රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 23
අනූපමේය
භික්‍ෂු ජීවිතයක
පවිත්‍රත්වය
ජනක වෙත්තසිංහ
නායක හාමුදුරුවන්ගේ ලිවීමේ තවත් විශේෂයක් තමයි එය දෙවරක් නොලීම.
එකවර ලියන එකමයි මුද්‍රණයට යවන්නේ. ලියන දෙයක් කපා වෙනස් කර තියෙනවා
නම් එසේ වන්නේ ඉතාමත් කලාතුරකිනුයි. නායක හාමුදුරුවන් කළේ පොත් ලිවීම
පමණයි. මුද්‍රණය කරවීම ආදි වූ අනෙක් සියලු කටයුතු කළේ අපියි. පොතක්
මුද්‍රණය කරලා ගෙනත් දුන්නාම උන්වහන්සේ සතුටු වෙනවා. ඒ පොත් කියවල යම්
යම් දෙනා ඇවිදින් නායක හාමුදුරුවන්ට පින් දෙනවා ඒ වෙලාවට උන්වහන්සේ
වඩ වඩාත් සතුටට පත්වෙනවා
චන්දවිමල මහා නා හිමියන් මව් බස මෙන්ම පාලි භාෂාව ඉගෙන ගත්තේ ස්ව
උත්සාහයෙන් වුවද ඉංගී‍්‍රසි භාෂාව ඉගෙන ගැනීමට වැඩි උනන්දුවක් දැක්වූයේ
නැත. ඒ වකවානුවේ භික්‍ෂූන් වහන්සේලා ඉංගී‍්‍රසි භාෂාව ඉගෙන ගැනීම
පිළිබඳව දායක කාරකාදීන් දැක්වූයේ දැඩි විරුද්ධත්වයක් බව උන්වහන්සේ
පවසති.
ඉංගී‍්‍රසි භාෂාව ඉගෙන ගන්න භික්‍ෂූන් වහන්සේට සිදුවන්නේ ඔවුන්ගේ ඇනුම්
බැනුම් වලට මුහුණදීමටය. එයට ද යම් හේතුවක් තිබිණ. ඒ කාලයේ ඉංගී‍්‍රසි
භාෂාව ඉගෙන ගන්නේ රක්‍ෂාවක් බලාපොරොත්තුවෙනි. ගමේ පන්සලේ හාමුදුරුවන්
රැකියාවක් කිරීම භික්‍ෂූත්වයට අකැප දෙයක් වශයෙන් දායකයන් සිතුවා විය
හැකිය. චන්දවිමල මා හිමියන් ඒ පිළිබඳව දරන්නේ මෙවැනි අදහසකි.
“ඉංගී‍්‍රසි භාෂාවේ අගයක් අපට නොතිබුණ නිසාත් එය ශ්‍රමණ ධර්මයට අවශ්‍ය
නොවන නිසාත්, අප ඉංගී‍්‍රසි භාෂාව ඉගෙනීමට උත්සාහ කළේ නෑ”
ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳව තවදුරටත් උන්වහන්සේ මෙසේද පවසති. ‘ඉංගී‍්‍රසි
හෝඩිය හදල තියෙන්නේ දක්‍ෂයෙක් නො වෙයි. ඉංගී‍්‍රසි හෝඩියේ තියෙනවා
අකුරු හතර ජාතියක්, අපේ හෝඩියේ තියෙන්නේ එක අකුරු ජාතියයි “ ‘අපේ හෝඩිය
ඉගෙන ගත්තාම අපේ භාෂාව කියවන්නට පුළුවන්, ඒ වුනත් ඉංගී‍්‍රසි හෝඩිය
ඉගෙන ගෙන ඒ භාෂාව කියවන්න බැහැ. වචනෙන් වචනය කියන පිළිවෙළ වෙන වෙනම
ඉගෙන ගන්න ඕනෑ’
නභබ ‘පුට්’ නම් ඕභබ ‘බට්’ වෙන්නේ කොහොමද? ඒ වගේම මට ඉංගී‍්‍රසි ඉගෙන
ගන්න ඕනෑකමක්වත් උත්සාහයක්වත් තිබුණෙත් නැහැ “ මහා නා හිමියන්ගේ
ශිෂ්‍යයකු වූ ශාස්ත්‍රපති පණ්ඩිත කල්‍යාණධම්ම හිමියන් උන් වහන්සේ ගේ
මුල්ම උපස්ථායකයා ය. කල්‍යාණධම්ම හිමියන් තම ගුරුවරයාණන් සමීපයේ බොහෝ
කලක් සිටි බැවින් උන්වහන්සේගේ ඇවැතුම් පැවතුම් පිළිබඳ කල්‍යාණධම්ම
හිමියන්ට ඇත්තේ හොඳ අවබෝධයකි.
උන්වහන්සේ චන්දවිමල මහා නාහිමියන්ට පෙර අපවත් වූහ. එහෙත් කළ්‍යාණධම්ම
හිමියන් වැඩ සිට අවදියේදී තම ගුරු භික්‍ෂූන් වහන්සේ පිළිබඳව ඵල කළ
අදහස් කීපයක් සටහන් කිරීම, වැදගත් වන්නේ චන්දවිමල මහා නාහිමියන්ගේ ජීවන
ප්‍රවෘත්තියේ පැවැති විශේෂතා හඳුනා ගැනීමට එයින් අපට අවස්ථාවක් සැලසෙන
බැවිනි. මහා නා හිමියන් ගමන් ගත් ජීවන මගේ දැල්වුණු පහන් පෙළ වූයේ
උන්වහන්සේගේ උදාර චරිතයේ වූ කැපී පෙනෙන ගුණයන්ය.
ඒ පිළිබඳව කල්‍යාණ ධම්ම හිමියන්ගේ මතකය අවදි කිරීමට දැන් ඉඩ හසර පාදා
ගනිමු. ‘අපේ නායක හාමුදුරුවන්ගේ ජීවිතයේ දකින්නට ලැබුණු විශේෂිතම
ගුණයක් තමයි විකාල භෝජනය නොකිරීමට, දවල් 12 න් පස්සෙ කවරදාකවත්
පිටිකිරි ටිකක්වත් පානය කළේ නැහැ. කාලෙකට පෙර අපේ නායක හාමුදුරුවන්ට උණ
රෝගයක් වැළඳුනා. දවස් හයක් විතර කිසිම ආහාරයක් ගත්තේ නැහැ. නායක
හාමුදුරුවන්ගේ ශක්තිය හීන වෙන නිසා බොහෝ දෙනා මට කිව්වා හෝර්ලික්ස්
එකක්වත් හදල දෙන්න කියල. ඉතින් මමත් හෝර්ලික්ස් එකක් හදල හවස හතරට
විතර නායක හාමුදුරුවන්ට පිළිගැන්වූවා. අසනීපයෙන් උන්වහන්සේ කොතරම්ම
දුර්වල වෙලා සිටියත් අවේලාවේ පිළිගැන්වූ නිසා එය පානය කළේ නැහැ “ “දැන්
අපේ නායක හාමුදුරුවන්ගේ ඇස් දෙකම පෙනෙන්නේ නැහැ. උන්වහන්සේට රැයක දවාලක
වෙනසක් නැහැ” චන්දවිමල මහා නා හිමියන්ගේ දෑස් නො පෙනීම නිසා කාල ගමනේ
නිවැරදි වෙනස හඳුනා ගැනීමට නොහැකි වෙයි. ඒ නිසාම මහා නා හිමියන් තම
ශිෂ්‍ය භික්‍ෂූන් වෙත නීති පනවා තිබේ. තම ගෝලයින්ට උන්වහන්සේ පවසා
ඇත්තේ කිසිම අවසථාවක අවේලාවේදී උන්වහන්සේ වෙත භික්‍ෂු ශික්‍ෂාපදය කැඩෙන
කිසිවකින් සංග්‍රහ නොකළ යුතු බවය.
