බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 පානදුර අලුබෝමුල්ල ග්‍රාමෝදය මාවත 
						සුබසාධක සමිතිය (ප්‍රජා සංවර්ධන පදනම) විසින් සම්බුද්ධ 
						ශාසනයේ චිරස්ථිතිය උදෙසා ග්‍රාමෝදය මාවත පොදු ක්‍රීඩාංගණයේ 
						ස්ථාපනය කරන ලද බුදු පිළිම වහන්සේ තැන්පත් කරන ලද බුදු 
						මැදුර විවෘත කිරීම, ශ්‍රී මෙත්තාරාම විහාරාධිපති කපුගම්පොත 
						රාහුල නාහිමිගේ අනුශාසකත්වයෙන්ද, බණ්ඩාරගම ප්‍රාදේශීය සභා 
						සභාපති මනෝජ් සංජය හෙට්ටිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ද, 
						පළාත් සභා මන්ත්‍රී අරුණ දීපාල් මහතා ඇතුළු සම්භාවනීය 
						අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ද, වෙසක් පසළොස්වක පෝය දින විවෘත 
						විය.  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 බොරලැස්ගමුව වාපිකාරාම වාසී සාමණේර 
						හිමිවරු හය නමක් මහනුවර මල්වතු මහා විහාරයේදී උපසම්පදා 
						ශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් උන්වහන්සේලා 
						පෙරහරකින් වැඩමවා පිළිගැනීමේ උත්සවයක් පැවැත්වූහ. පිටවෙල 
						සෝභිත, අරඹේපොල රතනසාර, සඳමඬුල්ලේ සුමනසාර, ඇකිරියේ 
						සුධම්මානන්ද පුවක්මොටේ ධම්මානන්ද, පොන්හිලව පඤ්ඤානන්ද 
						හිමිවරු වැඩම කළ අවස්ථාව. 
						මහරගම සමූහ -ටී. ඩී. සිරිසේන  | 
					 
					 
			  | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
	
		| 
		 පොසොන් පුර අටවක පෝය 
		පොසොන් පුර අටවක පෝය ජුනි මස 05 වැනිදා 
		අපරභාග 01.06 ට ලබයි.06 වැනිදා සිකුරාදා අපරභාග 03.02 දක්වා පෝය පවතී.සිල් 
		සමාදන් වීම ජුනි මස 05 වැනිදා බ්‍රහස්පතින්දා ය. 
		මීළඟ පෝය  
		ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |