Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දැක්වෙන ‘සම්මා දිට්ඨි’ මාර්ග අංගය පිළිබඳ ධර්මානුකූ®ලව පැහැදිලි කරන්න.

පිළිතුර
‘දිට්ඨීති දස්සනං’ “දිට්ඨි” යනු දැකීමයි. මනාකොට (යහපත්) දැකීම වාච්‍ය අර්ථයයි. බුදු දහමට අනුව සම්‍යග් දෘෂ්ටිය යනු කුසල් හා කුසල් මුල්ද අකුසල් හා අකුසල් මුල්ද දුක්ඛය – දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ මාර්ගය යන චතුරාර්ය සත්‍යය පිළිබඳ යහපත් හා අයහපත් බව හඳුනාගැනීමේ සමර්ථ වූ නුවණය සම්මා දිට්ඨියෙහි අවස්ථා පහක් ඇති බව දේශනාවෙහි සඳහන් වෙයි.

කම්මස්සකතා සම්මා දිට්ඨි
ඣාන සම්මා දිට්ඨි
විපස්සනා සම්මා දිට්ඨි
මග්ග සම්මා දිට්ඨි
ඵල සම්මා දිට්ඨි

ඒ අවස්ථාය

ප්‍රශ්නය
‘බුද්ධ’ , ‘ධම්ම’, ‘සංඝ’ යන මේ ත්‍රිවිධ රත්නය “තිසරණ” ය ,”තෙරුවනය” , “රත්නත්‍රය” යන නමින් හැඳින්වෙයි. ඒ කුමක් නිසාද පැහැදිලි කරන්න.

පිළිතුර
රත්නත්‍රය එනම් බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ යන තැනැත්තාට ‘හිංසතීති සරණගතානං තෙනෙව -සරණ ගමනෙන – භයං සන්තාසං දුක්ඛං දුග්ගතිං පරික්කිලෙසං හන්ති, විනාසේතීති අත්ථො රතනත්තයස්සෙචේතං අධිවචනං “

තිසරණ සරණ ගිය අය එම සරණා ගමනයෙන් බිය තැතිගැනීම් දුගති කෙළෙස් මළ යන මොවුන් විනාශ කරයි. යන අර්ථයෙන් තුනුරුවන්ට මෙම සරණ යන නාමය යෙදී ඇත. එහෙයින් ඒ ඒ බියදුක් පැමිණි කල්හි ඒ තුනුරුවන සරණකොට යාමත් සිහි කර ගැනීමත් උතුම් ‘පිරිතක්ම’ වෙයි.

ප්‍රශ්නය
ගිහි විනය නමින් ද හැඳින්වෙන ‘සිගා ලෝවාද’ සූත්‍රය ‘සිව් සඟරාවත’ (චතුස්සංගහ වත්ථු) හඳුන්වා ඇත්තේ කෙසේද ?

පිළිතුර
දානය ද පි‍්‍රය වචනය ද මෙහි යම් අර්ථචර්යාවක් වේ නම් එයද ඒ ඒ පුද්ගලයා කෙරෙහි සුදුසු පරිදි ධර්මානුකූ®ල සමානාත්මතාවයද යන මොව්හු යන්නාවු රියකට කඩඇනය මෙන් ලොව සංග්‍රහයෝය.

ප්‍රශ්නය
ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දැක්වෙන සම්මා ආජීවය පැහැදිලි කරන්න.

පිළිතුර
මිථ්‍යාජීවයෙන් සම්මා ආජීවය වෙන්කොට හඳුනා ගැනීමට ඇති ශක්තිය යහපත් ජීවිත පැවැත්ම සඳහා මූලික විය යුතුය. සම්මා ,මිච්ඡා යනු හොඳ නරක යහපත් අයහපත් හරි වැරැදි උසස් පහත් ලෙසින්ද නම්කළ හැකිය. යමක් කිරීමෙහිදී චේතනාව අනුව හොඳ හා නරක ක්‍රියාව වෙන්කොට හඳුනා ගැනීම බෞද්ධ පිළිවෙතයි. සම්මා ආජීවය නම් සීල සම්පන්න බවින් යුතු හෙවත් අලෝභ ,අදෝස, අමෝහ ,චේතනා මුල් ව ක්‍රියාවන්ගෙන් හා වචනයෙන් ජීවන මාර්ගය සකස්ව තිබිය යුතුය.

න අත්ත හේතු න පරස්ස හෙතු
න පුත්ත මිච්ඡෙ න ධනං නරට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මෙන සමිද්ධිමත්තනො
ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා

ප්‍රශ්නය
මිනිසා විසින් කරනු ලබන ක්‍රියා බුදු සමයෙහි කුසල හා අකුසල කර්ම යන නිර්වචන දෙක යටතේ විවරණය කර තිබේ. මෙය පැහැදිලි කරන්න.