මෙවන් තත්ත්වයක් ජීවිතයට උදාවූයේ නම් බොහෝ දෙනා කරන්නේ එය තම වාසියට
හරවා ගැනීමය. කාලවේලාවන් නිසි ලෙස සොයා පහදා ගැනීමට සිතට නො හැකි විටක
බඩගින්නට – පිපාසයට තම බඩ වියතට යමක් වැටෙන්නේ නම් නිසොල්මනේ එය
වැළඳීමෙන් ඒ තැනැත්තාට වරදක් පැටවීමට වෙනත් අයකුට පුළුවන් කමක්ද නැත.
වැටහීමක් නොමැති නිසා එය සුළු වරදක් ලෙසවත් කෙනෙකු සිතන්නේ ද නැත.
එහෙත් ලෝකයාගේ ඇපයෙන් බේරීමට නොව තම හෘද සාක්‍ෂයට එකඟව වැරදීමකින්වත්
රහසින්වත් වරදක් නොකිරීමේ උදාර ගුණය මෙවන් අවස්ථා තුළින් පවා
ප්‍රත්‍යක්‍ෂ වීමෙන් හැඟී යන්නේ චන්දවිමල මහා නා හිමියන්ගේ භික්‍ෂු
ජීවිතයේ පැවැති පවිත්‍රත්වය නොවන්නේ ද? ගුරුවරයාගේ් නියමයට ගරු
නොකරමින් උන්වහන්සේව රැවටීමට උපස්ථාන කළ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේට
අවස්ථාව සැලසුනද උන්වහන්සේලා තම ගුරුවරයාගේ නියමය අකුරටම පිළිපැද්දේ
ගුරු දේවයන්ට කළ ගෞරවයක් වශයෙනි.
අනෙක් පසින් නිසි ලෙස අවවාද අනුශාසනා දෙමින් සෑදූ ගෝලයන්ගේ අගයද මෙයින්
හඳුනා ගැනීමට හැකි වෙයි.
පොත් ලිවීම චන්දවිමල මහා නා හිමියන්ගේ ආත්මය හා බැඳි පැවතුණකි. ඒ ගැන
කල්‍යාණධම්ම් හිමියෝ මෙසේ පවසති.
නායක හාමුදුරුවෝ පොත් ලිව්වේ මොකවත් බලාගෙන නොවෙයි. පාන්දරින්
අවදිවෙලා . ඒ කටයුතු අවසන් කරලා දානෙ වළඳලා ටික වේලාවක් විවේක ගන්නවා.
ඉන් පස්සෙ සීමාව ළඟ සිට ඝණ්ඨාර කුලුන දක්වා කීප වරක් එහාට මෙහාට සක්මන්
කරලා ඇවිත් ඉස්සරහ පුටුවේ වාඩිවෙලා ලෑලි කෑල්ල (උන්වහන්සේ පොත් ලිවීම
වෙනුවෙන් සකසා ගත් කුඩා ලෑල්ල) අරගෙන ලියන්න පටන් ගන්නවා. ලියන අතර
වාරයේ කවුරුහරි ඇවිත් කතා කළොත් වචනයකින් කොටසක් ලියමින් සිටියත් එය
නවතා ආ කෙනා සමඟ කතා කරනවා. ඒ තැනැත්තා ගිය පසුව නැවතූ තැන් සිට නැවත
ලිවීම ආරම්භ කරනවා. කොහොම වුණත් දවසට ලියන්නේ බොහොම ටිකක් පමණය. මෙසේ
ලියන්නෙත් උදේ, දවල්, හෝ සවස් කාලේදියි. සවස හයෙන් පස්සේ යමක්
ලියන්නේවත් කියවන්නේ වත් නැහැ. මං මේ පන්සලට ආවට පස්සේ කවරදාක වත්
රාත්‍රියේදී ලියනවා හෝ කියවනවා මා දැකලා නැහැ.
