UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය
බුදුදහමට අනුව එක් එක් පුද්ගල යහපත් වීමේ එකතුව සමස්ත ජන සමාජයේම යහපත්වීමේ එකතුවයි. එසේම එක් පුද්ගලයෙකුගේ පරාභවය බොහෝ දෙනාගේ පරාභවයටද හේතුවන්නටද පුළුවන. සූත්‍රගත දේශනා ඇසුරුකොට ගෙන ඉහත සඳහන් නිගමනයන් සනාථ කරන්න.

පිළිතුර
අං:නි.මහාසාල සූත්‍රගත දේශනයට අනුව බුදුරජාණන් වහන්සේ වරෙක (සද්ධං කුලපුත්තං නිස්සාය. අන්තො ජනා) එක් පුද්ගල යහපත වටා සිටින්නවුන් (ආශි‍්‍රතයන්) සද්ගුණ (පංචහි වඩ්ඩහි) අභිවෘද්ධියට පැමිණේ.

සැදැහැයෙන් දියුණූවේ. (සද්ධා)
සිල්වත් බවින් පෝෂණය වෙයි (සීලවා)
පරිත්‍යාගශීලි වෙයි (චාග)
ප්‍රඥාවෙන් අභිවෘද්ධියට පත්වේ (පඤ්ඤා)
(බාහුසච්ච බව) බොහෝ ඇසූ
පිරූ ගති ඇත්තෙකු වීම (සුතවත්)

ප්‍රශ්නය
දෙමව්පියන් (මාතාපිතරො පුත්තං ඉච්ඡන්ති කුලෙ ඡායාමානං) යහපත් පුතෙකුගේ උපත වඩාත් කැමැති වන බව (ඨානානි සම්පසන්ත) අවධාරණය කරයි. අං.නි. සුමනා වග්ග පුත්‍ර සූත්‍රයෙහි එන දේශනාවලින් එම දේශනාව සනාථ වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර
තමා සුවපත්ව අපවද සුවපත් කරයි. යන විශ්වාසය මවුපියන් තුළ ස්ථානගතවීම (භතොවා නො හරිස්සාමි)
අපගේ කුදු මහත් කටයුතු නොපිෙරිහෙළා ඉටුකරන්නේය( කිච්චං වා නෙකරිස්සාමි)
අපගේ කුලපරපුර ආරක්ෂා කරයි. (කුල වංසො චීරං ඨස්සති)
සන්තකය කැමැත්ත පරිදි කටයුතු කරයි. යන විශ්වාසය (දායජ්ජං පටිපජ්ජති)
මිය ගිය පසු සිහිපත්කොට දුන් පිංකම් කොට සිහිපත් කරයි. (අථච පන පේතානං කාලකතානං (දක්ඛිණං අනුප දස්සතීති)

ප්‍රශ්නය
බුදුදහම සමාජගත පුද්ගලයන් හඳුනා ගැනීම ජීවිතය සැපවත් කරගැනීමට එක් හේතුවක් බව පැහැදිලි කරයි. ජීවිත සැපවත් කරන යහගුණැ ති කල්‍යාණ මිත්‍රයෙකු සතු ගුණදහම් හතක් හඳුන්වාදේ .ඒ මොනවාද?

පිළිතුර
මනා හැසිරීම් රටාවකින් යුත් පි‍්‍රය මනාප හික්මුණු පුද්ගලයෙකුවීම,
ගරු කටයුතු ආදර්ශවත් පෞරුෂයකින් යුක්තවීම. වරද නිවැරැදිව මනාව වටහාදීමේ හා නිසි අවවාද දීමේ ශක්තිය,
ඇසුරු කරන මිතුරු මිතුරියන්ට හොඳින් සවන් යොමු කරන්නෙකුවීම,
මිතුරා අයහපත් දේ කිරීමෙන් වළක්වා සුමඟට යොමු කිරීම
දුෂ්කර වූ ගැටලු සහගත කරුණු වටහා දීම,
ඉවසීම

ප්‍රශ්නය
අනුරාධපුර යුගයේ චෙතිය ගිරිය, මිස්සක පබ්බත සෑගිරිය යන නම් වලින් හැඳින්වූ ස්ථානය කුමක්ද?

පිළිතුර
මිහින්තලය

ප්‍රශ්නය
දාන පාරමිතාව බෝසත් ගුණයකි. දාන වස්තුව, ප්‍රතිග්‍රාහක අරමුණ හා දීමෙහි මහත්ඵල මහානිශංස ලැබීම පිළිබඳව ද පෙළ දහම් පොත්පත් වල විස්තර වූ පිළිවෙත් දක්නට ලැබෙයි. ප්‍රතිග්‍රාහක (ලබන්නා) පිළිබඳව බුදු දහම අවධාරිත දේශනයන් කිහිපයක් පැහැදිලි කරන්න.

පිළිතුර
නිවහනට පැමිණෙන්නාට (ආගන්තුක දාන)
ගම්වැසියන්ට ( ගාමිකස්ස)
රෝගීනට (ගිලානස්ස )
දුර්භික්‍ෂකාල (දුබ්හිකදාන)
අග්‍රසශ්‍යව්‍ය දාන (නවය සස්සානි නව ඵලානි (පඨමට සදීවන්තෙසු පතිට්ඨාපෙති)

 

දුරුතු පුර අව අටවක පෝය

දුරුතු පුර අව අටවක පෝය පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා පූර්වභාග 08.14 ට ලබයි.
04 වැනි දා සඳුදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 09 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]