යහ ගුණ සපිරි මිනිසෙකු ගොඩනගමු
ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
බුදුදහමේ දැක්වෙන්නේ ලාභ, අලාභ, යස,අයස, සැප දුක, නින්දා, ප්‍රශංසා යන
අටලෝ දහමට අප නොසැලී සිටිය යුතු බවයි.
එහෙත් ජයග්‍රහණය කරාම පමණක් යාමට දරන උත්සාහයක් නිසා
විශාල ලෙස ගැටුම් නිර්මාණය වනවා. ක්‍රීඩාව යහපත් දරුවකු බිහි කිරීමට
මිස දරුවන්ගේ ගැටුම් ඇති කිරීමට නොවිය යුතුයි
සිදුහත් කුමරාගේ ළමා කාලය කෙළිදෙළෙන් ගත වුණා. සර්ව මිත්‍ර බමුණාගෙන්
සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා. කඩුශිල්ප, දුනු ශිල්ප ආදිය මෙන්ම
අනෙකුත් ශාස්ත්‍රයන්ගේද කෙළවරටම පැමිණියා යැයි කිවහොත් නිවැරැදියි.
වර්තමානයේ දරු දැරියන් මෙන්ම මව්පියන්ගේද ප්‍රධාන අරමුණ වී ඇත්තේ
ශාස්ත්‍රය හොඳින් හැදෑරීම මිස ශිල්ප කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම
නොවේ. කෙසේ වෙතත් ක්‍රීඩා ශිල්පය කෙරෙහි අප වඩාත් අවධානය යොමු කළ යුතු
වෙනවා. දරුවා සහ ක්‍රීඩාව ගහට පොත්ත මෙන් පවතින්නක්.
දරුවාට යහගුණ සපිරි සමාජයකට පිවිසීමට විශේෂයෙන්ම කායික හා මානසික අතින්
පිරිපුන් දරුවකු වීමට ක්‍රීඩාව මහත් පිටිවහලක් වනවා. අද ක්‍රීඩාව දරුවා
හා මවුපියන් යන තුන් කොටස නිසි අයුරින් ක්‍රියාත්මක වනවාද? මව්පියන්
උපරිම ලෙස දරුවන් ශාස්ත්‍රය හැදෑරීම පිණිස යොදවන නිසා සිසු දරුවන්ගේ සහ
දැරියන්ගේ මනස දැඩි ලෙස තෙරපෙනවා.
මේ තෙරපෙන ළමා මනස, ඉඳහිට අධ්‍යාත්මික සුවයක් ලබපු මනස , විනෝදාස්වාදය
පිණිස එළිදකින ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. ඉන් පළමු වැන්න සිසු දරු
දැරියන් දෙපිරිසටම සහභාගි විය හැකි නිවාසාන්තර ක්‍රීඩා තරග, එසේම
ක්‍රිකට් තරග උණුසුමේ අවසානය වන මහ ක්‍රිකට් තරග, නැත්නම් ‘බිග් මැච්’
.
දරු දැරියන්ගේ තෙරපුණු මනස විනෝදය පිණිස එළි දකින්නේ මේ අවස්ථාවන්හිදී
පමණයි.
මානසික සුවයක් මෙහිදී ඔවුන්ට නිතැතින්ම ලැබෙනවා. මානසික සුවය, සතුට
බුදු දහමේදී උසස්ම සැප ලෙසින් දක්වා තිබෙනවා. එහෙත් අප රටේ සංස්කෘතිය
අනුව අපේ දරු දැරියන් ක්‍රීඩා තරගවලදී එක්වරම විවෘත භාවයකට පත් වෙනවා.
දරු දැරියන් ක්‍රීඩා තරග, ක්‍රිකට් තරග ඇතුළු සියල්ලටම යොමු කළ යුතුයි.
එහෙත් දරු දැරියන් තුළ සාමූහික හැඟීම, සමඟිය ආදි ගුණාංග ඇති කිරිම
බෙහෙවින්ම වැදගත් වනවා.
