Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම විරාජ් නිකේතනයේ භික්ෂු පුහුණුව

සාමණේර භික්ෂූන් වහන්සේ ගේ පැවිදි මඟ අර්ථවත් කිරීමේ අරමුණු ඇතිව කොටපල අමරකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි “ ධර්ම විරාජ් නිකේතන භාරය” නමින් සංවිධානයක් බිහි කොට ඇත.

එහි පළමු පියවර වශයෙන් මෙම මස 11 වැනි දින සිට 19 වැනි දින දක්වා නේවාසික වැඩසටහනක් පැවැත්වේ. මේ සඳහා අවුරුදු 14 ත් 20 ත් අතර සාමණේර හිමිවරු 50 නමකට ආසන්න පිරිසක් සහභාගි වීමට නියමිතයි.

හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමිගේ ආශිර්වාදය ඇතිව මෙම නේවාසික වැඩසටහන කොළඹ 07 , විජේරාම මාවතේ, ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදි දින 09 ක් පැවැත්වෙන අතර ගිහි පැවිදි උපදේශකවරු සහභාගිවීමට නියමිතය.

මුරුංගස්යායේ ඥාණිස්සර නාහිමි, බඳගිරියේ සෝමවංශ හිමි, තලල්ලේ චන්දකිත්ති හිමි, ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මැදගොඩ අභයතිස්ස හිමි, හික්කඩුවේ තිලක හිමි, අමුණුපුරේ ශීලංවශ හිමි, දෙනියායේ සිරිනන්ද හිමි, කරපුටුගල රේවත හිමි, ඕලන්දේ ආනන්ද හිමි සහ චන්දන ජයරත්න මහතා, දයා රෝහණ අතුකෝරළ මහතා, චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා ජයසේන එදිරිසිංහ මහතා, සමන් විජේසිංහ මහතා සහ ධම්මිකා ගුණරත්න මහත්මිය වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.