UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය
මෙම පාඨය කියවන්න

අප කෙතරම් උත්සාහ කළත් ජීවිතය මඟ හරින්නට බැරිය. නගරයක වුවද වනාන්තර ගුහාවක වුවද ජීවත්වන තුරා ජීවිතයට මුහුණ පෑ යුතුම යි. සැබෑ ජීවිතය නම් දැන් පවත්නා මේ මොහොත මිස මිය ගිය අතීතයේ මතක සටහන් හෝ නූපන් අනාගතය පිළිබඳ සිහින හෝ නොවේ.මේ මොහොත ජීවත් වන්නා සැබවින්ම ජීවත්වෙයි. ඔහුට වැඩි පී‍්‍රතිමතෙක් මිනිසුන් අතර නැත. (බුදුන් වදාළ ධර්මය) මෙම පාඨයෙන් අවධාරිත අදහස බෞද්ධ භාවනා ක්‍රමයක් හෝ එක¼ග විය නො හැකිද? ඒ කුමන භාවනාවක් සමඟද ? යන්න පැහැදිලි කරන්න.

පිළිතුර
‘භාවනා’ ක්‍රමවේදයන්ගෙන් එකක් වන ‘ආනාපානසති’ භාවනාව ඉතා පහසු එකක් වන අතර ‘ජීවිතෙන්ද්‍රිය’ හා සමීපතම භාවනාවයි. චිත්ත ඒකාග්‍රතාව දියුණු කිරීම අරමුණ කොට උසස් ධ්‍යාන සමාපත්තිවලට ද හේතුකාරක වන්නේය.ඉහත සඳහන් පාඨයෙන් අවධාරිත පී‍්‍රතිමත් මිනිසා නිර්මාණය කිරීමේ හැකියාව ‘ආනාපාන’ සති භාවනාවෙන් සිදුවීමද සුවිශේෂයකි. නිර්වාණවබෝධය ඇතුළුව කෙබඳු අවබෝධයකට වුවත් මෙම චිත්ත ඒකාග්‍රතාවය අත්‍යවශ්‍යයි.

එනිසා සිහියෙන් යුතුව කටයුතු කරන්නේ නම් අමතකවීම් වැඩ බැහැර හැරීම් නැතිව පවතින වර්තමානයෙහි නියමිත කාර්යයෙහි සිහියෙන් යුතුව කටයුතු කරනු ඇත. එවිට ප්‍රතිඵලයෙන් ප්‍රතිශතය වැඩිවේ. ක්‍රියාශශීලි බව ප්‍රකට වේ. මෙසේ සිහිය වර්තමානයෙහි යෙදීමෙන් (සතිපට්ඨානය) ඉතාමත් ප්‍රබෝධමත් කර්මණ්‍ය පුද්ගලයෙකු සමාජයට බිහිවේ.

ප්‍රශ්නය
නිවන් පසක් කරගනු කැමති අයෙකු විසින් තමා විසින් ඇතිකරගත යුතු බල ධර්මයේ පසෙකි. ඒ මොනවාද?

පිළිතුර
සද්ධා බලය – විරිය බලය, සති බලය , සමාධි බලය, පඤ්ඤා බලය, යනු ඒ පසයි. ශ්‍රද්ධා බලය ඇතිකරගත් තැනැත්තෙකුට ඉතිරි සිව් බලය ඇතිකර ගැනීම පහසුය.

ප්‍රශ්නය
ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දැක්වෙන ‘සම්මා දිට්ඨි’ මාර්ග අංගය ධර්මානුකුලව පැහැදිලි කරන්න.

පිළිතුර
දිට්ඨීති දස්සනං’ දිට්ඨි යනු දැකීමයි. මනාකොට (යහපත් ) දැකීම වාච්‍ය අර්ථයයි. බුදුදහමට අනුව සම්‍යග් දෘෂ්ටිය යනු කුසල් හා කුසල් මුල්ද අකුසල් හා අකුසල් මුල්ද දුක්ඛය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධයයි. දුක්ඛ නිරෝධ මාර්ගය යන චතුරීර්ය සත්‍යය පිළිබඳ යහපත් අයහපත් බව හඳුනාගැනීමේ සමර්ථවූ නුවණයි. සම්මා දිට්ඨියේ අවස්ථා පහක් ඇති බව දේශනාවෙහි සඳහන් වෙයි.

කම්මස්සකා සම්මා දිට්ඨි,
ඣාන සම්මා දිට්ඨි,
විපස්සනා සම්මා දිට්ඨි
මග්ග සම්මා දිට්ඨි
ඵල සම්මා දිට්ඨි
ඒ අවස්ථා පහයි.

