UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් අමාවක 2011.12.24

පෙර මඟ සුබ නිමිති

තීත රජ දවස රටට බාහිර හෝ අභ්‍යන්තර ගැටුමක්, උවදුරක් නොවන්නට, ඒ හැම විට රට සශ්‍රීකත්වය වෙත යොමු කරවූ බව පෙනේ.

මහ වැව්, අමුණු ඉදිකර වූහ. මහ දාගැබ් ඉදිකරවූහ. කැටයම් කලාවෙන් විස්මිත නිර්මාණ බිහිවූහ. දියුණු ගෘහ නිර්මාණ ශිල්පයද විය.

ඒ නිසාම අතීතයේ පැවැති ශ්‍රී විභූතිය පිළිබඳ අපි එදාමෙන් අදත් මතුවටත් ඒ අපේ ඓතිහාසික උරුමයන්හි උරුමක්කරුවෝ වෙමු.

මෙසේ බලන විට රටක දියුණුවට යුග ගණනාවක් පුරා පවතින ඓතිහාසික සිහිවටන ඒ රටෙහි අභිවෘද්ධිය විදහා දැක්වෙන වැදගත් සිහිවටන අතර වේ.

බුදුදහමෙන් සහ බෞද්ධ සංස්කෘතියේ ආභාෂයෙන් ලද පන්නරයෙන් අපේ රට කළ නිර්මාණයන්ගෙන් සමස්ත ලොවෙහි ගෞරවයට පත්වූහ.

ඉකුත් 15 වන දා අපේ රටේ කලා කෙත පෝෂණයට මහඟු දායාදයක් ජනතා අයිතියට පත් කැරිණි.

එනම් ආසියාවේ තාක්‍ෂණය අතින් ඉහළ රඟහලක් වන කොළඹ ‘නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ කලා රඟහල’ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහ චීන මහජන සමූහාණ්ඩුවේ උපසභාපති ෂින්ග් මෙයින් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කැරිණි.

“අඬන, දොඩන, වැළපෙන යුගය අවසන්, ප්‍රසංගවේදිකා ප්‍රබෝධයේ සුවිසල් යුගයක් උදා කරනවා කියලා අපි මහින්ද චින්තනයේ සඳහන් කළා. වසර තිහක් තිස්සේ අපේ මාතෘභූමියේ රඟ දැක්වූ ශෝකාන්ත නාටකය දැන් නිමා වී තිබෙනවා. මේ උදාවෙලා තියෙන්නේ ජාතියේ සුඛාන්ත නාටකය රඟ දැක්වීමේ යුගයයි. ඒකට තමයි අපි මේ මහා රඟහල ගොඩනගලා ජාතියට දායාද කරන්නේ.”

අපි අභිමානවත් විදිහට වගේම දැවැන්ත ලෙස හිතන්නට ඉතිහාසයෙන් අනුබල ලබපු ජාතියක්. එදා යුරෝපයේ ඉඳන් චීනයට වැටුනු සේද මාවතේ අපේ මාතෘභූමිය පිහිටා තිබුණු බව අප දන්නවා.

සේද මාවතේ එක කෙළවරක චීනය, ඒ අතර ඉතා වැදගත් සන්ධිස්ථානයක තමයි අපි සිටින්නේ චීනයයි අපියි වසර දහස් ගණනක් තිස්සේ අඛණ්ඩව මේ මිහිතලය මත පැවැති රාජ්‍යයන් දෙකක් බව අපි මතක් කළ යුතු නැහැ.

චීනය එදා මුද්‍රණ තාක්‍ෂණය ලොවට දෙනකොට අප ලෝකයට දෙන්න වටිනා ධර්ම සාහිත්‍යයක් ග්‍රන්ථාරූඪ කළා. ඔබ චීන මහා ප්‍රාකාරය ඉදි කරන කොට අපි මහමෙවුනාව ඉදිකරලා විශ්වයේ විශිෂ්ට නිර්මාණයක් වූ සමාධි ප්‍රතිමාව එහි පිහිටවූ විත්තිය ඔබ දන්නවා.

ඉහත දැක්වූයේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ කලා රඟහල විවෘත කිරීමේ උළෙලෙහිදී ජනාධිපතිතුමා දක්වා තිබූ අදහස් අතර සඳහන් වූ සටහනකින් කොටසකි.

දශක තුනක් පුරා පැවැති යුද්ධය අවසන් කළ ජනාධිපතිතුමා මේ කෙටි කාලය තුළ රට සංවර්ධනයට කළ මෙහෙවර බොහෝ ය.

රටේ හැම අංශයකම ශීඝ්‍ර සංවර්ධනයක් උදා වී ඇති බව පොදු ජනතාවගේ විශ්වාසයයි. මහා මාර්ග සංවර්ධනය, වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග ආදී විවිධ සංවර්ධන කටයුතු රාශියක් සිදු කර ඇත.

සාහිත්‍යය මෙන් ම කලාව හැදෑරීම මිනිසාගේ ආධ්‍යාත්මික ප්‍රබෝධයට බෙහෙවින් ඉවහල් වන බව අපගේ පෞරාණික බොදු උරුමයන්ගෙන් සනාථ වේ.

කුරිරු ත්‍රස්තවාදී උවදුර දුරුකිරීමත් සමඟ රටේ ශීඝ්‍ර සංවර්ධනයේ ආලෝකය දැන් දැන් හැම අංශයක් වෙතින් පෙනෙන්නට, දකින්නට ලැබේ. නිදහසේ ගමන් යන්නට, නිදහසේ වන්දනා ගමනක යෙදෙන්නට, නිදහසේ වඳින්නට, පුදන්නට, නිදහසේ ගයන්නට, වයන්නට, රඟන්නට ආදී කවර අංශයක හෝ යම් දියුණුවක් ලබා ඇත්නම් ඒ අපේ රටේ පැවැති ත්‍රස්තවාදී උවදුර අතුගා දැමීමෙන් පසුවය. ඒ අතිගරු ජනාධිපතිතුමාගේ දූරදර්ශී අභීත ක්‍රියා දාමයේ මෙහෙවර නිසාම ය. මර බිය තුරන් කර ජීවත්වීමට අවස්ථාව උදාකර දුන් හෙයිනි.

විවිධ වූ සංවර්ධන ක්‍රියා දාමයන් රටපුරා කරගෙන යන අතරතුර උදා වූ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වසර ලෙස නම් කරමින් බොදු ජනතාවගේ ආගමික හැදියාව වර්ධනයට ශාසනයේ අභිවෘද්ධියට, සම්බුදුදහමේ ව්‍යාප්තියට සිදු කරනුයේ ද මහ මෙහෙවරකි.

“නෙළුම් පොකුණ” වැනි අගනා නිර්මාණ දැයේ දූ දරුවන්ගේ හැකියාවන් ලොවට එළිදැක්වීමට මඟ සලසන මහඟු මෙහෙවරකි.

දැයේ හෙට දිනය වෙනුවෙන් කැරෙන ඒ සුවිසල් මෙහෙවර අනාගත පරපුරෙහි ද මහත් පැසසුමට ලක්වනු නොඅනුමානය.

උඳුවප්
අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 24 වන දා සෙනසුරාදා පූර්වභාග 02.03 ට ලබයි. එදිනම අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 24 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ජනවාරි 01 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]