Print this Article


<%on error resume next%> සිය වසක් සපිරෙන දා පින්කමක්

සිය වසක් සපිරෙන දා පින්කමක්

වාද්දුව ශ්‍රී ලංකාරාම විහාරස්ථාන කුලඟන සමිතියේ ප්‍රධාන අනුශාසිකා කේ.එස්. ඒ ප්‍රනාන්දු මෙනවිය වයස අවුරුදු සියයට පාතැබීම නිමිත්තෙන් එම කුලඟන සමිතිය මගින් ආශිර්වාද පින්කමක් පවත්වනු ලබයි. ඇයගේ උපන් දිනය වෙනුවෙන් සියක් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් 2012 දෙසැම්බර් 01 සෙනසුරාදා වාද්දුව ශ්‍රී ලංකාරාමයේ දී පැවැත් වේ. එදින රාත්‍රී බෝධි පූජාවක් පැවැත් වේ.

කේ. එස්.ඒ. ප්‍රනාන්දු මෙනවිය වසර 35කට වැඩි කාලයක් දිවයිනේ විවිධ ප්‍රදේශවල (බදුල්ල, බකමූණ, මාතර, යාපනේ) සේවය කළ අතර පානදුර නල්ලුරුව සිරිසීවලි විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධානාචාරිණී ලෙස සේවය කරමින් සිට 1969 දී විශ්‍රාම ලැබීය. සිය ළමා කාලයේ පටන් ආගමික, ජාතික සේවාවන්ට කැපවී ක්‍රියා කළ ඇය තමන් සේවය කළ සියලු ප්‍රදේශවල ආගමික, සාමාජික, අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රගමනයන් කෙරෙහි දැඩි ඇල්මකින් කටයුතු කළා ය. විශ්‍රාම ලැබීමෙන් පසු තම උපන්ගම වන වාද්දූවට පැමිණි ඇය, වාද්දූව ශ්‍රී ලංකාරාමයේ කුලඟන සමිතියේ විවිධ නිලතල දරමින් ආගමික සේවයේ නිරත විය. මෙම විහාරස්ථානයේ විහාර මන්දිරය ගොඩනැඟීම සඳහා කළ ඇයගේ කැපවීම කුලඟන සමිතියට මහත් අනුබලයක් වූවාය.

මෙම උපාසිකාව සියක් වස් ආයු කාලයට පා තැබීම කෙරෙහි කුලඟන සමිතියේ ඇති කෘතවේදීතාව දැක්වීම සඳහා පින්කම විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ කාරක සභික වාද්දුවේ ධම්මවංස ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පින්කම පැවැත් වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.