UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%>

සිතුල්පව්ව ඓතිහාසික රාජමහා විහාරය

දොළොස් දහසක් මහරහතන් වහන්සේ වැඩ සිටි සිතුල්පව්ව රාජමහා විහාරයේ මෙවර කඨින පුණ්‍යෙීත්සවය නොවැම්බර් මස 03, 04 දෙදින අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහි දායක සභාවේ ගරු සභාපති අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රධාන දායක සභාවේ හා අනිකුත් දානපතීන් හා අනුග්‍රාහක භවතුන්ගේ පූර්ණ අනුග්‍රහය මෙවරද, ලැබී ඇති අතර, මුල් දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පසුදින හීල්දානය හා දවල් සංඝගත දක්‍ෂිණාවද සිදු කෙරිණි.

දැනට මසකට පමණ පෙර කරන ලද පුරාවිද්‍යා කැණීම්වලට අනුව මෙම උතුම් පුණ්‍යභූමියෙන්, එදා රහතන් වහන්සේලා පරිහරණය කරන ලද පොකුණක් හා ඒ අසල පැරැණි ස්මාරකයක නටබුන් ද මතු වී ඇත. තවදුරටත් සිතුල්පව්වේ ඉතිහාසය සොයා බලන විද්වතුන්ට එහි පෞරාණික වැදගත්කම ගැන නව මාවතක් පෙන්වන සුළුය.

අවුරුදු 2300 ක් පමණ එනම් ක්‍රි.පූ. 250 තරම් ඈතට විහිදී යන සිතුල්පව් ඉතිහාසය හා බැඳෙන ගිරිලිපි, ශිලාලිපි, ලෙන් තොරතුරු හා සුමංගල විලාසය වැනි පොත්පත් රාශියක් ඇත. මුළු ලොව මවිත කරවන තරමේ විද්‍යාත්මක අතීතයක් රහතන් වහන්සේලා ප්‍රමුඛ එදා අධ්‍යාත්මික මිනිස් සමාජයෙන් විහිදී ගොස් ඇති බවක් දැනේ.

එවැනි පුණ්‍යභූමියක සිදුකෙරෙන කඨින පින්කමට විශාල පිරිසක් ද සහභාගි වූ අතර සිතුල්පව් විහාරයේ මෑතදී අතිවිශාල සංවර්ධනයක් සිදු කෙරෙමින් වැඩ වෙසෙන, වර්තමාන විහාරාධිපති දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක අෂ්ඨමහා විහාරාධිපති, ශාස්ත්‍රපති, පණ්ඩිත, මැටරඹ හේමරතන නාහිමියන්ට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටද දායක සභාව අවශ්‍ය පියවර ගෙන තිබිණි.

උන්වහන්සේ විසින් කාවන්තිස්ස රජතුමා තැනවූ මඟුල් මහා විහාරයද එහි පිහිටි පරිසරයද නැවත පිළිසකර කිරීමට ගත් පියවරත් ඒ අසළ වැව නැවත සකස්කිරීම හා විශාල ළිඳක් තැනවීමත් සුවිශේෂ ලෙස ඇගයීමට ලක් කළ යුතු ය.

මෙම සිතුල්පව්ව විහාරය අවුරුදු දහස් ගණනක් මහා වනාන්තරයෙන් වැසී තිබී ඇති අතර 1917 දී නැවත එය සොයා ගිය ගමන දැන් මල්ඵල හට ගෙන ඇත. එම ආදි කර්තෘ නාහිමියන් වහන්සේලා වන කවි කුලතිලක අතිපූජ්‍ය කලහේ ශ්‍රී රතනජෝති ගුණරතනාභිධාන නාහිමි, අතිපූජ්‍ය ඉළුක්පිටියේ සිරි ජිනරතනාභිධාන නාහිමි, අතිපූජ්‍ය වත්තේහේනේ සිරි රතනසාරාභිධාන නාහිමි, පූජ්‍ය වත්තේහේනේ සිරි පියරතනාභිධාන හිමිපාණන්, පූජ්‍ය උණවටුනේ රතනජෝති හිමිපාණන්ටද පුණ්‍ය අනුමෝදන් කිරීම මෙවර කඨින පුඡ්‍යොත්සවයේ දී විශේෂ කටයුත්තකි.

ත්‍රස්තවාදී උවදුරෙන් රට බේරාගත් සිරිලක් ජනපති අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රධාන රජයට, සෙත් පතා සිදු කෙරුණු සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාවක්ද, ත්‍රිවිධ හමුදාව හා සමස්ත ශ්‍රී ලංකා ජනතාවටම සෙත් පැතීමේ ආශිර්වාද පූජා ද සිදු කෙරුණි.

 
වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 13 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.14 ට ලබයි.
14 වැනි දා බදාදා පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 20 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]