UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
අශෝක අධිරාජයා බුද්ධ ධර්මයෙහි අභිවෘද්ධිය තකා වෙහෙසෙමින් මහත් උද්‍යෝගයක් හා දැඩි භක්තියක් ඇති වූ නමුත් අනෙකුත් ආගම්වලට නින්දා අපහාස කළ කෙනෙක් නොවේ. සැබවින් ම ඔහු ආගම්වලට ගරු කොට ලෞකික සැප සම්පතින් ද ඔවුනට සංග්‍රය කළේ ය. මේ අශෝක පිළිවෙත සමකාලීන යුගයේ ජාතික පිළිවෙතක් වූ අතර එම යුගයේ දී ජාත්‍යන්තර ආගමික සහනශීලි පිළිවෙතක් දක්වා ගිය බව දක්වට ලැබෙයි. මේ පිළිබඳව සාධක සහිතව පැහැදිලි කරන්න.

පිළිතුර
බුදුන් වහන්සේ වදාළ ආගමික සහනසීලිත්වය අශෝක අධිරාජයාගේ සිතට තදින්ම කා වැදුණු බව පැහැදිලි ය සියලුම නිකායෝ ම විසින් නානා පූජා සංග්‍රහවලින් පුදනු ලබත්’ යැයි ඔහු හයවන ටැම්ලිපියේ දී කියයි. තවත් තැනක දෙව්පි‍්‍රය පි‍්‍රයදර්ශී රජු ගේ කැමැත්ත නම් සෑම තැනම සියලු ම සමයවාදීන් වාසව කටයුතු බවයි. හත්වන සෙල් ලිපියෙහි සඳහන් කරයි.

එක නිකායක ලබ්ධිකයන් වෙනත් නිකායක ලබ්ධිකයන්ට නින්දා අපහාස නොකොට යුතුයැයි අශෝක අධිරාජයා විශ්වාස කළේ ය. ස්වකීය ලබ්ධිකයට පමණක් ගරු කරමින් අන්‍ය ලබ්ධින්ට ගර්හා කිරීම නොකොට යුතු ය. යම් යම් කාරණා නිසා අන්‍ය භක්තිකයන්ට ද පූජා කටයුතු වේ. එයින් උභය පක්ෂයේ ම අභිවෘද්ධිය සිදුවේ. එසේ නො කොළහොත් තමන් ගේ ලබ්ධියට පාඩුද අන්‍ය ලබ්ධිකයන්ට උපකාර ද වේ. ඉදින් යමෙක් තම නිකාය කෙරෙහි ආදරය නිසා හෝ තම නිකාය කෙරෙහි ගෞරවය පිණිස හෝ ස්වකීය ලබ්ධියට පූජා කරමින් අන්‍ය ලබ්ධින්ට නිගා කෙරේ නම් මෙතෙම තම නිකායට හානි පුහුණුවයි. සියල්ලෝ ම ඔවුනොවුන් ගේ ආගම ධර්මය දැන ශ්‍රවණය කරත්වා. අනුන් අදහන ධර්මය ඇසීමට රුචි උපදවත්වා!. අශෝක රජතුමා දොළොස්වන ලිපියෙන් කියයි.

ඔහු නැණවත් කුළුණුබට පාලකයෙකු හැටියට අශෝක රජතුමා නානා ආගම් ඇදහු ස්වකීය රට වැසියන් සියල්ලන් ගේ සිත්ගන්නා පොදු ධර්ම පද්ධතියක් පිළියෙළ කරගන්ට වෑයම් කළේ බුදුසමයේ ආභාෂයෙන් රාජ පිළිවෙත් මෙන්ම තම ජීවිත චර්යාව ද සහාය කරගත් නිසාය.


ප්‍රශ්නය
අශෝක අධිරාජ්‍යාගේ ධර්ම රාජ්‍ය පිළිබඳව ඔහුගේ් සෙල් ලිපි, ටැම් ලිපි හා වෙනත් සාධක ඇසුරු කරගනිමින් කෙටි සටහනකින් පැහැදිළි කරන්න.

