UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
බුදුදහමට අනුව දූ පුතුන් ගතිලක්‍ෂණ අනුව වර්ග කිරීම් කිහිපයක් පෙළ පොත්වල දක්නට ලැබෙයි. මෙයින් “අතිජාත, අවජාත, අනුජාත, සුජාත” යන සිවු පුතුන් හැර සුවිශේෂ වූ සිව්පුතුන් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල දක්නට ලැබෙයි .පැහැදිලි කරන්න.

පිළිතුර
දෙමව්පියන්ට ජන්මය ගතිලක්‍ෂණ අනුව සුජාත, අතිජාත, අනුජාත, අවජාත පුතුන් අතරට අත්ත්‍රජ, ඛෙත්තජ, දින්නක්, අන්තේවාසික යනුවෙන් පුතුන් සිව් දෙනෙක් හදුන්වා දෙයි. අත්ත්‍රජ පුත්ත නම්. තමන්ට දාව උපන් නීත්‍යානුකූල සදාචාර වූ සුජාත පුත්‍රයාය. දෙවැන්න ඛෙත්තජ පුත්‍රයායි. මෙහිදී ජාතිකත්වය නොව ශිෂ්‍යයෙකු වශයෙන් හෝ උපස්ථායක වශයෙන් ක්‍ෂේත්‍රයෙහි උපත ලද තැනැත්තාය. පුත්‍ර සෙනෙහසින් හදා වඩාගත් පුතු දින්නක පුත්‍රයාය. අන්තේවාසික පුත්‍රයා නම් සමීපතම ශිෂ්‍යයා හෝ උපස්ථායකයාය. ශාසනික පුත්‍ර වශයෙන් පැවිදි සමාජය තුළ වර්තමානයෙහි සඳහන් වේ. දෙවැන්නා වශයෙන් සඳහන් වන ඛෙත්තජ පුත්‍රයා නීත්‍යානුකුල ජන්මයෙන් වෙනත් අයෙකුගේ ජාතක පුත්‍රයෙකු තමා පෝෂණය කොට දරුවකු වශයෙන් හදා වඩාගන්නා තැනැත්තා වශයෙන් බෞද්ධ සාහිත්‍යයෙහි සදහන්ව ඇත.

ප්‍රශ්නය
ප්‍රථම ශ්‍රී ලංකාවාසී රාජ්‍ය පාලකයා වූ මේ රජු සිංහලයන් සමඟ රට නැංවීමට ආදිවාසී ජනතාවගේ සහයෝගය ලබාගෙන අනුරාධපුර පිහිටුවන ලදී. සැලැසුම් කරන ලද නගර නිර්මාණයක් ලෙස අනුරාධපුරය පිහිටුවාලීම ඔහු ගේ විශිෂ්ටතම සේවාව විය. මේ ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයාගේ නම කුමක්ද?

පිළිතුර
පණ්ඩුකාභය රජතුමා

ප්‍රශ්නය
යම් පුද්ගලයෙකු තවත් අයෙකු කෙරෙහි ඇති වෛරය අමනාපය හෝ ඊර්ෂ්‍යාව නැතිකර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාපිළිවෙත් බොහොමයක් අතුරෙන් “අත්තුප්පනායක ධම්ම පරියාය” යනුවෙන් තමා උපමානය වශයෙන් සලකා දූෂිත සිත ඉවත් කරගැනීමයි.මෙම ධර්මපර්යාය පැහැදිලි කරන්න.

පිළිතුර
තමා පිළිබඳව පළමුවෙන් මෙසේ සිතිය යුතුය. මම සැපයට කැමැතිවන්නේ වේදනාවට ප්‍රිය වන්නේ යම් සේද මා ජීවත්වීමට කැමැති වන්නේ මරණයට අකැමැති වන්නේ යම් සේද අනෙකුත් සියලුම සත්වයන් කල්පනා කරන්නේද එසේ මය.

