විශ්ව ව්‍යාපී
සත්‍ය සතර
රත්මලාන ශ්‍රී රත්නාරාමය, බොරලැස්ගමුව සිරි සෝණුත්තර විහාරය යන
උභය විහාරාධිපති බස්නාහිර පළාත් සහිත කොළඹ නව තොටමුණේ
ප්‍රධාන අධිකරණ සංඝනායක
සූරියගොඩ සිරිධම්ම නා හිමි
බුද්ධ දේශනාව අනුව පුද්ගල දුක හා සමාජ දුක තණ්හාව නිසා මම ය, මාගේ යයි
අල්ලා ගැනීමෙන් ඇතිවෙයි. ගසක මුල නිරුපද්‍රිතව දැඩිව පවත්නා කල්හි ගස
කපා දැමුවත් නැවත නැවත වැඩෙයි. එසේම තණ්හාවත් ඒහා බැඳුණු සියලු කෙලෙස්
උදුරා දමන තුරු දුක නැවත නැවත උපදී.
මෙයින් පැහැදිලි වන්නේ
සත්වයන්ගේ අනුසය වශයෙන් පවත්නා තණ්හාවත් එනම් සිත තුළ නිදා සිටින
තණ්හාවත්
මුලිනුපුටා දමන තුරු දුක
නැවත නැවත උපදින බව යි
2012 . 06 . 04 පත්‍රය හා සම්බන්ධයි
වේදනාව ස්පර්ශයෙන් ඇතිවේ. මෙසේ චක්‍රාකාරව පවතින හෙයින් ආරම්භයක්
කෙළවරක් පටිච්චසමුප්පාද ධර්මයෙහි දක්නට නැත. “අවිජ්ජා පච්චයා තණ්හා”
යයි දක්වා ඇත්තේ අවිජ්ජාව ආරම්භය වශයෙන් පවතින නිසා නොව කොතැනකින් හෝ
ආරම්භ කළයුතු නිසා ය.
දුක් ඇතිවීමට එක ම හේතුව තණ්හාව ම නොවූවත් දුක් ඇතිවීමට ප්‍රධාන හේතුව
තෘෂ්ණාව යි. ආශ්‍රම ධර්ම අතර කාමාශාව නමින් තණ්හාව දක්වා ඇති අතර
අවිජ්ජා දිට්ඨි ආශ්‍රමයන් ද තෘෂ්ණාවට උපස්ථම්භක වේ. හේතු වේ. එයින්
පැහැදිලි වන්නේ ද තෘෂ්ණාව ප්‍රමුඛස්ථානයට පත්වන බවයි. තෘෂ්ණාව වශයෙන්
පංච කාමය පමණක් නොව දෘෂ්ටි, ආකල්ප විශ්වාස යන මේවා ද ගැනේ. නො දැනීම
නිසා මම ය මාගේ ය යයි අල්ලා ගැනීම තණ්හාව ඇතිවීමට මූලික හේතුව යි. මේ
නිසා පෞද්ගලික කල කෝලාහල පමණක් නොව රට රටවල් අතර යුද කෝලාහල ද ඇතිවේ.
මේ ප්‍රශ්න විසඳීමට නම් ඒවා ඇතිවීමට හේතු වන මූල නිධානය සොයා බලා ඊට
පිළියම් යෙදිය යුතුය. එහෙත් “තණ්හා පච්චයා භවෝ” පටිච්චසමුප්පාදයෙහි
ඉගැන්වෙන පුනර්භවයට තෘෂ්ණාව හේතුවන ආකාරය ඊට වඩා ගැඹුරින් විග්‍රහ කර
බැලිය යුතුය. මෙහිලා කර්මය පිළිබඳ දැනීම ද අවශ්‍ය වන්නේ ය.
බුදු දහම ආහාර සතරක් පිළිබඳව විග්‍රහයක් කරයි.
