UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උළුක්කුලම ශ්‍රී බෝධිරුක්ඛාරාමය

උළුක්කුලම ශ්‍රී බෝධිරුක්ඛාරාමය


විහාරාධිපති තුරුවිල ඥානානන්ද හිමි

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පිහිටි උළුක්කුලම නම් වූ ගම්මානය මේ වන විට වන අලි තර්ජනයට පවා ලක්වන ඉතා දුෂ්කර ගම් පියසකි. මෙහි ප්‍රදේශවාසීන් ජීවත්වනුයේ ගොවිතැන ජීවනෝපාය කරගනිමිනි. එහෙත් විවිධ කාලගුණික වෙනස්වීම් මත සිදුවන හානි මධ්‍යයේ ගොවිතැන පවා රැකගැනීම ඔවුන් හමුවේ ඇති අභියෝගයකි. මේ ගම්මානයට ඇති එකම බෞද්ධාගමික මධ්‍යස්ථානය වන්නේ වසර 120 ට වඩා පැරැණි ශ්‍රී‍්‍ර බෝධිරුක්ඛාරාම විහාරස්ථානයයි.

අනුරාධපුර, මහබුලන්කුලම, උළුක්කුලම, ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ වත්මන් විහාරාධිපතින් වහන්සේ ලෙස තුරුවිල ඥානානන්ද හිමියෝ වැඩ වාසය කරති. සිසු දරු දැරියන් 200 දෙනකු පමණ දහම් අධ්‍යාපනය ලබන ශ්‍රී පියරතන දහම් පාසලද විහාරස්ථව පවත්වාගෙන යනු ලැබේ. ශාසනාරක්‍ෂක බලමණ්ඩල හා විවිධ පළාත් තරගවලදී ඉහළ දස්කම් දැක්වූ දූ දරුවෝ රැසක් එහි ඉගෙනුම ලබති. එසේම ප්‍රදේශයේ ජනතාවට විවිධ ආගමික අවස්ථාවන්හිදී මූලික වී මඟ පෙන්වීම ලබාදෙන මේ විහාරස්ථානයේ මරණාධාර සමිතියක්ද පවත්වාගෙන යනු ලැබේ.

ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාංග සංවර්ධනය කිරීමේ කටයුතු ද සිදුවෙමින් පවතී. ආර්ථික දුෂ්කරතා ඇතත් ගම්වැසියෝ තම ශක්ති පමණින් මෙහි සංවර්ධන කටයුතු කරගෙන යති. තමන්ට අයිති එකම ආගමික මධ්‍යස්ථානය රැක ගැනීම ඔවුන්ගේ අරමුණයි.



විහාරස්ථානයේ අලුත්වැඩියා කරගත යුතුව ඇති ගොඩනැඟිලි

මෙම විහාරස්ථානයේ විහාරගෙය, සංඝාවාසය සහ ඉදිරිපස දොරටුව අලුත්වැඩියා කරගත යුතුව තිබේ. එමෙන්ම දහම්පාසල සඳහා පවතින ගොඩනැඟිලිවල හිඟකම පමණක් නොව ක්‍රමවත් වැසිකිළි පහසුකම් නොමැතිවීමද සකස්කරගත යුතුව ඇති අඩුපාඩු වේ.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ එදිනෙදා ජීවිකාව පවත්වාගෙන යන මේ ග්‍රාමයේ ජනතාවට විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු අවැසි වියදම් දරමින් කරගෙන යෑම පහසු නොවේ. එබැවින් මෙහි සංවර්ධන කටයුතු සඳහා ආධාර කොට මහගු පුණ්‍යකර්මයකට අතහිත දී නිවන් මඟ සලසා ගන්නා මෙන් විහාරාධිපති හිමියෝ ශ්‍රී‍්‍ර ලාංකේය බෞද්ධ හා බෞද්ධ නොවන ජනතාවට කාරුණිකව සිහිපත් කර සිටිති.

 

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 16 වැනි ඉරිදා පූර්වභාග 10. 44ට ලබයි. 17 වැනිදා සඳුදා පූර්ව භාග 10. 47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 16 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි මස 23 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]