මේ වසරේදී (2014) සැප්තැම්බර් මස 17වෙනිදාට යෙදෙන ශ්‍රීමත් අනගාරික
ධර්මපාලතුමාගේ 150වැනි ජන්ම දිනය නිමිත්තෙන් පළ වන විශේෂ ලිපි පෙළකි.
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා
මෙම ලිපියේ මුල් කොටස ජූලි 26
ඇසළ අමාවක පෝදා පත්‍රයේ පලවිය
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ
සිරිසමන් විජේතුංග
තමාගේ මුළුමහත් ජීවිත කාලය බුද්ධ ශාසනයේ දියුණුව සඳහා ඇප කැප කොට
ක්‍රියා කරන්නටඅවශ්‍ය වූ අඩිතාලම දමා ගැනීමට
බ්ලැවට්ස්කි මාතාව සමඟ ඉන්දියාවට
යෑමට තරුණ හේවාවිතරණ තරුණයා
සිය පියාගෙන් අවසර පැතීය.
නමුත් පවුලේ දෙටු පුත්
එසේ යෑම පියා කොහොමටවත් අනුමත කළේ නැත. පුතා නැවත නැවතත් කන්නලව් කළේය.
පියාද නැවත නැවතත් ඉල්ලීීම ප්‍රතික්‍ෂේප කළේය.
අප රටේ ලියැවෙන ඉතිහාසය පිළිබඳ පොතේ ද ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා
ගැන ඉතා දීර්ඝ පරිච්ඡේදයක් වෙන් කළ යුතුව ඇත. පූජ්‍ය ගනේගම සරණංකර
නාහිමියන්, ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ, ඩේවිඩ් කරුණාරත්න
,කේ.බී. සුගතදාස, පාලිත වීරමන් හා ලක්‍ෂ්මන් ජයවර්ධන වැනි ගිහි පැවිදි
විද්වතුන් විසින් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා පිළිබඳ ග්‍රන්ථ රැසක් ම
ලියා ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. “ධර්මපාල ලිපි” නමින් 1991
වර්ෂයේදී “අනගාරික ධර්මපාලතුමා සිංහල ලිපි සංග්‍රහයක්ද” “ධර්මපාල
ප්‍රතිරාවය” නමින් ග්‍රන්ථයක් (1991) ආචාර්ය ආනන්ද ගුරුගේ විද්වතාණන්
විසින් සම්පාදනය කර ඇත. මීට අමතරව අනගාරික ධර්මපාලතුමාගේ ලිපි ඇතුළත්
ඉංගී‍්‍රසි ග්‍රන්ථ ද පළ කර ඇත.
සිදුහත් කුමරු උපන් ලිම්බිණියේ මායාදේවි විහාරය (සිදුහත් කුමරු උපන්
ලුමිබ්ණියේ මායාදේවි විහාරයේ පුරාවිද්‍යා කැණීම ආශ්‍රීත ඓතිහාසික හා
පුරා විද්‍යාත්මක ගවේෂණයකි. සිරිසමන් විජේතුංග පි. 113- 115 (2014)
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාට දෙමාපියන් තැබූ නාමය වූයේ ඩේවිඩ්
හේවාවිතාරණ යන නාමයයි. එය ඉවත දැමු එතුමා ධර්මපාල යන නාමය භාවිතයට
ගත්තේය. බුද්ධගයාව පිළිබඳ සෝචනීය තත්ත්වය එතුමාට දැනගැනීමට ලැබුණේ
ඉංගී‍්‍රසි බසින් ලියැවුණූ සඟරාවකිනි. ඉංගී‍්‍රසි සිංහල පාලි සහ
ක්‍රිස්තු ධර්මය ගැනද නිසි අවබෝධයක් තිබුණු එතුමාට බුද්ධගයාව ගැන
දැනගත් ආකාරය මෙසේ සටහන් වී ඇත.
“ආසියාවේ ආලෝකය” (Light of Asia) ග්‍රන්ථය ලියූ කතුවරයා වූ ශ්‍රීමත්
එඩ්වින් ආනල්ඩ් විද්වතා The Telegraph නම් ලන්ඩනයේ ප්‍රකාශනයක
කතුවරයාවූ නිසා ඔහු විසින් බුද්ධගයාව සහ ඒ අවට සිදු වී තිබුණු විනාශය
ගැන අවධානය යොමු කරමින් ලිපි රැසක්ම පළ කරන ලදී.මෙම ලිපි දුටු ශ්‍රීමත්
අනගාරික ධර්මපාලතුමාගේ සිත ඉමහත් කම්පනයකට පත් වූයේය. බුදු සමය උපත ලද
භාරත දේශයෙහි නැවතත් බුදුසමය නංවාලීමට අධිෂ්ඨාන කළ එතුමා 1891 ජනවාරි
මස බුද්ධගයාවට ගියේය.