1. සත්වයන් ජීවත්වීමට සඳහා කබලිංකාරාහාරය,
2. පංචේන්ද්‍රියයන් බාහිර ලෝකය සමඟ ස්පර්ශයෙන් ඇතිවන ඵස්සාහාරය,
3. ඵස්සාහාර හේතුවෙන් ඇතිවන විඥානාහාරය,
4. ඒ ඒ ගැටීම් නිසා ඇතිවන මනෝ සංචේතනාහාරය
යනු ඒ සතරයි. මේ ආහාර සතර සත්වයාගේ පැවැත්මට හේතු වෙයි. සත්වයාගේ
පුනර්භවයට හේතු වන්නේ මනෝ සංචේතනාහාරයයි. මනෝ සංවේතනාහාරය යනු චේතනාවට
ම භාවිත වන පර්යාය නාමයකි. චේතනාව ම කර්මය වන බව බුදුරජාණන් වහන්සේ
පෙන්වා දුන්හ.
මනෝ සංචේතනාහාරය අවබෝධ කරගත් විට තෙවදෑරුම් තෘෂ්ණාව ගැන දැනීම ඇතිවෙයි.
මෙයින් සත්වයාගේ සාංසාරික ගමන දිගින් දිගටම සිදුවේ. දුකේ හේතුව ද දුක
තුළ ම පවතී. දුක්ඛ නිරෝධයේ හේතුව පවතිනුයේ දුකින් බැහැර නො වේ.
යම්කිසිවක් හටගන්නා සුළු නම් ඒ සියල්ල නැසෙන සුළුය. මෙයින් පැහැදිලි
වන්නේ දුක හටගැනීම හා එහි නිරෝධ ය ඒ තුළ ම පවත්නා බව යි.
බුද්ධ දේශනාව අනුව පුද්ගල දුක හා සමාජ දුක තණ්හාව නිසා මම ය, මාගේ යයි
අල්ලා ගැනීමෙන් ඇතිවෙයි. ගසක මුල නිරුපද්‍රිතව දැඩිව පවත්නා කල්හි ගස
කපා දැමුවත් නැවත නැවත වැඩෙයි. එසේම තණ්හාවත් ඒහා බැඳුණු සියලු කෙලෙස්
උදුරා දමන තුරු දුක නැවත නැවත උපදී. මෙයින් පැහැදිලි වන්නේ සත්වයන්ගේ
අනුසය වශයෙන් පවත්නා තණ්හාවත් එනම් සිත තුළ නිදා සිටින තණ්හාවත්
මුලිනුපුටා දමන තුරු දුක නැවත නැවත උපදින බව යි.
දුක්ඛ නිරෝධාර්ය සත්‍යය
දුක්ඛ නිරෝධාර්ය සත්‍යය විස්තර කරන බුදුරජාණන් වහන්සේ දම්සක් පැවැතුම්
සූත්‍රයේ දී වදාළ සේක්, “මහණෙනි, දුක්ඛනිරෝධාර්ය සත්‍යය නම් තෘෂ්ණාව
සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම, නැති කිරීම, සම්පූර්ණයෙන් ම ඉවත්
කිරීම, එයින් මිදීම හා එහි නො ඇලීමයි. යනුවෙනි. නිරෝධය හෙවත් දුකින්
මිදීම නිවන යි. නි යනු නැත යන අදහස ගෙන දෙන උපසර්ගයෙකි. වාණ නම්
තෘෂ්ණාව යි. නි වාණ – නිබ්බාන විය. එහි අදහස තෘෂ්ණාව නැති යනුයි.
නිවන ලෝකෝත්තර තත්ත්වයෙකි. එය අවබෝධයෙන් ම වටහා ගතයුතු ය. භාෂාවන්ගේ
වචන සෑදී ඇත්තේ ලෝකයේ පවත්නා දේ හඳුන්වා දිමටය. එහෙයින් භාෂාවන්ගේ
වචනවලින් ලෝකයෙන් එහා පවතින දෙයක් විස්තර කිරීම අසීරුය.
