අධි සිල් ලැබූ හිමිවරුන් පිළිගැනීමේ උත්සවය පෝදා
නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා
නිකායේ මහෝපාධ්‍යාය ධම්මසිද්ධි මුනින්දසිරි වංසාලංකාර විනය කීර්ති
ශ්‍රී ප්‍රවීණාචාර්ය නිට්ටඹුවේ ධම්මසිරි නාහිමි කෘත්‍යාධිකාරී, ශ්‍රී
ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභික ගලපිටමඩ ඉන්දානන්ද හිමිවරුන්ගේ
ශිෂ්‍ය ආඳාවල විමලධම්ම, ජයසේගෙදර විනීත, ඌරුබොක්කේ ජිනවංශ, සීනිපැල්ලේ
විපුලසිරි, ඌරුබොක්කේ චන්දරතන යන සාමණේරයන් වහන්සේලා ජූලි 23 දින
පේරාදෙණිය මහාවාලුකානදී උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා භූමියට පත්
වූ අතර, අභිනව උපසම්පදාලාභී ස්වාමීන් වහන්සේලා පිළිගැනීමේ උත්සවය
අගෝස්තු මස 01 (නිකිණි පුර පසළොස්වක) දින ප.ව. 3.00 ට පිරිවෙන්
විහාරස්ථානයේ දී පැවැත්වේ.
![](z_p30-adhi2.jpg) |