බුද්ධගයාවට සිදුවී ඇති විනාශය සියැසින් ම දැක ආපසු කොළඹට පැමිණි
අනගාරික ධර්මපාලතුමා විසින් 1891 මැයි මස මහා බෝධි සමාගම පිහිටුවන ලදී.
එහිදී අපේක්‍ෂිත කරුණු දෙකක් වූයේය.
1.බෞද්ධ රටවල් නියෝජනය වන අයුරින් භික්‍ෂූන් වහන්සේලා ගෙන් යුක්ත
මණ්ඩලයක් බුද්ධගයාවේ පිහිටුවීම
2.බෞද්ධ සාහිත්‍ය පිළිබඳ ඉංගී‍්‍රසි සහ ඉන්දියානු භාෂාවලින් ප්‍රකාශන
පළ කිරීම.
(2500 Years of Buddhism –prof P.V.Bapath
India P.473 (1956)
අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතය පිළිබඳ ඉතා වැදගත් සිදුවීමක් පිළිබඳ ලියා
ඇත්තේ ඉතා ප්‍රකට ග්‍රන්ථ කර්තෘවරයෙක් මෙන්ම අනගාරික ධර්මපාලතුමා ගැන
ග්‍රන්ථ ලියා ඇති ඩේවිඩ් කරුණාරත්න මහතා විසිනි.
වර්ෂ 1884 අවසානයෙදී මදුරාසියේ පැවති සමස්ත ඉන්දියානු පරම විඥානාර්ථ
සමාගමයේ සංවත්සර උත්සවයට සහභාගි වූ බෙලවට්ස්කි මැතිණියත් සමඟ ස්වකීය
ඉන්දියා ගමනෙහි යෙදෙන්නට ඔහුට අවස්ථාව සැලසුණි. එම චාරිකාවෙනුත් එහිදී
අසන්න දකින්නට ලැබුණු නොයෙකුත් තොරතුරුවලින් අප තරුණයා (ධර්මපාලතුමා)
යොමු වූයේය. ඉන්දියාවේ සිට පෙරළා පැමිණීමෙන් පසු වර්ෂ 1885 දී
බ්‍රාහ්මචාරි වී ලෝකාර්ථ චරියාවේ යෙදෙන්නට ඔහු සිය පියාගෙන් අවසර
පැතුවේ එහෙයිනි.
තමාගේ මුළුමහත් ජීවිත කාලය බුද්ධ ශාසනයේ දියුණුව සඳහා ඇප කැප කොට
ක්‍රියා කරන්නට අවශ්‍ය වූ අඩිතාලම දමා ගැනීමට බ්ලැවට්ස්කි මාතාව සමඟ
ඉන්දියාවට යෑමට තරුණ හේවාවිතරණ තරුණයා සිය පියාගෙන් අවසර පැතීය. නමුත්
පවුලේ දෙටු පුත් එසේ යෑම පියා කොහොමටවත් අනුමත කළේ නැත. පුතා නැවත
නැවතත් කන්නලව් කළේය. පියාද නැවත නැවතත් ඉල්ලීීම ප්‍රතික්‍ෂේප කළේය.
පිය පුතු දෙදෙනාගේ මේ කතා බහ සිදුවන විට අසල කුටියක සිට එයට සවන් දුන්
බ්ලැවස්ට්ස්කි මැතිනිය මේ වාදය මැදට පැන මෙතරම් ඕනෑකමින් ඉල්ලා සිටින
මේ ඉල්ලීමට ඉඩ නොලැබුණහොත් තරුණයා ශෝකයෙන් සංකාවෙන් රෝගීවීමට ද වුවත්
බැරි නැතැයි පැවසීමෙන් එතෙක් මෙතෙක් කොහෙත්ම ලබාගන්නට බැරි වූ අවසරය
පියාගෙන් ලැබුණේය. (අනගාරික ධර්මපාලතුමා -ඩේවිඩ් කරුණාරත්න ප. 49
ප්‍රථම මුද්‍රණය – 1949)
අනගාරික ධර්මපාලතුමාගේ ධර්මදූත සේවයටත් ලංකාවේ බෞද්ධ කටයුතු සඳහා
ස්වාධීන ප්‍රචාරයටත් මහෝපකාරිවු “ සිංහල බෞද්ධයා” පත්‍රය පසුව රටේ මහජන
මතය නංවාලීමේ අසහාය මාධ්‍යය බවට පත් වූයේය. පත්‍රය ඇරඹීමේ අරමුණ
දක්වමින් එසමයේ ධර්මපාලතුමා ප්‍රකාශ කර සිටියේ මෙසේය.
