බුදුගුණ අප්‍රමාණයි
පානදුරේ අරියධම්ම හිමි
අනේපිඬු සිටුතුමා දැන් බලවත් දුකින් කල්පනා කර කර ඉන්නවා. එතැනට ආව අර
පුණ්ණා නමැති දාසිය, පුණ්ණා දාසිය අහනව මොකද සිටුතුමනි අද ලොකු හිත්
අමාරුවකින් වගේ අනේපිඬු සිටුතුමා කියනව බුදුරජාණන් වහන්සෙ දෙව්රම්
විහාරයෙ නවත්ත ගන්න බැරි වුනා.
දක්‍ෂිණගිරි ජනපදයට වඩිනව. ඒකයි මේ දුකින් කල්පනා කරන්නෙ. පුණ්ණා මේ
වෙලාවෙ අහනව සිටුතුමණි මට පුළුවන් බුදුරජාණන් වහන්සේව වඩම්ම වන්න. එහෙම
කළොත් සිටුතුමනි මට ලැබෙන සැලකිල්ල මොකක්ද? පුණ්ණාවනි එහෙනම් ඔබව දාසි
තනතුරෙන් නිදහස් කරල අද ඉඳන් නිදහසේ පින්දහම් කරන්න සලස්සවල දෙනව.
මේ වචන අහපු පුණ්ණාව හනික දුවල ගිහිල්ල බුදුරජාණන් වහන්සෙ වඩින පෙර මඟට
බුදුසිරිපාමුල වැඳ වැටිල කියනව. ස්වාමීනි! මේ පුණ්ණාව අසරණ දාසියක් මට
අනුකම්පා කරල ආපසු දෙව්රම් විහාරයට ගොහින් වැඩ ඉන්න. ස්වාමීනි අද ඔබ
වහන්සෙ එහෙම වැඩියොත් මට විශාල ලාභයක් ලැබෙනව. බුදුරජාණන් වහන්සෙ
ඇසූවිට මොකක්ද පුණ්ණාවනි වැඩ සිටීමෙන් නුඹට ලැබෙන ලාභය. ඇයි ස්වාමිනි
දැන් ඔබ වහන්සේ ආපසු වැඩියොත් මම අද ඉදල දාසි තනතුරෙන් නිදහස්.
ඒ විතරක් නෙවෙයි මට එතකොට අටසිල් සමාදන් වෙන්න පුළුවන්. දසසිල් සමාදන්
වෙන්න පුළුවන්. ගුණධර්ම පුරන්න පුළුවන්. අනේ ස්වාමීනි අපට අනුකම්පාවෙන්
වඩින්න. පුණ්ණාවගෙ මේ බැගෑපත් ලෙසින් කරන ලද අයදීමට ඇහුම්කන් දුන්න
බුදුරජාණන් වහන්සෙ කරුණා නිධාන බුදුරජාණන් වහන්සේ ඇයට ලැබෙන මහා පුණ්‍ය
ලාභය ගැණ සලකල ඇයගෙ ඉල්ලීම පිළි අරන් එකවර නැවති, බුදුරජාණන් වහන්සේ
ආපසු ජේතවනාරාමයට වැඩම කළා. මේ කාරණය අහපු සැවැත්නුවර වාසීන් පුදුමයට
පත්වුනා. කොසොල් රජතුමයි, මහඋපාසිකාවයි. අනේපිඬු සිටුතුමයි. පුණ්ණා
දාසියයි. මේ කරපු හපන්කම හැම තැනම පැතිරෙන්න පටන් ගත්ත.
රටේ රජ්ජුරුවන්ගේ මහසිටුතුමාගේ මහෝපාසිකාවගේ ඉල්ලීම පිලිගත්තෙ නැති
බුදුරජාණන් වහන්සේ ඒ සිටුතුමාගේ ගෙයි දාසියගෙ ආරාධනාව පිළිගත්තා. ඒ
නිසා ඒ අහිංසක තරුණ කාන්තාව පුණ්ණා වහල් භාවයෙන් මිදිල නිදහස ලැබුවා.
පසු කලෙක පුණ්ණා භික්‍ෂුණී ආශ්‍රමයක මහණ වුනා. පසුව විදසුන් මගින්
සැනසුම ලබාගෙන පුණ්ණාව රහත් මෙහෙණින් වහන්සේ නමක් වුනා. බඹ සුර නර
උතුමන්ගෙ හිසේ රැඳි කිරුලවල මැණික් රශ්මිය රහත් මෙහෙණීන් වහන්සේගෙ
දෙපාලග විහිදෙන්න සැලැස්සුවෙත් කරුණා සාගර බුදුරජාණන් වහන්සේයි.
මෙයින් පෙන්නුම් කළේ බුදුරජාණන් වහන්සේගෙ කරුණා ගුණය. ඒ මහා කරුණා බලය
නිසා නොමගට ගිය අය සුමගට ආව. දාමරිකයන් මහ රහතන් වහන්සේලා බවට පත්වුනා.
නොයෙක් නොයෙක් විධියේ වැරදි වැඩවලට පෙළඹිච්ච අය උපශාන්ත තපස්වරු වගේ
වූවා. සෝපාකයන් හික්මෙච්චි උපාසකයන් වුනා. මසුරු සිටාණවරු
පරිත්‍යාගශීලි වුනා. නොමගට ගිය ගණිකාවරු යහමග පෙන්නුම් කරපු නිසා
උපාසිකාවන් බවට පත්වුනා. හිතේ කරදර ඇති ඇත්තෝ ධර්ම මනසිකාරයෙක් සුවපත්
වුනා. මේ විධියට බුදුරජාණන් වහන්සේ නිසා අපමණ පිරිසක් කරුණා බලයෙන්
සැනසීම ලැබුවා. මහා කරුණාව පාද තලයක් මහා ප්‍රඥාව සිරස්තලයක් කරගෙන
අපරිමිත බුදු ගුණ කළක් අසරණ සිත් සනස සනසා ඒ අතරින් ගමන් කළා.
අසරණ සිත් සනසන්න කරුණු කියන්න බුදුරජාණන් වහන්සේ මොනතරමක් වෙහෙස වෙන්න
ඇති දැයි සිතන සිතත් සැනසී යනව. බුදුරජාණන් වහන්සේ තිලෝගුරු බුද්ධ
ශ්‍රාවකයන් වහන්සේලාගෙ අවංක සෙනෙහස ගුරුභක්තිය ගෞරවය දිනාගත් උපරිම
තරම් ගුණ දැරූ එකම උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කරන ලද කථා වලින්
පවත්වපු දේශනවලින් ලෝකෙට දුන්න. කාරුණික අවවාද වලින් ගුණගරුක ආචාරශීලි
ඉගැන්වීම්වලින් බහුතර පිරිසක් තමන් වෙත අවනත කර ගත්තා.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් හොඳ පිළිසරණක් මේ ලෝකයට ලබා
දුන්නෙ. ප්‍රශ්න අහනව. අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ප්‍රශ්න සාකච්ඡා
කරනව. ඒවා පැහැදිලි වෙන්න ධර්ම දේශනා කරනව. අවබෝධය තමා තුළින්ම එන්නයි
කරුණු සැලැස්සුවෙ.
පින්වතුනි වැඩ සිටි සැම ආරාමයකම දම්සභා මණ්ඩපයක් එහි මැද්දෙ පනවන ලද
ආසනයෙ බුදුරජාණන් වහන්සෙ වැඩ ඉන්නෙ. පසෙකින් පූජ්‍යතර මහා සංඝ රත්නය
ධර්ම සාකච්ඡා කරන විලාශය මෙනෙහි කර කර බලන්න. හිත් සනසන අපූරු ශාන්ත
දර්ශනයක් ඒ අතරින් මැවෙන්නෙ.
