ධර්මය දකින්නා
බුදුන් වහන්සේ දකියි
කැලණිය විශ්ව විද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුමනපාල ගල්මංගොඩ
ධර්මය දකින්නා බුදුපියාණන් වහන්සේ දකියි. ලස්සන දකිමින්, ආශ්වාදය
ලැබීමෙන් බුදුන් දැකිය නොහැකි වන්නාසේම , බුදුන් දැකීමට නම්,ජාති, ජරා
,ව්‍යාධි, මරණ දැකිය යුතුමයි.ජාති, ජරා , ව්‍යාධි , මරණ යන සංකල්ප
පිළිබිඹු වන කාරණා අගය කළ යුතුය. දන්දීම අගය කළ යුතු කරුණකිි. වෙසක්
සතිය තුළ දන්දීම දන්දීමේදී කිසිවකුටවත් හිරිහැරයක් නොවිය යුතු වුවද,
දන්සැල් දීම කරනු ලබන්නේම ප්‍රධාන මාර්ග අයිනේ වීම නිසාම මගීන්ගේ
ගමනාගමනයට එමගින් බාධා පැමිණීමෙන් වැළකිය යුතුය. වෙසක් සතිය තුළ මහා
මාර්ගය පරිහරණය කරනු ලබන්නේ බෞද්ධයන් පමණක් නොවේ. ගර්භණී මාතාවක් රෝහල්
ගත වන අවස්ථාවේ දන්සල නිසා පෝළිමට හසුවුවහොත් දැඩි අපහසුතාවයකට පත්විය
හැකිය.
හන්දි තුළ තොරණ දර්ශනය කිරීමෙන් විශාල ජනකායක් ඒ ප්‍රදේශයට එක් රැස්
වීමෙන් ඇතිවන තදබදය නිසාම මිනිසුන්ට හිරිහැරයක් හා බාධාවක් පැමිණිය
හැකිය. මිනිසුන්ට හිරිහැරයක් කරදරයක් වන ආකාරයෙන් හැසිරීම බෞද්ධ ක්‍රමය
නොවේ. සෑම මොහොතකම කරුණාවෙන්, මෛත්‍රියෙන් කටයුතු කළ යුතුය. ඉතාම
තැන්පත්ව ජාති, ජරා, මරණ , ව්‍යාධි මෙනෙහි කළ යුතුය.
දේවදුතෝ ක්ලේසෝච
අභිසංඛාර මේවච
කන්ධමාරෝ මච්චු මාරෝ
මාර පංච කතාසිකං
දේවපුත්ත මාර ලොව ක්ලේශ මාර ලෙසද, අභිසංඛාර මාර ලෙසද, කන්ධමාර ලෙසද
මච්චුමාර ලෙසද, යන සංකල්ප පහ තුළින් “මරණ” යන සංකල්පය ඉදිරිපත් කර ඇත.
“මරණය” කියා සංකල්පය පැහැදිළි කිරීම සඳහා සියලු දෙනාටම එකම ක්‍රමයක්
නොගැළපෙයි .සංකේත රූප ලෙසද ,සංකල්පයන් ලෙසද ඉදිරිපත් කළ හැකිය.
මෙම “මරණය” යන පණිවුඩය දේවපුත්‍රයකු ලෙසද රැගෙන එනවා විය හැකිය.
ක්ලේශ මාර තුළින් කෙලෙස්ද, මාරයකු ලෙස සලකනු ලබයි.ලෝභ ,දෝෂ,මෝහ යන
ක්ලේශයන් මුල්කරගත් ආශාවන් තුළ ඇලී ගැටී සිටීමෙන් මරණය සිදුවෙයි. එය
තවත් උපතකට සේම මරණයකට ද හේතුවක් වනු ඇත. කෙලෙස් තුළින් මරණ වැඩ කරනු
ලබයි. කෙලෙස් නිසා මේ භවය තුළ මරණයට පත් වුණත් ඊළඟ භවයේ උපත ලබයි.
කෙලෙස් නැති කිරීමෙන් නැවත මරණයක් නැති නිසාම නැවත උපතක්ද නැත. කෙලෙස්
නිසා සංසාරයේ නැවතද නැවතද මරණයට පත්වෙයි.