මෙසේ තමා උපමානය සේ සලකා එසේ සිතීම අන්අයගේ ජීවිත පැවැත්මට හානි නොකරයි. ඒ අයගේ ජීවිතයට ගෞරව කරයි. භාග්‍යවතුන් වහන්සේද එක අවස්ථාවකදී (සං 1.75) මෙසේ වදාළහ. මම මගේ මනසින් සතර දිසාවම අවලෝකනය කළෙමි. එහෙත් මට වඩා මා කැමැති වෙන කිසිවෙකු මට මුණගැසුණේ් නැත. මේ අයුරින් සෑම කෙනෙකුම තමාට බෙහෙවින් ඇලුම් කරන්නේය. යමෙක් හෘදයංගමව තමාට ආදරය කරන්නේ නම් ඒ තැනැත්තා කිසිවිටක අන් අයට හිංසා නොකරන්නේය.

ප්‍රශ්නය
පස්වන සියවසේ මහානාම රජුදවස ලංකාවට වැඩමකොට අනුරාධපුර මහා විහාරයේ වැඩවසමින් විශුද්ධි මාර්ගය රචනා කළ පඩිවරයා කවුද?

පිළිතුර
බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ

ප්‍රශ්නය
ත්‍රිකුණාමල දිසාවේ තිරියාය ගිරිහඬු සෑය බෞද්ධාමික වශයෙන් වැදගත් වන විශේෂ හේතුව කුමක්ද?

පිළිතුර
තපස්සු - භල්ලුක වෙළෙඳ සහෝදරයන් ලබාගත් කේසධාතුන් වහන්සේ නිදන් කොට ශ්‍රී ලංකාවේ ඉදිකළ ස්ථූපය පිහිටා තිබෙන්නේ තිරියාය ගිරිහඬු සෑය නම් ස්ථානයෙහිය.

ප්‍රශ්නය -
දේවානම්පියතිස්ස මහරජතුමන්ගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට එතුමාගේ සහෝදර උත්තිය කුමරා බු.ව. 277 දී පත්විය. උත්තිය රාජ සමයෙහිදී ශාසනික වශයෙන් සිදුවූ ප්‍රධාන සිදුවීම් කුමක්ද?

පිළිතුර
උත්තිය රාජ්‍යය නව වන වසරෙහිදී සංඝමිත්තා අර්හත් මෙහෙණින් වහන්සේ පිරිනිවීයේය. රජතුමා විසින් සකල ලංකා වාසින් හා එක්ව සතියක් ඒ මහෝත්මයාණන්ට හරසර දක්වා සත්වන දින ථූපාරාමයට පෙරදිගින් පිහිටි “ චිත්තශාලා” නම් ගොඩනැගිල්ලට නුදුරුවූ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පෙනෙන බිම් පෙදෙසෙහි ආදාහනය කරවන ලදී. ආදාහනයෙන් ශේෂ වූ ධාතුන් වහන්සේ නිදන්කොට උත්තිය රජු විසින් සෑයක් කරවන ලදී.

ප්‍රශ්නය
බුද්ධ ධර්මයෙහි සුවිශේෂ ලක්‍ෂණයන් නම්. සන්දිට්ඨික ,ආකාලික, එහිපස්සික, යනාදි ගුණයන් මෙයින් සන්දිට්ඨික ගුණය පැහැදිලි කරන්න.

පිළිතුර
දිට්ඨි නම් දැකීමයි. යහපත්ව දැකීම සන්දිට්ඨ නම් වෙයි. මනා දැක්මට සුදුසු දෑ සන්දිට්ඨික නම්වේ. නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය භාවනා ප්‍රතිවේද වශයෙන්ද ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිවේධ වශයෙන්ද දකිනු ලබන්නේ නම් ඔහුට සසර බියක් නැත. ඒ නිසාම වස්ත්‍රයට සුදුසු වූයේ වත්ථික වන්නාසේම මනා දැකීමට සුදුසු වූයේ සන්දිට්ඨික නම් වෙයි.

 

 

 

මැදින් මස අමාවක පෝය

මැදින් මස අමාවක පෝය මාර්තු 21 වැනි දා බදාදා අපර භාග 06.41 ට ලබයි. 22 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 08.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 22 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]