බොදු පුවත් (ඡායාරූප)
බොදු පුවත් (ඡායාරූප)
![](z_p15-ananda.jpg) |
කොළඹ ආනන්ද විද්‍යාලීය බෞද්ධ සංගමය
සංවිධානය කරනු ලැබූ කර්නල් හෙන්රී ස්ටිල් ඕල්කට්තුමා
අනුස්මරණ විවාද තරගාවලිය පසුගියදා ආනන්ද විද්‍යාලයේදී
පැවැත්විණි. එහිදී ශූරතාවය දිනාගත් විශාකා විද්‍යාලීය
කණ්ඩායම සහ අනුශූරතාවය දිනාගත් අශෝක විද්‍යාලීය කණ්ඩායම
සමඟ ප්‍රධාන අමුත්තා සෙන්පති සුදත් මඩුගල්ලේ, විදුහල්පති
කිත්සිරි ලියනගමගේ සහ බෞද්ධ සංගමයේ සභාපති රජිත
වික්‍රමනායක සිසුවාද මෙහි වේ. |
|
|
|
වප් අව අටවක පෝය
වප් අව අටවක පෝය ඔක්තෝබර් 15 වැනිදා
බදාදා පූර්වභාග 11.49 ට ලබයි. 16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.49
දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.
මී ළඟ පෝය ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|