අභිසංඛාර යනු කුසල් අකුසල්ය. අප අකුසල් රැස් කළහොත් අයහපත් ස්ථානවල
උත්පත්තිය ලබන අතරම කුසල් රැස් කිරීමෙන් යහපත් ස්ථානවල උප්පත්තිය ලැබිය
හැකිය.
කිසිවකු හටත් නැති
මුනිඳුට සමව තෙක් ඇති
ලොව හැම තැන ඇති
වාසනා ගුණ කිසිවකු නැති
කිසිදු පුද්ගලයකුට නැති ඤාණ හයක් බුදුපියාණන් වහන්සේට ඇත. සියලු කර්ම
ශක්තීන් නැති කර ඇති බැවින් සියලු දෙනාට වාසනා ගුණය ඇතත් බුදුපියාණන්
වහන්සේට එම ගුණයද පින්ද, පවුද නැත. කුසල් අකුසල් දෙකෙන්ම සංසාරය
දික්කරනු ලබයි. සසර දිග් කරනවා යනු ජාති,ජරා, ව්‍යාධි, මරණ වර්ධනය
කරමින් මරණය වැඩි කිරීමයි.
කණ්ඩමාර යනු රූප,වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයයි. මෙම
පංචස්කන්ධය අප උපාදානය කරගෙන තිබීම නිසා සසර උප්පත්තිය ලබයි. රූපය මගේ,
වින්දන මගේ, සංඥා මගේ, සංස්කාර මගේ, විඤ්ඤාණ මගේ කරගෙන ආත්ම සංකල්පයක්
ගොඩ නගා ගනියි. ‘ පංචස්කන්ධ සංකල්පය’ මුල්කරගෙන ‘මම’ යන සංකල්පය ඇති කර
ගනී. මරණයට මමත්වය හේතුවන නිසාම මමත්වය නැති කළ යුතුය. “භව” යනු මම යන
පුද්ගලයෙකු සිටිනවාය යන හැගීමයි. “භව“ යන ආත්ම සංකල්පය උපන් විට මම යන
සංකල්පය හටගනී. ‘මම’ යන සංකල්පය නැති කල විට උපතක්ද නැත. එනිසාම
මරණයක්ද නැත. මරණයට හේතුවන්නේ මමත්වයයි. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙන්
එතෙරවීම නිවනයි. රූපය, වේදනා, සංඥා ,සංකාර ,විඤ්ඤාණ මගේ නොවේ කියා
සිතනවා නම් එතන ඉතිරිවන්නේ පංචස්කන්ධය පමණයි. රහතන් වහන්සේට තිබෙන්නේ
පංචස්කන්ධය පමණයි. පංච උපාදානස්කන්ධයම අපට ඇත. රහතන් වහන්සේ නමක් “මගේ”
යන සියලුම කාරණා වලින් ඉවත් වී ඇත. උපාදානය කරගත හොත් පමණයි, මැරෙන විට
මෙම පංචස්කන්ධය තව ස්ථානයක උත්පත්තිය ලැබීම සිදුවන්නේ. රහතන් වහන්සේ
තුළ මගේ යන සංකල්පය නැති නිසාම උන්වහන්සේ පිරිනිවන් පානු ලබයි. එක
පංචස්කන්ධයක් අවසාන වන විට තව පංචස්කන්ධයක් උපදින්නේ නැත.
‘මච්චුමාර’ සංකල්පය යනු මරණයයි. අපට ජීවිතයේදි මාරයාට සංග්‍රහ කිරීමෙන්
අල්ලස් දීමෙන් කල්හදා ගත නොහැකිය.කිිසිවකුටත් ජයගත නොහැකි මරණ සටනේදී
සියලුම දෙනා පරාජය ලබයි.
ස්වභාව ධර්මයේ ඉතාම ලස්සනම ස්ථානය මරණයයි. මරණය තරම් වාසනාවන්ත දෙයක්
මිනිසකුට තවත් නැත. මරණය මිනිසා ළඟ තිබෙන තාක් කල් මිනිසුන් යහපත්ව
ජීවත්වනු ලබයි. මරණය තරම් වාසනාවන්ත සංකල්පයක් මිනිසකුට මේ ලෝකය තුළ
නැති බවට ප්‍රකාශ කරනු ලබන්නේ මරණය පුද්ගලයා යහපත් කිරීමට බලපානු ලබන
නිසයි.
හේමමාලා රන්දුනු |