පිළිතුර
අශෝක ධර්මරාජ්‍ය මනුෂ්‍ය සත්වයන්ට පමණක් වෙන්කරන ලද්දක් නොවේ. අධිරාජයා මිනිසුන්ටත් සතුන්ටත් වෙදහෙදකම් කිරීමට කටයුතු සැලසූ බවත් මනුෂ්‍යයන්ට ගුණ දෙන බෙහෙත් පැළෑටිත් එසේ ම සතුන්ට ගුණදෙන බෙහෙත් පැළෑටිත් විදේශ වලින් ගෙන්වා ඒවා එවකට නොවැවුණු තැන්වල වැවු බව දෙවන සෙල් ලිපියෙන් කියැවේ. එකම පණ ඇති සතෙකුවත් නොමැරිය යුතු යැයි ද බිලි නොදිය යුතු යැයි ද පළමුව සෙල් ලිපියෙන් නියම කොට ඇත. ඒ අතර ම රජවාසල බොජුන් සඳහා සතුන් මැරීම ද අධිරාජයා තහනම් කොට දිවයින පුරා සියලු සතුන්ට අභය දානය කළ බව ප්‍රකාශයක් කරන ලදී. පස්වන ටැම් ලිපියෙහි සඳහන් වන පරිදි පණ ඇති සතුන් සිටින ලෙලි පවා දැවීම තහනම් කොට සතුන්ට වධහිංසා කිරීමට කැලෑගිනි තැබීමද නොකළ යුතුª බවට අණ කළේ ය. සප්‍රාණයන් අප්‍රාණයන් අහරකොට නොගත යුතු යැයි අණ කරන ලදී. ගවයන්ට හා මිනිසුනට සෙවණ සැපයෙන පිණිස මගේ් අණ පිට මංවාවත්වල නුග ගස් අඹගස් ද සිටුවන ලදී. තැනින් තැන පැන් තොටවල් ද කරවන ලද බව අධිරාජයා හත්වන ටැම් ලිපියෙන් කියා ඇත.

අශෝක ධර්මරාජ්‍ය සංකල්පය ධර්ම නිවේදන මඟින් ජනතාවට දැනගැනීම සඳහා පුවරු මගින් ප්‍රසිද්ධ ස්ථානවල සටහන් තබා ඒ පිළිබඳව පැහැදිලි කිරීම සඳහා පුහුණු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද යොදවන ලදී.

ශ්‍රී මහා බෝධියට මදක් උතුරු දෙසින් දිස්වන ගල්කණු රාශියකින් සමන්විත වූ නටබුන් වූ ගොඩනැගිලි ලෝවාමහාපාය නම් වෙයි. දුටුගැමුණු මහරජ මහල් නවයකින් යුතු මෙම ගොඩනැගිල්ලේ සෙවිලි කරන ලද්දේ තඹ උළුවලින් ය. ඊට ලෝවාමහාපාය ලොහප්‍රාසාදය යන නාමය ව්‍යවහාර වූයේ ද එම නිසයි.

මහා සංඝයා වහන්සේගේ ආවාස ගෘහයත් පොහොය ලෙස භාවිත වූ මේ ප්‍රාසාදය සද්ධාතිස්ස රජු දවස පහනකින් නැඟුණු ගින්නකින් විනාශ වූයේ ය.

ප්‍රශ්නය
අනුරාධපුර අටමස්ථානය නාමික ව සඳහන් කරන්න.

