Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

69 වන කොටස

298) සුප්ප බුද්ධං පබුජ්ඣයන්ති - සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තෝච – නිච්චං සංඝ ගතා සති

දිවා රෑ සඟුන් ගුණ – නිතර සිහි කරන්නා - ජීවිතේ ගැටලු තැන් – පහසු කරගන්නේය
හිතවතුනි, ගුණවතුන් –ඇසුරේ ම හැසිරෙන්න – එයින් දිවි මාවතට – මහරු එළියක් ලැබේ.

299) සුප්ප බුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තෝච – නිච්චං කායගතාසති

නිතිපාත කය අනුව - භාවනා කරන්නා - සුව සේ නිදන්නේ ය. සුවෙන් පිබිදෙන්නේය.
හිතවතුනි, සිහි ඇතිව - දිවා රැය ගෙවන්නා අතුරු අනතුරුවලින් තොරව හැසිරෙන්නේය

300) සුප්පබුද්ධං පබුජ්ඣයන්ති - සදා ගොතම සාවකා
යෙසං දිවා ච රත්තෝච – අහිංසාය රතො මනො

අහිංසා සිත් ඇතිව - දිවා රැය ගෙවන්නා - පුබුදු මනසින් දවස ගෙවන හොඳ බුදු පුතෙකි
හිතවතුනි, හිංසාව ලෝකය නසන්නේය. අහිංසා සිතිවිල්ල ලෝකය රකින්නේය

301) සුප්පබුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතම සාවකා
යෙසං දිවා ච රත්තෝ ච – භාවනාය රතො මනො

සමථ භාවනාවෙහි ඇලුම් ඇති තැනැත්තා පුබුදු මනසින් යුතුව ජීවිතය ගත කරයි.
හිතවතුනි ඔබේ සිත - සංවරව තිබේ නම් ඔබ පතන සියලු සැප ඔබට අත්වන්නේය


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.