Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා මාධ්‍ය ජාලයෙන් මියගුණ මහා සෑ වන්දනාවට අසදෘශ  මහා පින්කමක්

ලොව්තුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවී වසර 2600 ක් සපිරෙන 2012 වසරේ දුරුතු පුර පසළොස්වක පෝදා එම ඓතිහාසික සිදුවීම නිමිතිකොට ගෙන මහියංගණය පින්බිමේදී සුවිශේෂ පින්කම් මාලාවක් සිදුකිරීමට බෞද්ධයා මාධ්‍ය ජාලය, ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක සභාව, මහියංගණය රාජ මහා විහාරස්ථ දායක සභාව, දිවයින පුරා බෞද්ධ සංවිධාන එකමුතුව සහ සම්බන්ධව කටයුතු සංවිධානය කර තිබේ. ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් සම්බෝධි විහාරස්ථ දායක සභාවේ සභාපති ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ප්‍රධාන දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් සිදු කැරිණි.

එම උතුම් පින්කමේදි දුරුතු පොහෝදා ලක්‍ෂයක් සැදැහැතියන් සිල් සමාදන්ව නෙළුම් මල්, වන මල් කෝටියක් පුදා විදුලි බුබුළු ලක්‍ෂ 05 කින් හා අසූහාරදහසක් පහන් දල්වා චෛත්‍ය රාජයාණන් ඇතුළු විහාර භුමිය ඒකාලෝක කොට, අටපිරිකර 2600 ක් හා බුදුපිළිම වහන්සේලා පූජාකොට සුමන සමන් දෙව්රදුන්ට පළතුරු වට්ටි සියයක් පූජාකර පසුදා එනම් ජනවාරි 09 වනදා උතුරු නැගෙනහිර ත්‍රස්ත පීඩාවන්ට ගොදුරුව තිබුණු විහාරස්ථාන වල ස්වාමින්වහන්සේලා හට අවශ්‍යකරන ඇඳ, පුටු,මේස, කබඩ්, ඉදල්,කොසු ආදි පරිභෝජන භාණ්ඩ අසදෘශ්‍ය පූජාවක් ලෙස පිදීමත් මාසිකව පරහිත සංවිධානය මගින් සිදුකරන සමාජ සත්කාරක මෙහෙවර සිදුකිරීමටත් එහිදී සාකච්ඡා කැරිණි. සැදැහැති ලාංකික ජනතාවට මෙම උතුම් පින්කමට සිල් සමාදන්වීමෙන් මල් හා පළතුරු පිරිකර පූජා කිරීමෙන් දායකත්වය දැක්වීමට ඇරැයුම් කැරේ. බෞද්ධයා රූපවාහිනිය සහ ගුවන්විදුලිය ශ්‍රී සම්බෝධි විහාරස්ථ සහ මහියංගන රජමහා විහාරස්ථදායක සභාවත් බෞද්ධ සංවිධාන එකමුතුව සංවිධානය කැරෙන එම පින්කම සඳහා විස්තර 0114374691 හෝ 0714258257 දුරකතන අංකයෙන් දැනගත හැකි බව එම සංවිධානය කියයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.