Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු ඇස, විදු ඇස සහ හෙට ලොව කෘතිය සහ තරු පොකුරු ගී පද සංග්‍රහය දොරට වඩී

ශාස්ත්‍රපති චාමික මුණසිංහගේ නවතම කෘති ද්විත්වය වන “බුදු ඇස, විදු ඇස සහ හෙට ලොව“ ලෝක විනාශයට පෙර දැක්මක් සහ “තරු පොකුරු” ගී පද සංග්‍රහය දොරට වැඩීමේ උත්සවය දෙසැම්බර් 12 සඳුදා, සවස 03.00 ට කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. ගංගොඩවිල සෝම හිමියන්ගේ 08 වෙනි ගුණ සැමරීමද එහිදී සිදු කෙරේ.

අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමියන් මුලසුන හොබවන මෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි සහ විශේෂඥ මනෝවෛද්‍ය ඩී.වී.ජේ. හරිස්චන්ද්‍ර මහතා ඇතුළු විද්වත්හු විශේෂ දෙසුම් පවත්වති. සදහම් ගීත ද ගායනා වන මෙම උත්සවය මෙහෙයවනු ලබන්නේ, වෛද්‍ය රංජිත් දිසානායක විසිනි. කතුවරයාගේ අස්සන සහිතව මෙම ග්‍රන්ථ එදිනට විශේෂ අඩු මිලකට ලබාගත හැකි බව පවසන සාහිත ප්‍රකාශකයෝ එම උත්සවයට සහභාගි වන මෙන් සියලු සාහිතකාමීන්ට ආරාධනය කරති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.