නිර්වාණය හැඳින්වීම සඳහා වදන තිස් දෙකක් සංයුක්ත නිකායේ දක්වා ඇත.
එයින් පැහැදිලි වන්නේ නිර්වාණය හඳුන්වා දීමට ලෞකික භාෂාමය වචනවලින් නො
හැකි බව ය. ඇතැම් විට උපමා රූපක මගින් ද නිවන හඳුන්වා දීමට යත්න දරා
ඇත. රහතන් වහන්සේ පහන නිව්නාක් මෙන් පිරිනිවන් පාන බව රතන සූත්‍රයෙහි
සඳහන් වේ.
නැවත සංස්කාරයන්ගෙන් සෑදුන දෙයක් නො වේ. එහි ඇත්තේ අවේදයිත සැපයෙකි. උණ
රෝගයෙන් පෙළී සිටියකු එම රෝගය සුව වූ විට දැන් සනීපයි කියයි. එහෙත්
ඔහුට ඇත්තේ උණෙන් නිදහස් වීම මිස අමුතු සනීපයක් නොවේ. නිවන ද එබඳු ය.
සංස්කාරයන්ගෙන් සෑදුණ උපාධානස්කන්ධයන්ගෙන් මිදීම පරම සැපත ලෙස හඳුන්වනු
ලැබේ.
ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ භික්ෂූන්ට ධර්මදේශනා කරන විට “
ඇවැත්නි, නිර්වාණය සැපයකි” යැයි පැවසූහ. එවිට ආයුෂ්මත් උදායි ස්ථවිරතෙම
සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, නිර්වාණයෙහි විඳීමක් නැත්නම් ඇති සුවය
කුමක්දැයි විමසීය. එයට සැරියුත් හිමි පිළිතුරු දෙන්නේ ආයුෂ්මත් උදායි,
විඳවීමක් නැතිවීම ම එහි සැපය යි ප්‍රකාශ කළේය. තවදුරටත් එම කරුණ
පැහැදිලි කරන සැරියුත් තෙරණුවෝ ධ්‍යාන සුවයෙන් ගතකරන්නකුට කාම සංඥාවෝ
ආබාධයන් වෙති. ආබාධයක් වේ නම් එය දුකක් බව භාග්‍යවතුන් වහන්සේ විසින්
දේශනා කොට ඇත. එසේ ආබාධ නැතිවීම සැපයකැයි සැරියුත් තෙරණුවෝ පැහැදිලි
කළහ.
නිර්වාණය තර්කයට ගෝචර නො වන හෙයින් අතක්කාවචර වෙයි. එය ප්‍රඥාවන්තයන්
විසින් තම තමන් ම දත යුතු ය. “ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි යනුවෙන්
දහම් ගුණ පාඨයෙහි සඳහන් වන්නේ එයයි.
දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්ය සත්‍යය
දුක්ඛ නිරෝධගාමිණී පටිපාදාර්ය සත්‍යය දම්සක් පැවතුම් සූත්‍රයෙහි දක්වා
ඇත්තේ “ ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිණි පටිපදා අරියසච්චං අයමේව
අරියෝ අට්ඨඞ්ගිකෝ මග්ගෝ සෙය්‍යථිදං සම්මා දිට්ඨි, සම්භාසඞ්කප්පෝ, සම්මා
වචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා
සමාධි” යනුවෙනි. නිවන අවබෝධ කිරීමටත් එමඟින් දුකින් නිදහස් වීමටත් ඇති
එකම පිළිවෙත ආර්යාෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව වශයෙන්
හඳුන්වනු ලැබේ.