පිළිතුර
බුදුරජාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී අනුරාධපුරයට වැඩමවා අටමස්ථානයෙහි ධ්‍යාන සුවයෙන් වැඩහුන් බව පූජාවලී ග්‍රන්ථයෙහි සඳහන් වෙයි. අනුරාධපුර නුවරට වැඩ දකුණු මහ සෑය පිහිටි තැන මහමෙවුනා උයන් මැද ශ්‍රී මහා බෝධිය පිහිටි තැන, ලෝවාමහාපාය පිහිටි තැන, පිරිත් ලා ගෙය පිහිටි තැන, දන්නාදර නම් පොකුණ පිහිටි තැන, ථූපාරාමය පිහිටි තැන, පනස් භූමියෙහි රුවන්වැලි මහ සෑය පිහිටි තැන, මිහින්තලයෙහි මහසල සෑය පිහිටි තැන යැයි යන මේ අටමස්ථානයයි. කලින් කල අටමස්ථානයට අයත් වූ පූජ්‍යස්ථානයට අයත් වූ පූජ්‍යස්ථාන වෙනස් වී ඇති බව සද්ධර්මලංකාරයේ ඒ පිළිබඳව කර ඇති මෙම සටහනින් පැහැදිලි වෙයි. මහමෙවුනා උයනේ රජගෙට දකුණු දිගින් පිහිටි මාළක සීමාව, උතුරෙන් පිහිටි ජනිතඝර නම් පොකුණ, නැගෙනහිර වාසල් දොර, මහා බෝධි ස්ථානය, ලෝවාමහා ප්‍රසාදය, ලහබත්ගෙය, චතුග්ශාලාව පිහිටි ස්ථානය මහා භෝජන ශාලාව රත්නමාලී චෛත්‍යස්ථානය, පූජාවලියෙහි අටමස්ථානය ලෙස සැලකූ ස්ථාන දෙවන වාර්තාවෙන් ඉවත්ව ගොස් වෙනත් ස්ථාන දෙකක් ඒ වෙනුවට ඇතුළත්ව ඇත. කෙසේ වෙතත් 1909 ජනවාරි 16 වන දින එවක ආණ්ඩුකාර ධූරය දැරූ එච්.ඒ. මැල්කම් තුමා සහ අටමස්ථාන කොමිටිය මගින් අටමස්ථානය වශයෙන් පහත සඳහන් සිද්ධස්ථාන නම් කොට වර්තමාන පූජාභූමි වශයෙන් සඳහන් වන්නේ ද මෙම අටමස්ථානයයි.

1. ශ්‍රී මහා බෝධි ස්ථානය
2. රුවන්වැලි මහ සෑය
3. ලෝවාමහපාය
4. අභයගිරි වෙහෙර
5. ථූපාරාමය
6. ජේතවනාරාමය
7. ලංකාරාමය
8. මිරිසවැටිය


ප්‍රශ්නය
ශ්‍රී ලංකාවාසී අප විසින් ගෞරවණීයත්වයෙන් සිහිපත් කරන ලද නාමයන් අතර ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සහ භණ්ඩුක යන විශේෂ නාමයන් සාකච්ඡාවට බඳුන් වී තිබේ. මේ අය කවුද?

පිළිතුර
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කළේ තවත් තෙරවරුන් සිව් නමක් කැටුව ය. උන්වහන්සේ මෙසේ සිව්නමක් කැටුව උපසම්පදා කරවීම එම ‘වංශ’ කථාවලින් පැහැදිලි වෙයි. සත් දෙනෙකුගෙන් සැදුණු උන්වහන්සේගේ පිරිසෙහි කිට්ටු නෑදැ දෙපළක් ද වූහ. නැගණියන් වූ සංඝමිත්තා කුමරියගේ පුත් සුමන සාමණේරයන් වහන්සේ ගේ සහ මෑණියන් ගේ සොහොයුරිය ගේ දුවණියන් ගේ පුත් භණ්ඩුක උපාසක යන දෙදෙනා ය.

 

 
නවම්පුර අටවක පෝය

නවම්පුර අටවක පෝය ජනවාරි 30 වන දා සඳුදා අපර භාග 8.21 ට ලබයි.
31 වනදා අඟහරුවාදා අපරභාග 11.00 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා අඟහරුවාදා ය.

මීළඟය පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]