76 වන කොටස බණ්ඩාර මඩුගල්ලේ
326.
ඉදං පුරෙ චිත්තමචාරි චාරිකං -
යෙ නිච්ඡකං යත්ථකාමං යථාසුඛං
තද’ජ්ජ’ හං නිග්ගහෙස්සාමි යොනිසො -
හත්ථිප්පභින්නං විය අංකුසග්ග හො
අකුස්සෙන් ඇත් රජකු හසුරුවන පරිද්දෙන් – භාවනාවෙන් මනස - සුසංවර වන්නේ
ය.
ඔබේ සිත - සුසංවර වූ පසුව - එතැන් සිට ජය මග ද - හෙළි පෙහෙළි වන්නේ ය.
327.
අප්පමාදරතා හොථ - සචිත්තමනුරක්ඛථ
දුග්ගා උද්ධරථ’ත්තානං -
පංකේ සත්තෝ ව කුඤ්ඡරො
කෙලෙස් මඩ ගොහොරු වේ – මිනිස් සිත එරී ඇත. පමා නූණොත් එයින් - සිත මුදා
ගත හැකි ය.
ඔබේ සිත – නිසංසල වූ වහා - ඔබේ ජය මාවත ද – වහා පෑදෙන්නේ ය.
328.
සචෙ ලභෙථ නිපකං සහායං -
සද්ධි චරං සාධු විහාරි ධීරං
අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි -
චරෙය්‍ය තේනත්තේ න මනෝ සතීමා
තැනට ගැළපෙන නුවණ – ඇති කෙනෙකු සිටී නම් නිතර ඒ තැනැත්තා ඇසුරු කළ
යුත්තේ ය.
නැණැත්තන් – ඇසුරේ ම සිටින්නා - අතුරු අනතුරු වලින් – නිසැකවම මඟ හැරේ.
329.
නො චෙ ලභෙථ නිපකං සහායං -
සද්ධිංචරං සාධු විහාරි ධීරං
රාජා’ ව රට්ඨං විජිතං පහාය -
එකො චරෙ මාතංග රඤ්ඤෙව නාගො
ඇසුරකට සුදන ගුණ – ඇති කෙනෙකු නැති විටෙක තනිව ජීවත්වීම ඉතාමත් සුදුසු
වේ.
ඔබ සමඟ - ළඟ ඇසුර ලබන අය - කෙබඳු අය දැයි කියා - ඔබ හොඳින් දත යුතු ය.
මතු සම්බන්ධයි
|