UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගුංගොමුව ශ්‍රී මහා විහාරය


ලෙන් බුදු මැදුරේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

ඓතිහාසික රයිගම්පුරවරයේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙහි පිහිටි ගුංගමුව ශ්‍රී මහා විහාරය ‘ශෛලාන්තර මූල මහා විහාරය ’නමින් ද හැඳින්වේ.ශෛලාන්තර මූල විහාරය යැයි සඳහන් වනුයේ මහා ගල් පර්වතයක් මුූල මෙම විහාරස්ථානය පිහිටා ඇති හෙයින් බැව් වත්මන් විහාරාධිපති ශාස්ත්‍රවේදී කුඹුකේ ඉන්දසුමන හිමිපාණෝ පවසති.


බුදු මැදුරේ ඇතුළත පිළිම විනාශ වෙමින් පවතින අයුරු

1822- 1831 අතර යුගයේ ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් එඩ්වර්ඩ් බාන්ස් වෙත වීදාගම පුරාණ විහාරස්ථානයෙහි වැඩ සිටි විසිදාගම සෝභිත හිමි සංදේශයක් යවමින් රයිගම් කෝරලයේ විහාරස්ථාන කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීමට අවසර ඉල්ලා ඇත. වීදියගොඩ, ලෙනවර, ගුංගොමුව , කොළ මැදිරිය, වීදාගම, හොරණ යන රජ මහා විහාර සහ පුරාණ මහා විහාර එම විහාරස්ථාන අතරට ඇතුළත් වේ. එම සංදේශයේ තොරතුරු මත ගුංගොමුව පුරාණ මහා විහාරස්ථානය ඉදිකර දැනට වසර 180 ක් පමණවේ.

ගුංගමුව පුරාණ මහා විහාරස්ථානයේ පාමුල ස්වභාවික ගල් ගුහාවකි. වර්ග අඩි 80 ක් පමණ වූ ගල් ගුහාව අඩි 9 ක් පමණ උසකින් යුක්ත ය. විහාරස්ථානයේ බුදු මැදුර ඉදිකර ඇත්තේ මෙම ගල්ලෙන තුළය.එහි සමාධි බුද්ධ ප්‍රතිමාව වැඩ හිඳුවා ඇත. මූල විහාරස්ථානය ඉදි කිරිමට ගල්ලෙන හේතු වූ නිසා ‘ශෛලාන්තර මූල මහා විහාරය’ වශයෙන්ද හැදින්වේ.

පන්සල් බිමේ බටහිර මායිමේ තවත් එවැනි ගල් පර්වතයකි. එහි එකිනෙකට ආසන්නව දෙකළවරේ ගල්ලෙන් දෙකක් පිහිටා ඇත. කටාරම් කොටවා ගල් උළුවහු තබා සංඝයාගේ ප්‍රයෝජනය සඳහා යොදා ගෙන ඇත්තේ ඉන් එක් ගල් ලෙනකි. මෙම ස්ථානයේ මුලින්ම පදිංචිව සිටි විසිදාගම සෝභිත හිමියන් මෙම ලෙන සිය කුටිය වශයෙන් ප්‍රයෝජනයට ගෙන ඇත.


චෛත්‍ය රාජයාණන් වහන්සේ

වීදියගොඩ සඟ පරපුරට අයත් ගුම්ගොමුව පුරාණ ශ්‍රී මහා විහාරයේ සංඝ පරම්පරාව මේ විහාරස්ථානය ගොඩ නගා සංවර්ධනය කිරීමේදි විවිධ අභියෝගයන්ට ලක්ව ඇත. විහාර අංග සියල්ලෙන් යුක්ත මෙම විහාරස්ථාන භුමියේ කතරගම සහ ගම්භාර දේවාල දෙකක්ද ඇත. විහාරස්ථානයෙහි ඇති බිතු සිතුවම් විනාශවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති අයුරු ශෝකජනකය. රයිගම කෝරලයේ පුරාණ මහා විහාරස්ථානයක් වන මෙම විහාරයෙහි දුර්ලභ බිතු සිතුවම් ආරක්‍ෂා කර ගන්නට සුදුසු පියවරක් ගන්න යැයි විහාරාධිපති හිමිපාණෝ ඉල්ලති.ඒ සමගම විහාරස්ථානය අවට ඇති පෞද්ගලික ඉඩම් හිමියෝ සතු විශාල ගල් පර්වත විනාශ කිරීම කාලයක පටන් පවත්නා හෙයින් ඒ ගැන ද පියවරක් ගත යුතු යැයි අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.


විහාරාධිපති කුඹුකේ

ඉන්දසුමන හිමි


ප්‍රතිසංස්කරණය කර ඇති නුවර යුගයේ ඉදිකළ ධර්ම ශාලාව

 

 

 

 

 

අසළ අමාවක පෝය

අසළ අමාවක පෝය ජුලි 18 වනදා බදාදා පූර්ව භාග 09.07 ට ලබයි.
19 වනදා බ්‍රහස්පතින්දා පුර්වභාග 09.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 18 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුලි 26 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]