Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

“අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය 9, 10 සහ 11” බෞද්ධ ග්‍රන්ථ ත්‍රිත්වය දොරට වඩී

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය 9, 10 සහ 11” බෞද්ධ ග්‍රන්ථ ත්‍රිත්වය දොරට වැඩීමේ උත්සවය සහ ධර්ම දේශනය දෙසැම්බර් මස 11 වැනි දා ඉරිදා මරදාන ජයශේඛරාරාමයේ දී පැවැත් වේ.

දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය 9” ග්‍රන්ථයෙන් ‘පාප වර්ගය’ට අයත් ගාථා දහතුනක් පිළිබඳව විස්තර කෙරෙන අතර ‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය 10’ ග්‍රන්ථයෙන් ‘දණ්ඩ වර්ගය’ ට අයත් ගාථා දාහතක් පිළිබඳව සහ ‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය 11’ ග්‍රන්ථයෙන් ‘ජරා වර්ගය’ ට අයත් ගාථා එකොළහක් පිළිබඳව සරල තේරුමක් ගාථා දේශනා කිරීමට හේතු වූ පසුබිම් කතාවත් විස්තර කෙරේ.

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අත්සන සහිතව “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය 9, 10 සහ 11 බෞද්ධ ග්‍රන්ථ ත්‍රිත්වය විශේෂ අඩු මිලකට ලබා ගැනීමටත් ධර්ම දේශනය ශ්‍රවණය කිරීමටත් එදින පැමිණෙන සියලු සැදැහැවතුන්ට අවස්ථාව සලසා ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.