UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මීගම්මන රාජ මහා විහාරස්ථානය

මීගම්මන රාජ මහා විහාරස්ථානය


රන් ආලේපිත බුද්ධප්‍රතිමා වහන්සේ

කන්ද උඩරට රජ වාසලේ සේවය කළ නාරායන නමැති බමුණකු අනුරාධපුරයට පා ගමනෙන් ගොස් ජය ශ්‍රී මහ බෝධියේ අංකුර පැළ දෙකක් රැගෙන ආපසු පා ගමනෙන් එන අතරමඟදී රෑ බෝ විය. එදින රාත්‍රියේ වත්මන මීගම්මන රාජ මහා විහාරස්ථානය පිහිටි භූ®මියේ නවාතැන් ගෙන පසුව බෝ පැළ දෙක රැගෙන යෑමට තැත් කළත් පලක් වූයේ නැත. එම බිමේ මේ බෝපැළ දෙක මුල් ඇදී රෝපණය වූ බව වංශකතා සාහිත්‍යයේ සඳහන් වේ.


විහාරාධිපති මායින්ගමුවේ පියරතන නා හිමි

එසේම එකල කන්ද උඩරට රජපැමිණි රජවරුන්ගේ බිසෝවරුන් ජල ස්නානය කළ ‘මුතු කෙළියාව‘ නමැති දිය උල්පතට ගමන් කළ ගමන්මඟ සිහිවීම සඳහා මේ විහාරස්ථානය කරවූ බව ජනප්‍රවාදවල සඳහන් වේ. කන්ද උඩරට රජකළ සෙනරත් රජුගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව මීගස්තැන්න අදිකාරම්ගේ මඟ පෙන්වීම මත මීගම්මන ග්‍රාමවරය කේන්ද්‍රය කරගෙන ටැම්පිට විහාරයක් කරවූ බව පැවැසේ.

ටැම්පිට හිඳි පිළිම කරවා රජ අණට
ගම්වර දුන්නෙ රජ අණ ලෙස තේවයට
නාමල් පුදන රජ බිසොවරු දෙන්නාට
පෙරහැර කළෝ සත්දින මෙම විහාරෙට

එදා සිංහල රජ දවස ඉදිකළ ටැම්පිට විහාරය කාලයාගේ ඇවෑමෙන් නටබුන් බවට පත්වී ඉතිරිවූ ගල්කැටයම්, පෞරාණික උළුවස්ස, දොර ජනෙල් ආදිය අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය සඳහා යොදාගෙන ඇත. මෙම විහාර මන්දිරය ගල්ටැම් දහසක් මත ඉදිකරන ලදී. එයට ගොඩවීම සඳහා පඩි සතරකින් පමණ සැදුම් ලත් පියගැට පෙළකි. උළුවස්ස ඉහළින් අඳින ලද මකර තොරණකි.මෙහි හිඳි පිළිමයකි. සැරියුත් මුගලන් අග සව් දෙනමගේ හිටි පිළිම දෙකක්වේ. විහාර මන්දිරයේ උඩු වියන විවිධ වර්ණ ආලේපිත නෙළුම් මල් සහිත මෝස්තරවලින් අලංකාර කර ඇත.

මෙහි පිහිටි මහානුභාව සම්පන්න බෝධින් වහන්සේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස රෝපණය කළ බව පැරැන්නෝ පවසති. බෝධි ආරක්‍ෂක බැම්ම කළු ගලින් නිර්මාණය වූවකි.

මෙහි ඇති පැරැණිතම සංඝාවාසය අවුරුදු සිය ගණනක ඉතිහාසයකට උරුමකම් කියයි. විහාරය සතු තල්පතක වන සඳහනකින් ඒ බව තහවුරු වේ. මුල් යුගයේ එයට පිදුරු සෙවෙණි කර තිබුණි. අදටත් විහාරයේ කටයුතු සිදුවන්නේ සිංහල රජදවස අනුගමනය කළ වත් පිළිවෙත් ඔස්සේය.

වත්මන් විහාරාධිපති ලෙස කටයුතු කරන පාතදුම්බර උපප්‍රධාන සංඝනායක, වත්තේගම බාලිකා විදුහලේ සහකාර විදුහල්පති, ශාස්ත්‍රවේදී මායින්ගමුවේ පියරතන නාහිමියන් සිදු කරන සේවය ඉමහත් ය.

උන්වහන්සේ ගේ පාලන සමයේ විහාරාංග ඉදිකිරීම හා නවීකරණය කිරීම් ආදියද තවදුරටත් විධිමත් සැලැස්මක් ඔස්සේ සිදුකර තිබේ. ප්‍රදේශවාසී ජනතාවගේ බුද්ධාලම්භන පී‍්‍රතිය වඩා වර්ධනය වන ආකාරයෙන් විහාරස්ථානයෙන් ඉටුවන සේවය මහත්සේ අගය කළ යුතුය.

 

 

 

මැදින් මස අව අටවක පෝය

මැදින් මස අව අටවක පෝය අපේ‍්‍රල් මස 02 වැනිදා අඟහරුවාදා අපරභාග 11.23 ට ලබයි.
03 වැනිදා බදාදා අපරභාග 09.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම අපේ‍්‍රල් මස 03 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 09 වැනිදා අඟහරුවාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]