UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළුතර බෝඹුවල

කළුතර බෝඹුවල ශ්‍රී මුනින්දාරාම මහා විහාරය

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ඡන්ද කොට්ඨාසයේ පිහිටි බෝඹුවල නම් වූ ග්‍රාමයට අයත් ශ්‍රී මුනින්දාරාම මහා විහාරය ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන අතරින් කැපී පෙනෙන බෞද්ධ සිද්ධස්ථානයකි. කළුතර කටුකුරුන්ද හන්දියේ සිට සැතැපුම් පහක් පමණ කෙත්හේන පාරේ ගමන් කිරීමෙන් රමණීය කඳු ගැටයක පිහිටි ශ්‍රී‍්‍ර මුනින්දාරාම විහාරයට පැමිණීමට හැකිය.

1948 වර්ෂයේදී සද්ධම්ම කීර්ති ශ්‍රී බෝඹුවල සිරිසෝමානන්ද නාහිමිපාණන් වහන්සේ, තෙබුවන ඤාණවිමල නාහිමිපාණන් වහන්සේගේ අනුදැනුම ඇතිව මෙම විහාරස්ථානය ගොඩ නඟා ඇත. මුලදී පොල් අතු මඩුවක් ලෙසට ඉදි කෙරුණු මෙම විහාරයට භූ®මි භාගය ලබා දුන්නේ පාඋයන්ගොඩ ප්‍රදේශයේ විසූ කේ.ඩී. ඇන්නීස් මුදලාලි මහතාය.

පසුකාලීනව විහාරස්ථානයට අවශ්‍ය සියලු අංගයන් ගොඩනැඟීමට විහාරාධිපති හිමි දායක කාරකාදින්ගේ සහය ලබා ගත්තේය. ඒ අනුව දර්ශනීය පින් බිමක් ඉතා කෙටි කලක් තුළ නිර්මාණය විය. පසුකාලීනව විහාරාධිපති ධුරයට පත් වූ බෝඹුවල සිරි සෝමවංශ නාහිමියන්ගේ උට්ඨාන වීර්යයද ඊට හේතුවිය.

කළු ගලින් නිම වූ ධර්ම ශාලාව සහ අලංකාර විහාර ගෘහය ශ්‍රී මුනින්දාරාම විහාරයට ගෙන එන්නේ අපූර්වත්වයකි. විහාර ගෘහයේ ඇති ඉපැරැණි චිත්‍ර හා මූර්ති මගින් ජාතක කතා හා බුදුසිරිතේ සිදුවීම් සිත් ඇදගන්නා සුළු අයුරින් නිරූපිතය. උසින් අඩි 35 ක් වූ චෛත්‍ය රාජයාණන් වහන්සේද මෙම විහාරයට ආශිර්වාදයකි. සිරි සෝමවංශ නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයන් වූ බෝඹුවල සිරිසුමන හා නෑබොඩ සිරි සුනන්ද හිමිවරුන්ගෙන් විහාර සංවර්ධන කටයුතු සඳහා ලැබී ඇති සේවයද අතිවිශාලය.

ඉමහත් ප්‍රසිද්ධියක් ඇති මෙම විහාරස්ථානය සියලු විහාරාංගයන්ගෙන් සමන්විත, සිත් පහන් කරන පුණ්‍ය භූ®මියකි. වත්මන් විහාරාධිකාරි ශාස්ත්‍රපති කන්තලේ සාරානන්ද හිමියන්ගේ දැඩි කැපවීම හා උත්සාහය මත අභිනව ධාතු මන්දිරයක්ද විහාරස්ථානයේ ඉදිවෙමින් පවතී. ප්‍රදේශයේ ධර්ම ප්‍රබෝධය ඇති කිරීමට මෙම විහාරස්ථානය තව දුරටත් සංවර්ධනය කරන බව උන්වහන්සේ පැවැසූහ.

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය ජනවාරි මස 04 වැනි දා සිකුරාදා අපරභාග 09.54 ට ලබයි. 05 වැනි දා සෙනසුරාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
ජනවාරි මස 11 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]