බුද්ධ වන්දනාව සිදු කරන්නේ කෙසේද?
ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
විහාරස්ථානයේ
ආගමික කටයුතු කරන ඔබ හැම විටම
විහාරස්ථානය තුල ඇති
පූජා භාණ්ඩ ගැන
අවධානය යොමු කළ
යුතුවනවා. ඇතැම් විට විහාරස්ථානයේ තිබෙන්නේ එකම බුද්ධ පූජා කට්ටලයක්
පමණයි. බුදුරජාණන් වහන්සේ උදෙසා කරනු ලබන
පූජාවන් ඉතා පිරිසුදුව කළ යුතු වනවා. එම නිසා ඒ සඳහා සුදුසු පූජා භාණ්ඩ
විහාරස්ථානයට ලබාදීම අපගේ
වගකීමක්
පන්සලක වත් පිළිවෙත් කළ යුතු ආකාරය ගැන පසුගිය කලාපයකදී අප කථා කළා.
පළමුව චෛත්‍යයට දෙවනුව බෝධීන් වහන්සේට හා තෙවනුව බුද්ධ ප්‍රතිමා වහන්සේ
වන්දනා මාන කිරීම අප කවුරුත් පිළිගත් පොදු සම්ප්‍රදායයක්.
සම්ප්‍රදායයන් වුවත් අප නිසි ගරුත්වයක් ඇතිව ඉටුකළ යුතු වත් පිළිවෙත්
මේ හා සම්බන්ධව බැඳී පවතිනවා. අප මේ ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු
වනවා. එහෙත් ඇතැම් කෙනෙකුගේ නොදැනීම නිසා මේ වත් පිළිවෙත් නිසි පරිදි
සිදුවන්නේ නැහැ. බොහෝ විට අප විහාරස්ථානයට ගොස් චෛත්‍ය බෝධින් වහන්සේ,
බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කර නිසි පුද සත්කාර කළා යැයි සිතනවා.
නිසි පුද සත්කාර කිරීම යන්නෙන් අදහස් කරන්නේ ත්‍රිවිධ චෛත්‍යය
පිළිවෙළින් වන්දනාමාන කිරීම පමණක් නොවෙයි.
අප විසින් සූදානම් කර ගත් දේ නිසි පරිදි පිළිවෙළින් පූජා කළ යුතු වනවා.
අතීතයේ මෙන් ගිහි පැවිදි සබඳතාව යළි ආරම්භ කිරීමට නම් විහාරස්ථානයකට
ගිය විට ප්‍රථමයෙන්ම ස්වාමීන්වහන්සේ හමුවී කතාබහ කළ යුතු වනවා. අද
ඇතැම් පළාත්වල ගමේ සිටින ඇතැම් පිරිස් පවා විහාරස්ථානයේ ස්වාමීන්
වහන්සේ හඳුනන්නේ නැහැ. ඔවුන් විහාරස්ථානයට එන්නේ තමන්ගේ අයිති ස්ථානයකට
පැමිණෙන්නාක් මෙනි. විහාරස්ථානය සැමට පොදු ස්ථානයක්. ඒ සම්බන්ධ වාද
විවාද නැහැ. නමුත් එම ස්ථානයේ භාරකාරත්වයක් දරණ ස්වාමීන් වහන්සේ නමක්
සිටින බව අප අමතක නොකළ යුතුයි.
එමෙන්ම ගිහි පිරිසට වඩා උසස් ශීලයක් සමාදන් වූ භික්‍ෂූන් වහන්සේලා එහි
වැඩ සිටින්නේ.
එම නිසා පළමුව නායක හිමියන් හෝ වෙනත් ස්වාමින් වහන්සේ නමක් හමුවී තමන්
කවුරුන්දැයි හඳුන්වා දී යුතු වනවා. ඒ අයුරින් වරක් දෙවරක් හදුන්වා දුන්
විට ගිහි පැවිදි සබඳතාව නිතැතින්ම ස්ථාපිත වනවා.
ස්වාමින් වහන්සේට තමන් හඳුන්වා දීමෙන් පසු නියමිත ස්ථානවලදී පමණක් පූජා
භාණ්ඩ සකස් කළ යුතු වනවා. සකස් කරගත් පූජා භාණ්ඩ නිවැරදිව පූජා කරන්නේ
කෙසේද? පූජා කරනු ලබන පිළිවෙළ කුමක්ද?
පළමුව පහන් පූජා කළ යුතු වනවා. දෙවනුව පිරිසුදු පෑන් බඳුනක් පූජා කළ
යුතුය. උදෑසන හෝ දවල් කාලයේ නම් තෙවනුව ආහාර පූජාකළ යුතු වනවා. ඉන්පසු
සවස් කාලයක නම් චතුමධුර අෂ්ටවිධ පාන වර්ගයන් පූජා කිරීම සිදු කිරීම
වැදගත්. ගිලන්පස (ඖෂධ) පූජා කළ යුත්තේ ඉන් පසුවයි. දැහැත් පූජා කරන්නේද
ඉන් පසුවයි.
මල් පූජාව ඉන් පසුවත් සුවඳ දුම් පූජා කිරීම අනතුරුවත් කළ යුතුවනවා.
කොඩිවැල් පිරිකර ආදිය ඇත්නම් ඉන්පසු පූජා කළ යුතු වෙනවා.
මේ පිළිවෙළ බෝධි පූජාවකදී පෙළට සිටින සැදැහැවතුන්ට අත ගැස්සවීමේදීත්
අනුගමනය කළ යුතුවනවා. සෑම විටම මේ ගැන අප අවබෝධයෙන් ක්‍රියා කිරීම
වදගත්.