ක්‍රීඩා තරගවලට සහභාගිවීමේදි දරුවන් අතින් සිදුවිය හැකි වැරැදි
මව්පියන් හඳුනාගත යුතුයි. දරුවන් වරදින් මුදා ගත යුතු බව සිඟාලෝවාද
සූත්‍රයෙහි පැහැදිලිව දක්වා තිබෙනවා.
වර්තමාන සිසු දරුවන්, විශේෂයෙන්ම ‘බිග් මැච්’ සමයේ පාසල් පද්ධතියෙන්
දුරස්ව කරනු ලබන වැරැදි, අඩුපාඩු මව්පියන් හඳුනා ගත යුතු වෙනවා.
මේ වැරැදි පංචශීල ප්‍රතිපදාව කඩා දැමීමක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
හොඳීන් බලන්න ඇතැම් සිසුන් ‘හිංසනය’ මූලික කරගෙන කටයුතු කරනවා නේද?
හිංසනය කුමන අයුරින් බැලුවත් වැරැදියි.
ඒ වගේම තමන්ගේ මිතුරු පාසල් සිසුන් සතුරන් ලෙස සලකා ඔවුන්ගේ පාසලට
ගිහින් , එහෙමත් නැත්නම් පාසල් බස් රථ වෙත ගොස් ඔවුන් විරුද්ධවාදීන්
ලෙස හඳුන්වමින් ඇතැම් විට එම සිසුන්ට පහර දෙන අවස්ථාද තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ ගැර¼ඩියකු පෙලූ දරුවන්ට ලබා දුන් අවවාදය අප මෙහිදී
සිහියට නැගිය යුතුය. සතකුට, සර්පයකුට පවා හිරිහැර නොකළ යුතු බවයි බුදු
දහම දක්වා ඇත්තේ.
එසේම මහ ක්‍රිකට් තරග පවත්වන්නේ පාසල් අතර සුහදතාවය සමඟිය වර්ධනයට,
එහෙත් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි අධර්මය ඉස්මතුවනවා නම් එතැන ගුණ
දහම් රැකදීමක් සිදුවනවාද?
එසේම හිත මිතුරන්ගේ නැත්නම් වැඩිහිටියන්ගෙන් ලබාගන්නා වාහනවල විවෘත ලෙස
ගමන් කරමින් පාසල්වල කොඩි වනමින් පිරිමි සිසුන් ගැහැනු වෙස්ගත්
ඇඳුම්වලින් සැරසී ගමන් කිරීම අපගේ සංස්කෘතියට ගැලපේද? ආගමට දහමට
ගැලපේද?
එතැනදීත් මහ මඟ ජනතාවට කරදර වන ආකාරයෙන් හැසිරීම කෙතරම් අශීලාචාරද?
කෝ අපේ බෞද්ධකම , සංවරකම ,සදාචාරය , ශීලය, හිරි ඔතප් බිඳ වැටිලා.තමන්
වියත් යැයි වැරැදි අර්ථකතනයේ මානසිකත්වය ඉහළ යන්නේ තමන්ට කළ නොහැක්කක්
නොමැති ලෙසින්. මෝහය ඇඟ පුරා දුව යනවා. මේ මෝහය නිසා තමන් කවුද? කල
යුත්තේ නොකළ යුත්තේ මොනවාදැයි ඔවුන්ට පැහැදිලි නැහැ.
හිරි ඔතප් දෙකම බිඳ වැටෙනවා. තමන් තනිවම කෑමට බීමට කාගෙන්වත් අතපාමින්
මුදල් යදින්නේ නැති වුවත් මෙහිදී පිරිස හා එක්ව කැටයක් නැත්නම්, හිස්
වැසුමක් අරගෙන මුදල් යැදීමෙහි යෙදෙනවා. ඒ අතර හිංසනය, නොසරුප් වදන්
භාවිතයන් සිදු වෙනවා.
