර වෙසෙන ඇතැමෙක් තමා කිසිදු පින්කමකට සහායක් වත් නොදැක්වුවද වෙනත් කෙනෙකු කළ යහපත් ක්‍රියාවක් දැක එය විවිධ විවේචනයට ලක් කිරීම සමාජයේ සාමාන්‍ය ස්වභාවයයි. ඇතැමෙකුගේ බුද්ධියට අනුව එවන් අඩුපාඩු සිදු වුවද ඒවා තම පින්කම පිළිබඳ සිතට නොගත යුතුය. කිසිදු පදනමක් නොමැති විවේචනවලට පිළිතුරු නොදී ඊට වටිනාකමක් ලබා නොදිය යුතුය. පින්කමක් තනිවම කිරීමට තබා සාමුහිකව කරන පින්කමකටවත් දායක නොවී එවැන්නක් දැක බලා සතුටුවීමටවත් පිනක් නොමැති අඥාන තැනැත්තන් සසර පුරා දුකට මිස සැපතට පත් නොවනු ඇත. එබැවින් එබදු අය කෙරෙහි පවා සානුකම්පිතව සිතා බලා පින්කම්හි නිරතවීම බුද්ධිමතාගේ ලක්ෂණයකි.

උදාවූ චීවර මාසය තුළ මතු සැප අපේක්ෂාවෙන් තොරව පරිත්‍යාගයෙන් මසුරු ගතිය දුරුවෙතැයි ද සසර කෙලවර නිවන් සුවයම අපේක්ෂාවෙන් පින්දහම්හි නිරතවීමට කල්පනා කළ යුතුය. පෞරාණික චාරිත්‍රද නිසි ලෙස ඉටු කරමින් දුටුවන් පහදන අයුරෙන් පින්කම්හි නිරතවීමේ ආදර්ශය ලබාදීමට උත්සාහ කළ යුතුය.

 

 

  වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් මස 23 වැනිදා පූර්වභාග 02.35 ට ලබයි. 24 වැනිදා සිකුරාදා පූර්වභාග 03.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 31 වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]