පිළිතුර
බුදු දහමට අනුව චේතනා පූර්වක ක්‍රියා පමණක් කුසල හා අකුසල කර්ම වශයෙන් වෙන්කොට හඳුනාගනී. (චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි) චේතනා පූර්වක කොටගත් සෑම ක්‍රියාවකම ප්‍රධාන ලක්‍ෂණය වන්නේ ඵලයක් .(විපාකයක්) අපේක්‍ෂා කිරීමයි. එබදු සෑම ක්‍රියාවකටම සාධාරණ අවස්ථා තුනක් දක්නට ලැබේ.

1. චේතනාව
2. ක්‍රියාව
3. විපාකය

ප්‍රශ්නය
ආදිත්ත පරියාය සූත්‍රය අසා සියල්ලෝ ම රහත් ඵලයට පත් වූහ. මේ සියල්ලෝ යනුවෙන් සඳහන් වන්නේ කවුරුන් ගැනද?

පිළිතුර
උරුවේල කස්සප , නදී කස්සප, ගයා කස්සප නම් වූ තුන් බෑ ජටිල පිරිසය.

ප්‍රශ්නය
අනුරාධපුර පූජනීය පෙදෙසේ පිහිටි ථූපාරාම ස්තූපය පිළිබඳව ඓතිහාසිකත්වය පිළිබඳ හැඳින්වීමක් කරන්න.

පිළිතුර
මිහුඳු මහ රහතන් වහන්සේ වැඩම වීමෙන් පසු පළමුවස ඉල් පුර පසළොස්වකදා සර්වඥ ධාතූන් වහන්සේ නිදන්කොට චෛත්‍යයක් කළ බව වංශ කතාවල දක්නට ලැබේ. ඒ අනුව බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ නිධන්කොට දෙවනපෑතිස් රජතුමා ස්තූපය කළ අතර එම උත්සව අවස්ථාවෙහිදී දෙවනපෑතිස් රජුගේ සහෝදර මිත්තාභය කුමරුද පැවිදි විය.

ප්‍රශ්නය
සමකාලීන විවිධ නිකායික අදහස ඛණ්ඩනය කරමින් “ කථා වත්ථූප්ථකරණය “ නම් ග්‍රන්ථයක් ශාසන වංශ කතාවට එක්විය. මෙම කෘතිය කවුරුන් විසින් කුමන අවස්ථාවක ඉදිරිපත් කරන ලද්දක්ද?

පිළිතුර
ධර්මාශෝක රජුදවස පැළලුප් නුවර අශෝකාරාමයෙහිදි පැවැත්වූ සංගායනාව මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුවිය. කථාවත්ථුප්ප කරණය උන්වහන්සේ විසින් රචනා කොට මෙම සංගීති අවස්ථාවෙහිදි ඉදිරිපත් කළහ.

ප්‍රශ්නය
පහත සඳහන් පද්‍යයෙහි ඇතුළත් සද්ගුණය කුමක්ද? මෙම ග්‍රන්ථ නාමය සහ කතුවරයා කවුද?

පිළිතුර
දෙමව්පිය ගුරුවරුන් විසින් තම සිසු දරුවන්ට දිය යුතු යහපත් ධනය නම් උගත් සභාවක නොබියව සභාගත වීම සඳහා හැකිවන සේ ශිල්ප ඉගැන්වීමයි. කෝට්ටේ යුගයේ රණස්ගල්ලේ මාහිමියන් විසින් රචනා කරන ලද “ලෝකෝපකාරය ග්‍රන්ථයෙහි මෙම පද්‍යය ඇතුළත්ය.

ප්‍රශ්නය
බෝසත් සිරිතෙහි දක්නට ලැබෙන මූලික සද්ගුණ දෙකක් ඇත. ඒ මොනවාද?

පිළිතුර
මහාකරුණාව හා මහාප්‍රඥාවයි.

ප්‍රශ්නය
පරමාර්ථ සත්‍යාධිගමය සඳහා ශ්‍රාවකයාගේ අභිමතය පරිදි තෝරාගත හැකි බෝධි තුනක් පිළිබඳව බුදු දහමෙහි සඳහන්ව ඇත. එම බෝධි තුන මොනවාද?

පිළිතුර
සාවක බෝධි- පච්චේක බෝධි- සම්මා සම්බෝධි – එම බෝධි තුනය

ප්‍රශ්නය
බුදු දහමට අනුව (මහන්තං වෙපුල්ලත්තං පාපුණන්ති භොගෙසු) භෝග සම්පත් බහුල වීමට හේතු හතරක් දක්වා ඇත. ඒ මොනවාද?

පිළිතුර
අං:නි.චක්ක සූත්‍ර දේශනාවට අනුව භෝග සම්පත් බහුල වීමට හේතු 04 ක් මෙසේ දක්වා ඇත.

1. පතිරූප දෙස වාසය (සුදුසු පෙදෙසක විසීම)
2. සත්පුරුෂ ආශ්‍රය
3. ආත්ම පාරිශුද්ධිය
4. පෙර පින් ඇති බවය


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.