එසේම කාම චිත්‍රපට බැලීමටත් මේ සමයේ සිසුන් පෙළඹෙනවා. ක්‍රීඩාව අප
උපයෝගී කර ගත යුත්තේ සහෝදරත්වය, සමඟිය උදා කර ගැනීමටයි.
එහෙත් අප ආගම දහමින් බලාපොරොත්තුවන සමඟිය, සමාදානය මේ තුළින් ඉටුවනවාද?
එසේත් නැතිනම් එමඟින් සිදුවන්නේ පංචශීල ප්‍රතිපදාව කැඩීයාමද? මව්පියන්
පවා නොදැන මේ තත්ත්වයට රුකුල් දෙන බවක් අප සමාජයේ ඇතැම්විට දක්නට
ලැබෙනවා. පූර්ණ ඇඳුමින් සැරසී තම පුතාගේ පාසලට යන පියා බිග්මැච් එකට
අඳින්නේ මොනවාද? මව සහෝදරිය ඇඳගෙන යන්නේ මොනවාද?
මෙමඟින් මව තම මිතුරන්ගේ උසුළු විසුළුවලට ලක්වන බව බොහෝ විට දැක ගන්නට
පුළුවන්.
පාසල් අතර සහයෝගය සමඟිය වර්ධනය පිණිස පවත්වන මහ ක්‍රිකට් තරගයන්ට පෙර
ආදි සිසුන් සහ වත්මන් සිසුන් අතර ක්‍රිකට් තරග පැවැත්වෙනවා. ශිෂ්‍ය
නායකයන් අතර තරග පැවැත්වෙනවා. ගුරුභවතුන් අතර තරග පැවැත්වෙනවා. ඒ
සියලුම තරග හොඳින් සාමය, සමඟිය ,කරුණාව, දයාව මුල් කරගෙන පැවැත්වෙනවා.
එහෙත් සිසුන් අතර පැවැත්වෙන තරගය අර සියලුම ගෞරව නාමයන් ඇතැම්විට විනාශ
කර දමනවා. වැඩිහිටියො මෙහිදී ආදර්ශවත් විය යුතු වනවා.
අනෙක් පාසල් සිසුන් තම වෛරකාරයන් හෝ තමන්ගේ සතුරන් නොවන බවට
සිසුදරුවන්ට තේරුම් කර දිය යුතුයි. බුදුදහමේ දැක්වෙන්නේ ලාභ, අලාභ,
යස, අයස, සැප දුක, නින්දා, ප්‍රශංසා යන අටලෝ දහමට අප නොසැලී සිටිය යුතු
බවයි.
එහෙත් ජයග්‍රහණය කරාම පමණක් යාමට දරන උත්සාහයක් නිසා විශාල ලෙස ගැටුම්
නිර්මාණය වනවා.
ක්‍රීඩාව යහපත් දරුවකු බිහි කිරීමට මිස දරුවන්ගේ ගැටුම් ඇති කිරීමට
නොවිය යුතුයි.
සිදුහත් කුමරා කිසිදු ශිල්ප ශාස්ත්‍රයක් නොදන්නා නිසා ඔහු ආවාහ විවාහ
සඳහා කුමරියක ලබාදීමට ඇතැම් රජවරු අකමැති වුණා. තමන් දැන සිට ශිල්ප
අනෙක් අයට පෙන්වමින් අනිසි ලෙස නොහැසිරීම පිළිබඳව බුදුසිරිතෙන් අපට
ලබාගත හැකි උදාහරණ කොතෙකුත් තිබෙනවා.
අප බුදුදහම අනුව කටයුතු කරනවානම් සමාජයේ ගැටලු අඩුයි. ක්‍රීඩාව යහපත්
මිනිසකු උදෙසා යන්න තේරුම් ගත යුතුයි.
වැදගත් වන්නේ යහගුණ සපිරි මිනිසකු ගොඩ නැඟීමයි. ක්‍රීඩාව ඒ සඳහා
ආභරණයක් මිස ආයුධයක් කර නොගත යුතුයි.
සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර
|