හීන, ග්‍රාම්‍ය, පෘථග්ජනයන්ට අයත්, අනාර්ය, අනර්ථකර කාමසුඛල්ලිකානු
යෝගයත්, දුක් සහිත, අනාර්ය, අනර්ථකර අත්තකිලමතානු යෝගයත් යන අන්ත දෙකට
නොවැටෙන හෙයින් මධ්‍යම ප්‍රතිපදාව නම් වේ. සිද්ධාර්ථ ගෞතම බෝසතාණෝ
පළමුව කාමසුඛල්ලිකානුයෝගයෙහි ද පසුව අත්තකිලමථානුයෝගයෙහි ද යෙදී ඒවා
හිස් බව වටහාගෙන ඇස් ලබාදෙන, නුවණ ඇතිකරන උපසමයටත් අභිඥාවටත්
සම්බෝධියටත් නිර්වාණයටත් හේතු වන ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්‍යම
ප්‍රතිපදාව සොයාගත්හ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කොට සීල, සමාධි,
ප්‍රඥා යන ත්‍රිශික්ෂාව ලබා නිවන් ක්ෂාත් ක්ෂාත් කරගැනීම එහි පරමාර්ථය
යි.
මෛත්‍රියත් කරුණාවත් පාදක කොට ඇති සීලය සම්මා වාචා, සම්මා කම්මන්ත,
සම්මා ආජීව යන අංග තුනට ඇතුළත් වේ. සම්මා වායාම සම්මා සති, සම්මා සමාධි
යන තුන සමාධියට අයත් වන අතර සම්මා සංකප්ප, සම්මා දිට්ඨි අංග දෙක
ප්‍රඥාවට අයත් ය. සච්ච විභංග සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය නම් දුක
පිළිබඳ දැනීම, දුක හටගැනීම පිළිබඳ දැනීම, දුක නැති කිරීම, දුක
නැතිකිරීමේ මග පිළිබඳ දැනීමයි. සම්මා සංකප්පය නම් නෙක්ඛම්ම සංකප්පය,
අව්‍යාපාද සංකප්පය හා අවිහිංසා සංකප්පය යි. සම්මා වාචා නම් බොරු කිම,
කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන මේවායින් වැළකීමයි. සම්මා
කම්මන්ත නම් ප්‍රාණ ඝාත, අදත්තාදාන, කාමමිච්ඡාචාර යන වැරදි නො කිරීමයි.
සම්මා ආජීව නම් මිථ්‍යා ආජීවය හැර යහපත් ලෙස දිවි පැවැත්වීම යි. සම්මා
වායාම නම් නූපන් පාපී අකුසල ධර්ම නො ඉපදීම සඳහා වෙර වැඩීම උපන් පාපී
අකුසල ධර්ම ප්‍රහාණය පිණිස වෙර වැඩීම උපන් පාපී අකුසල ධර්ම ප්‍රහාණය
පිණිස වෙර වැඩීම, නූපන් කුසල් දහම් ඉපදවීමට වෙර වැඩීම, උපන් කුසල් දහම්
ස්ථිර කර ගැනීමට වෙර වැඩීම යි. සම්මා සතිය නම් කාය, වේදනා චිත්ත ධම්ම
යන සතර සතිපට්ඨානයෙහි සිත පිහිටුවා ගැනීමයි. සම්මා සමාධි නම් ප්‍රථම
මධ්‍යානය ද්විතීය ධ්‍යාන, තෘතිය ධ්‍යාන චතුර්ථ ධ්‍යාන උපදවා එකඟ වූ
සිතින් යුතුව විදසුන් වඩා රහත් බව ලබාගැනීම යි.
මෙම සත්‍ය සතර එකින් එක සම්බන්ධ නිසා එක ධර්මයක් අවබෝධ කර ගැනීමෙන් ම
නිර්වාණාවබෝධය ලබාගත හැකි ය. මෙම සත්‍යාවබෝධය ලබාගන්නා තුරු සෑම
සත්වයන්ට ම සංසාර දුකින් නිදහස් විය නො හැකිය. සසර දුකක් බව දේශනා කොට
ඇත්තේ ලෝකයෙහි අනිත්‍යත්වයට ගොදුරු නො වන සචේතනික අචේතනික කිසිවක් නො
මැති නිසා ය. |