පහනින් මෝහාන්ධකාරය දුරුවී ආලෝකය ලබාදීමයි. බලාපොරොත්තු වන්නේ.
එමෙන්ම ආහාරයට පෙර පැන් පූජා කිරීම දානමය පින්කමකදී පවා අප
සිදුකරන්නක්. දැහැත් පූජා කරන්නේ ඉන් පසුවයි. එම නිසයි පූජාවකදී පළමුව
පහන ගෙන යන්නේ .ඒ අයුරින්ම අප විහාරස්ථානයක වන්දනා මාන කරන විටදීත්
පළමුව පහන් දැල්විය යුතු වනවා. අනුපිළිවෙළින් අනෙකුත් පූජාවන් කළ යුතු
වනවා.
විහාරස්ථානයක අප වැඳ පුදාගත යුතු ප්‍රධානම චෛත්‍යයන් තුන වන චෛත්‍යය,
බෝධිය හා පිළිමගෙය හැරුණ විට ධාතු මන්දිරය තිබේ නම් අප එයත් වන්දනා කළ
යුතු වනවා. විහාරස්ථානයක ධාතුන් වහන්සේ (ධාතු කරඬුව) තැන්පත් කළ යුත්තේ
ධාතු මන්දිරයේයි.
ගිහි පිරිසට වන්දනා මාන කිරීමට ධාතුන් වහන්සේ ධාතු මන්දිරයේ තැන්පත්
කළ යුතුවනවා.
ඒ අනුව පිළිවෙළින් චෛත්‍යය බෝධිය හා බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුව ධාතු
මන්දිරයත් වන්දනා කළ යුතු වනවා.
මේ බුද්ධ වන්දනාවන් ඉටු කළ පසු විහාරස්ථානයේ තිබෙන දේවාල වන්දනාවටත්
බෞද්ධයත් වුවත් අප පුරුදු වී තිබෙන නිසා ඒ වන්දනාවන් සිදු කිරීමද
සුදුසුයි. එය එක් අතකින් ආගමික සහජීවනයටද මං පාදන්නක්. බුදුරජාණන්
වහන්සේ ඉදිරියේ කිව නොහැකි දේ දෙවියන් ඉදිරියේ කීමට අප පුරුදු වී
සිටිනවා. තමන්ට වූ විපත්තින්, දුක පැවසීමට දේව වන්දනාවට අප පුරුදු වී
සිටිනවා. එය එක් අතකින් මානසික සහනයටත් විශාල හේතුවක් වනවා.
සියලු වන්දනා කටයුතු අවසන් වූ විට අප විසින් තබන ලද බුද්ධ පූජාවන් ඉවත්
කළ යුතු වනවා.
එමෙන්ම විහාරස්ථානයේ ආගමික කටයුතු කරන ඔබ හැම විටම විහාරස්ථානය ඇති
පූජා භාණ්ඩ ගැන අවධානය යොමු කළ යුතුවනවා. ඇතැම් විට විහාරස්ථානයේ
තිබෙන්නේ එකම බුද්ධ පූජා කට්ටලයක් පමණයි. බුදුරජාණන් වහන්සේ උදෙසා කරනු
ලබන පූජාවන් ඉතා පිරිසුදුව කළ යුතු වනවා. එම නිසා ඒ සඳහා සුදුසු පූජා
භාණ්ඩ විහාරස්ථානයට ලබාදීම අපගේ වගකීමක්. භික්‍ෂූන් වහන්සේට මේ අඩුපාඩු
ගැන දායකයන්ට නිතර නිතර පැවැසීමට හැකියාවක් නැහැ. කිසිදු අවස්ථාවක
තමන්ට පානය කළ නොහැකි ඖෂධ හෝ පාන වර්ග බුද්ධ පූජාවට නොතැබීමටත් වග බලා
ගත යුතුයි.
පිරිසුදු පැන් බඳුනක් හා ගිලන්පසට අමතරව ඖෂධ පැකට් වගේම හාතාවාරිය වැනි
දේ පූජා කිරීම ගැන කිසිදු ගැටලුවක් නැහැ. අප නිසි පිළිවෙළට මේ පූජාවන්
ගෞරවයෙන් යුතුව පැවැත්වීමයි වැදගත් වන්නේ.
තමන්ගේ ආගමික කටයුතු අවසන් වීමෙන් පසුව විහාරස්ථානයේ භික්‍ෂූන් වහන්සේ
හමුවී සමුගෙන යාමත් වැදගත් බව අප තේරුම් ගත යුතුවනවා. පෞද්ගලිකව
බලපවත්වනු ලබන ගැටලු පවා අපට ඇතැම් විට භික්‍ෂූන් වහන්සේට කතා කළ
හැකියි. නිරතුරුවම අප විහාරස්ථානය ගැන අවධානය යොමු කළ යුතුවන්නේ අපගේ
පවිත්‍ර වන්දනාවට ලක් විය යුතු මෙන්ම අපගේ දායකත්වය ඊට ලැබිය යුතු
ස්ථානයක් වශයෙන්. එසේ කල්පනා කර කටයුතු කළහොත් අපට නිසි පරිදි වත්
පිළිවෙත් කළ හැකියි. මදක් කල්පනා කර බලන්න. අද කුඩා දරුවෙක් නොව ඇතැම්
වැඩිහිටියන් පවා මල් පහන් සුවඳදුම් තැබීම් පිළිවෙළ නිසියාකාරව දන්නේ
නැහැ. අනාගත පරපුරට නිසි වත් පිළිවෙත් ගැන දැනුම ලබා දීමට ගිහි පැවිදි
දෙපිරිසම එක්විය යුත්තේ එනිසා බව කල්පනා කළ යුතුය.
සටහන: තාරක වික්‍රමසේකර |