නායක හාමුදුරුවන්ගේ ලිවීමේ තවත් විශේෂයක් තමයි එය දෙවරක් නොලීම. එකවර
ලියන එකමයි මුද්‍රණයට යවන්නේ. ලියන දෙයක් කපා වෙනස් කර තියෙනවා නම් එසේ
වන්නේ ඉතාමත් කලාතුරකිනුයි. නායක හාමුදුරුවන් කළේ පොත් ලිවීම පමණයි.
මුද්‍රණය කරවීම ආදි වූ අනෙක් සියලු කටයුතු කළේ අපියි. පොතක් මුද්‍රණය
කරලා ගෙනත් දුන්නාම උන්වහන්සේ සතුටු වෙනවා. ඒ පොත් කියවල යම් යම් දෙනා
ඇවිදින් නායක හාමුදුරුවන්ට පින් දෙනවා ඒ වෙලාවට උන්වහන්සේ වඩ වඩාත්
සතුටට පත්වෙනවා.
අප බොහෝ දෙනා ලේඛන කලාව ප්‍රගුණ කර තිබුණත්, යම් නොවැදගත් දෙයක් වුණත්
ලියන විට වෙනස්කම් කිරීම් කැපීම් ආදිය සිදු කිරීම සාමාන්‍ය සිරිතකි.
එසේ නම් දහස් ගණනකගේ අතට පත්වන පොතක් ලිවීමේදි නිරවද්‍යතාවය පිළිබඳව
අපට සියවරක් සිතන්නට සිදුවෙයි. සිතලුවක් නොවන යමක් ලිවීමේදි පොත්පත්
පවා පරිශීලනය කිරීම සාමාන්‍ය සිරිතය. එසේ කරන්නේ සුළු හෝ වැරදීමක්
සිදුවීමට ඉඩ ඇති බැවිනි. ගැඹුරු ධර්ම කාරණා වැනි දෙයක් ලියන්නේ නම් තව
තවත් ප්‍රවේශම් විය යුතු වෙයි. නමුත් චන්දවිමල හිමියන් සතු වූ මේ
සුවිශිෂ්ට තාවය එක අතකින් විශ්මිත ගුණයකි.
එයින් හැඟී යන්නේ චන්දවිමල නා හිමියන්ගේ දැනුම් ගබඩාවෙහි වු
සුපොහොසත්කමය. කියවීමෙන් නොනැවතී එය තමා සතු ඤාණයෙන් ගැඹුරෙන්
ප්‍රත්‍යක්‍ෂ කර ගත් අයකුට හැර මෙවන් විශේෂිත ගුණයක් මතු කර ගැනීමට
නොහැකි බව හැඟෙයි.
සිරුරට එන්නත් කළ ඖෂධයක්සේ ගැඹුරු දම් ඔසුව ඉතා සරලව පාඨක අධ්‍යාත්මයට
කා වැද්දීමට සමත්වූ මේ යතිවරයාණන් වහන්සේගේ අත්‍යග්‍ර වූ ගුණ ලක්‍ෂණය
තවත් කෙනකුගේ තුළ නො පිහිටන තරම් වූ ඉතා විරල නිපුණතාවයකි.
ලබා ගත් සදහම් දැනුම ප්‍රත්‍යක්‍ෂ කළ මානසිකත්වයේ පුළුල් බව, බහුශ්‍රැත
බව මෙවන් කරුණු තුළින් ප්‍රකට කරනා සෙයකි.
උන්වහන්සේ ආත්මීයව රැගෙන ආ මෙවන් විශේෂතා මතින් චන්දවිමල මහා නා
හිමියන්ගේ අධ්‍යාත්මීය අතිගුණය අපට චන්දවිමල මහා නා හිමියන්ගේ අනුපමේය
භික්‍ෂු ජීවිතය පිළිබඳ බොහෝ දේ සිතන්නට අවැසි පසුබිමක් සකසා දෙනු
ලබයි.
තවත් කොටසක් මාර්තු 08 වන දා පත්‍රයේ පළවේ
පසුගිය සතියෙන්==
රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 22 චන්දවිමල හිමියන්ට
මහාචාර්ය පදවියක් |