සුද්දන්ට දාසකම් කොට නිදහසේ මග පෙන්වීමට “සිංහල බෞද්ධයා” පත්‍රය පටන්
ගනිමි.අප රටේ ජාතික ප්‍රවෘත්ති පත්‍රයක් නැත. මහජනතාවගේ අදහස් කියන්නට
පත්‍රයක් නැත. ජාතිය දියුණූු කිරීමට හෝ බුද්ධ ශාසනය රැක ගැනීමට
පත්‍රයක් නැත. සිංහලයිනි නැගිටිව් බුද්ධගයාව බේරාගනිව්.
තම අනුගාමික වලිසිංහ හරිශ්චන්ද්‍ර,පියදාස සිරිසේන යන තරුණ මහත්වරුන්
පත්‍රයේ සංස්කරණයට යොදවා ඔවුන්ට අවකාශ නැති වූ විට තමන්ම කතුවැකි ලියා
වර්ණ සංයෝජනය (අකුරු ඇමිණීම) ඌණතාවලදී තමන්ම අකුරු අමුණා සේවකයෙකු නැති
විට මුද්‍රණ යන්ත්‍රය තමන්ම කරකවා සිංහල බෞද්ධයා පත්‍රය ආරම්භක සමයේ
ධර්මපාලතුමන් නිකුත් කළේ නොපසුබස්නා අධිෂ්ඨානයක් පුරුෂ ධෛර්යයක් ඇතොත්
කළ නොහැකි සත් කෘත්‍යයක් නැති බවට ආදර්ශයක් සපයමිනි.
අනුක්‍රමයෙන් අභිවෘද්ධියටත් ජනපි‍්‍රයත්වයටත් පත්වුණු මේ පුවත්පත
පණ්ඩිත තෝමස් කරුණාරත්න යූ.ජී. ඒකනායක ,ඩබ්ලිව්. ඩබ්ලිව්. කරුණාරත්න
ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි ,ජූලියස් ලැනරෝල්, අයි.ඇම්.ආර්.ඒ
.ඊරියගොල්ල, හේමපාල මුනිදාස සහ ඩේවිඩ් කරුණාරත්න යන වියත් ලේඛකයන්ගේ
කර්තෘත්වයෙන් රටටත්, දැයටත් සසුනටත් සැලසූ සේවය විසි වැනි සියවසින්
අඩසිය වසරක් පිළිබඳ ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් සටහන් විය යුතුය.
(අනගාරික ධර්මපාල අපදානය - කේ.බී. සුගතදාස පිටු 92- 93 අනගාරික ධර්මපාල
භාරකාර මණ්ඩලය – 1986)
හතළිස්හත් (47) වසරක් පුරා එතුමා බොහෝ ජාතික හා බෞද්ධ කටයුතුවල පෙරමුණ
ගෙන සිටියේය. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා කථා පැවැත්වූ රැස්වීම් දහස්
ගණනකි. දහස් ගණනක් ලියුම් ලියු එතුමා ලොවේ නොයෙක් රටවල පුවත් පත් හා
සඟරා ආදියට සැපයු ලිපිලේඛන ද දහස් ගණනෙකි. එහෙත් මේ පිළිබඳව අපට ඇත්තේ
කවර වාර්තා ද අනාගතය සඳහා රැක තැබිය හැකි වන කවර තොරතුරුක් අපට සොයා ගත
හැකිද? මේ පිළිබඳ විමසා බලන විට එතුමා පිළිබඳ අප රටේ බෞද්ධ ජනතාවට
පමණක් නොව අනෙකුත් ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් ද දැනගත යුතු කරුණු
බොහෝය.මේ එළඹෙන සැප්තැම්බර් මස 17වැනිදාට එතුමාගේ 150වැනි ජන්ම දිනය
නිමිත්තෙන් ඒ මහා වීර පුරුෂයාණන් ගැන අවබෝධයක් ලබාගැනීම අප හැමගේම
වගකීම හා යුතුකම ද වන්නේය. |