ශ්‍රද්ධාව පහල කරගන්න මේවා හොඳ අරමුණු ශ්‍රද්ධාව මතුවෙන පින් උල්පත්
පෑදෙනව. රතුපාට නෙළුම් මල් පිරිල තියෙන විල් තටාකයක රත්තරන් නැවක්
තියෙනව දකින කොට ඇතිවන හැඟීම කොච්චරද . එයිට වඩා පමණ කළ නොහැකි තරමේ
පින්බර හැඟීමක් දම්සභා මණ්ඩපය මෙනෙහි කරනකොට උපදින්නෙ. දම් සභා මණ්ඩප
අතර පමණක් නෙවෙයි. කරුණු ඒත්තු ගන්වන්න ඕන උනහම ධර්මය මතු කරපු තැන්
උද්‍යාන, සුසානභුමි, පිට්ටනි, පිදුරුගෙවල්, කමත් මඩු ඔය කොතනත් කරුණු
ඒත්තු ගත්විට ජීවිත කෙරෙහි ඇති කරන කරුණාව මතුවෙලා එන වටින තැනක්
බුදුරජාණන් වහන්සෙ භික්‍ෂු භික්‍ෂූණී උපාසක උපාසිකා පිරිසට හැමදාම
සිහිපත් කරපු ආවවාදයයි. හැමදාම බුදුරජාණන් වහන්සේ දවසකට තුන් වරක්
භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවරුනට මතක් කරන්නෙ ලබාගෙන තිබෙන
පුණ්‍ය ශක්තියෙන් ප්‍රයෝජන අරගෙන මොහොතකුත් අපතේ අරින්නෙ නැතිව නොපමාව
දුක් ඉවර කිරීමේ කටයුතු ටික කරගෙන යන්න කියල. හැමදාම බුදුරජාණන් වහන්සෙ
ඒ ටික තේරුම් කළා.
මේ අනුව බුදුරජාණන් වහනසේ කොයිතරමක් කරුණාවෙන් ලෝකයට උපකාර සැලැස්සුවද
කියල වැටහෙන්නෙ. මේ හැම කාරණයක්ම ඉදිරිපත් කරන්නෙ ශ්‍රද්ධාව දියුණු
කරගෙන යන්න. ඒ ටික හැදුවොත් තමයි ඒ නුවණැස පාදගන යන්න පුළුවන් වෙන්නෙ.
බුදුගුණ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ශ්‍රද්ධාව වැඩෙනව.
මොනතරම් ගුණ බුදුහිතේ තිබුණද? ඒ පිවිතුරු හිතේ තිබිච්චි මෛත්‍රී කරණා
ගුණ සරණ මේ කාලයක් කලොත් මේ තුන්ලෝකෙ වැහෙන්නෙ නැති තැනක් නෑ. මහා
කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් පෝෂණය ලබාගෙන දේශනා කරපු හැම සර්වඥ භාෂිතයක්ම
මුල මැද අග යහපත් හැම දේකම හොඳ තේරුමක් තිබුණ. නොතේරෙන නිසරු වචන
එකක්වත් නෑ. නික්ලේශී හර්දයෙන් නැගිච්චි කටහඬත් මිහිරියි. කාරුණිකයි.
බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලෙ ලොව්තුරා රසයෙන් රසවක් කළා.
ධර්ම දේශනා අහල මොනරතම් පිරිසක් සැනසිල්ල ලැබූවද බුදුරජාණන් වහන්සේගෙ
ධර්ම ගංගාව මිනිස් සන්තාන හරහා ගලා යාමෙන් වටිනා මිනිස් ගුණ මිනිස්
සන්තානෙ තුළද වගා වුනා. එදා අතීතෙ බුදුරජාණන් වහන්සේ අතීත සංසාරේ
පුරුදු කරපු පුණ්‍යමය තේජස නිසා ලැබිච්ච පස් පැහැ දිස්නා නෙත් සගලෙන්
දුකට පත්වෙච්ච අසරණයො දිහා බැලුව.
වාග් සුචරිතය බලය මතුකලා. වත්පිළිවෙත් කෙරුව. උපස්ථාන කළා. පෙර සංසාරෙ
සිල්වතුන් ගුණවතුන් බලන්න හමුවන්න උපස්ථාන කරන්න ප්‍රාර්ථනා කළා. ඒ
සඳහා වැඩම කළා. ඒ නිසා බුද්ධත්වය ලැබුවට පස්සෙ සුගත යන නම ලැබුව.
බුදුරජාණන් වහන්සේගේ නම අනන්ත අපරිමාණ සටහන් වෙලා තියෙන්නෙ. මේ ගැන තම
තමන්ට පුළු පුළුවන් හැටියට සිහිකරන්න ඕන. බුදුරජාණන් වහන්සේගෙ රූප
සම්පත් ගුණ සම්පත් ඥාන සම්පත් බණ පොතට අනුව සිහිකරන කොටත් සිත පිරිල
යනවා. ඒ බුදුගුණ අතරින් බුදුරජාණන් වහන්සේ දකිමින් යනව.
ගුවන්විදුලි ධර්ම දේශනාවකි.
සටහන :-
එස්.ඩී. රසිකා ප්‍රියදර්ශනී |