ප්‍රශ්නය
ගිහි විනය නමින්ද හැඳීන්වෙන ‘ සිඟාලෝවාද’ සූත්‍රය සිව් සඟරාවත (චතුස් සංගහවත්ථු) හඳුන්වා ඇත්තේ කෙසේද?

පිළිතුර
දානයද පි‍්‍රයවචනයද මෙහි යම් අර්ථ චර්යාවක් වේ නම් එයද ඒ ඒ පුද්ගලයා කෙරෙහි සුදුසු පරිදි ධර්මානුකූලව ද සමානාත්මතාවයද යන මොවුහු යන්නාවූ රියකට කඩඇණය මෙන් ලොව සංග්‍රහ යෝය.

මේ සංග්‍රහයෝ නොමැත්තාහු නම් පුතුගේ කරුණින් මව හෝ පියා හෝ බුහුමනක් හෝ පූජාවක් නොලබන්නේය. (දී.නි. 3)

ප්‍රශ්නය
ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පස්වන අංගය සම්මා ආජීවයයි. නිවැරැදි ලෙස ජීවිකාව පවත්වා ගැනීම එයින් අදහස් වෙයි.බෞද්ධ සම්මා අජීවය පැහැදිලි කරන්න.

පිළිතුර
මිථ්‍යා ආජීවයෙන් සම්මා ආජීවය වෙන්කොට හඳුනා ගැනීමට ඇති ශක්තිය, යහපත් ජීවිත පැවැත්ම සඳහා මූලික විය යුතුය. සම්මා ,මිච්ඡා , යනු හොඳ නරක යහපත් අයහපත් හරි වැරැදි උසස් පහත් ලෙසින්ද නම් කළ හැකියි. යමක කිරීමෙහිදි චේතනාව අනුව හොඳ හා නරක ක්‍රියාව වෙන්කොට හඳුනා ගැනීම බෞද්ධ පිළිවෙතයි. සම්මා ආජීවය නම් සීල සම්පන්න බවින් යුතු හෙවත් අලෝභ අදෝෂ, අමෝහ, චේතනා මුල් වූ ක්‍රියාවන්ගෙන් හා වචනයෙන් ජීවන මාර්ගය සකස්ව තිබිය යුතුය.

න අත්ත හේතු න පරස්ස හෙතු
න පුත්ත මිච්ඡෙ නධනං නරට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මෙන සමිද්ධිමත්තිනො
ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා

මෙයින් නිවැරැදි මඟ ධර්මයට එකඟවීම ප්‍රමාණයක් වශයෙන් සැලකෙයි. තමා නිසා හෝ අනුන් නිසා හෝ පුතුන් - ධනය රටක් හෝ සමෘද්ධිය අධාර්මිකව නොපතන තැනැත්තා සිල්වතාද නුවණැත්තාද ධාර්මිකයාද වන බව සඳහන් වෙයි.

ප්‍රශ්නය
ආදිත්ත පරියාය සූත්‍රය අසා සියල්ලෝ ම රහත් ඵලයට පත් වූහ.මෙහි සියල්ලෝ යනුවෙන් සඳහන් වන්නේ කවුරුන් ගැනද?

පිළිතුර
උරුවෙල් කස්සප – නදී කස්සප - ගයා කස්සප නම් වූ තුන් බෑ ජටිලයෝය.

ප්‍රශ්නය
බුද්ධ , ධම්ම, සංඝ යන මේ තුනම තිසරණය, තෙරුවනය, රත්නත්‍රය යන නමින් හැඳින්වෙයි. ඒ කුමක් නිසාද? පැහැදිලි කරන්න.

පිළිතුර
රත්නත්‍රය එනම් බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන සරණ යන තැනැත්තාට ‘හිංසතීති සරණ ගතානං තෙනෙව සරණ ගමනෙන භයං සන්තාසං දුක්ඛං දුග්ගතිං පරික්කිලෙසං හන්ති, විනාසේතීති අත්ථො රතනත්තය ස්සෙචේතං අධිවචනං’ යන අර්ථයෙන් තුනුරුවන්ට මෙම සරණ යන නාමය යෙදී ඇත.

එහෙයින් ඒ ඒ බිය, දුක් පැමිණි කල්හි ඒ තුනුරුවන සරණකොට යාමත් සිහි කර ගැනීමත් උතුම් ‘ පිරිතක්ම’ වෙයි.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 18 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.00 ට ලබයි.
19 වැනි දා සිකුරාදා පූර්ව භාග 06.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 18 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීලඟ පෝය
අප්‍රේල් 25 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]