UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් පුර අටවක පොහෝදා 2011. 11. 02 වන දා බදාදා

ජීවිතයක යථාර්ථය

නුෂ්‍ය ජීවිතයක් ලැබීම සැබවින් ම දුර්ලභ ය. එසේ වූ දුර්ලභ ජීවිතයක් ලබා ගත් මනුෂ්‍යයා විසින් නිරතුරුව සිහි කළ යුත්තක් නම් ඒ ලබාගත් දුර්ලභ ජීවිතය තුළින් ජීවිතයක ඇති යථාර්ථය වටහා ගැනීමට උත්සාහ කිරීමය.

එසේ ජීවිතයක යථාර්ථය මෙනෙහි කිරීම මඟින් තමා දුර්ලභව ලබාගත් වටිනා මිනිස් ජීවිතයෙන් තමාට මෙන්ම සමාජයටත් කළහැකි මෙහෙවර බොහෝ ය.

පුහුදුන් ජීවිතයක අඩුපාඩු නැත්තේ නොවේ. එහෙත් හැම විට කල්පනා කළ යුත්තේ ඉන් ඈත්වී තම දිවි පෙවෙත සම්බුදු දහමට අනුව ම මෙහෙයවීමට ය.

අප මේ ගතකරන්නේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය යි. මේ වසර වෙසෙසින්ම බොදුනුවන් වන අපට බෙහෙවින් අගනා පුන්‍ය කාලයක් වැනි යැයි කල්පනා කළ හැකිය. එසේ කල්පනා කිරීමද කාලෝචිත ක්‍රියාවක් වනු නො අනුමාන ය.

අන් කවර කාලවලටත් වඩා කුඩා තරුණ, වැඩිහිටි ආදී සියලු තරාතිරම්වල වැඩි පිරිසක් ඒ ආගමික නැඹුරුවට හුරු වී යොමු වී තිබීම අගය කළ යුතු වේ. පැසසිය යුතු වේ.

එහෙත් අවාසනාවකට මෙන් ජීවිතයේ යථාර්ථය හඳුනා ගැනීමට හෝ උත්සාහ නො කිරීමෙන් තමන්ට සිදුවන අයහපත ගැන වගකිවයුත්තේ අන් අයකු නොව තමා ම බව කල්පනාවට ගත යුත්තකි.

ජීවිතයක සතුට, සැනසීම උදාකර ගත හැකි අයුරින් ජීවත්විය හැකි නම් එය තමාට මෙන්ම සමාජයටත් යහපතක් වනු නො අනුමානය.

මනුෂ්‍යයා, පවුලක්, ගමක්, සමාජයක්, රටක් වශයෙන් ඔවුනොවුන් හා බැඳී පවතී. ඒ අන්‍යොන්‍ය එකතුව සමාජ සංවර්ධනය සඳහා ම විය යුතුවේ. එසේ නො වුවහොත් පුද්ගල පරිහානියද නොවැළක් විය හැකි ය. එබැවින් ගුණවත් මවු පිය වැඩිහිටි ආදීන්ගේ අවවාදය හා ආදර්ශය විය යුත්තේ තම පශ්චිම ජනතාව හැමවිට සුමගට යොමු කරවීම ය.

ඒ වටිනා වගකීම මවුපිය වැඩිහිටි ආදීන්ගෙන් නො අඩුව ඉටු වුවහොත් හෙට බිහිවන මිනිසා නිරන්තරයෙන් ම අධ්‍යාත්මික සුවයෙන් සැනසෙනු ඇත.

එබැවින් ඒ වටිනා මිනිස් ජිවිතය මගින් යථාර්ථය හඳුනා ගැනීමට උත්සාහ කිරීමෙන් පුහුදුන් සමාජයක බොහෝ විට ඇති වන අඩුපාඩු බොහෝදුරට අවම කර ගත හැකි වනු ඇත.

එවිට දරුවන් ඇති ඇතැම් අම්මලා දරුවන් මහ මඟ දමා නො වනු ඇත. ගුණබර දරුවන් හැදු වැඩු අම්මා හෝ තාත්තා නිවසින් බැහැරට නො දමනු ඇත.

මවකගේ, පියෙකුගේ නිවැරැදි ආදර්ශය දරුවකුට කෙතරම් ආදර්ශයක් වනු ඇත්ද? ඒ ආදර්ශය තම දරුවාට දීමට නම් මව මෙන් ම පියාද ආදර්ශ සම්පන්න විය යුතුම ය. ගුණබර විය යුතුම ය.

ගුණබර මවුපියන් සමාජයට සැමදා ආශිර්වාදයකි. එවන් මවුපියන්ගේ දරුවන් ද සමාජයට සලසනුයේ යහපතම ය.

එබැවින් ජීවිතයක යථාර්ථය පිළිබඳ සිතීම, මෙනෙහි කිරීම ඕනෑම අයකුට තම ජීවිතය යහපතට නැඹුරු කර ගැනීමට ඇති යහපත් මගකි.

තමා පසුපස එන සෙවනැල්ල තමා අත නො හැරම ගමන් කරන ස්වභාවය ගැන දහම් පාසල් ඉගෙනුම ලබන කුඩා දරුවන් පවා දන්නා සම්බුදු දහමේ සඳහන් ප්‍රකට කරුණකි.

ඒ සදහම් මඟට පිවිසීමට නම් ජීවිතයෙහි යථාර්ථය තේරුම් ගත යුතුම යි.

බොදුනුවන් වන අප අපගේ ශාස්තෘන් වහන්සේ වන සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලොවටම මහ කරුණාවෙන් පෙන්වා වදාළ ඒ ජීවිත යථාර්ථය අවබෝධ කර ගැනීමට අපි උත්සාහ කරමු.

එවිට ඔබත් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වසරේදී ඔබේ ජීවිතයට අමරණීය සිහිවටනයක් එක්කර ගත් බවට ඔබට ද අපමණ සතුටක් උදාකර ගත හැකිවනු ඇත.

ඉල් මස පුර අටවක පෝය

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 02 වන දා බදාදා පූර්ව භාග 10.00 ට ලබයි. 03 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා බදාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]