Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

66 වන කොටස

285. උච්ඡින්ද සිනෙහමත්තනො - කුමුදං සාරදිකංව පාණිනා
සන්තිමග්ගමේව බ්‍රෑහය – නිබ්බාණං සුගතෙ න දෙසිතං

තණ්හාව නුවණැසින්, සිඳ දැමිය යුත්තේ ය. නියම බුදු මඟ එයයි. නිවන් සුව එහි තිබේ.
හිතවතුනි, කිසිවකට, දැඩි ලෙසින් නොබැදෙන්න. එවිට ඔබ නිසැක ලෙස ජය බිමට යැවෙනු ඇත.

286. ඉධ වස්සං වසිස්සාමි – ඉධ හෙමන්ත ගිම්හිසු
ඉති බාලො - විචින්නේති – අන්තරායං න බුජ්ඣති

තමන්ගේ නිවස්නය, තහවුරුය සිත සිතා සිටින්නා මෝඩයෙකි. සසර දුක නොදෙන්නෙකි.
හිතවතුනි, මෙලොව තතු, නොසලකා ගත කරන ජීවිතය පලක් නැති නිසරු වූ හිස් එකකි.

287. තං පුත්ත පසුසම්මත්තං - ඛ්‍යාසත්ත මනසං නරං
සුත්තං ගාමං මහොඝොව - මච්චු ආදාය ගච්ඡති

මෝඩයෝ අනුවණින්, ලෝකයට ඇලුම් වෙති. එහෙත් අනියම් විටෙක මරු වසඟ වන්නේ ය.
හිතවතුනි, අසීමිත ආශාව වැරැද්දකි. මරණයක් ඇති බවද මෙනෙහි කළ යුත්තේ ය.

288. න සන්ති පුත්තා තාණාය – න පිතා න පි බන්ධවා
අන්තකේනාධිපන්නස්ස - නත්ථි ඤාතීසු තාණතා

මරු වසඟයට පැමිණි – කිසිවෙකුට කිසි තැනෙක – කිසිම කෙනෙකුගෙන් හෝ රැකවරණ ලැබෙන්නෑ.
හිතවතුනි, මරණයෙන්, මිදිය හැක්කේ නොවේ. එහෙත් ඒ බව නුවණ අඩු අයට නොවැටහේ.

289. එතමත්තවසං ඤත්වා - පණඩිතො සීලසංවුතො
නිබ්බානගමනං මග්ගං - ඛිප්පමෙව විසොධයෙති

මේ සසර නියම තතු - දැන ඉගෙන ගත් කෙනා - තුන් දොරින් සංවරව - නිවන වෙත යන්නේ ය.
හිතවතුනි, ජීවිතේ සැනසීම ලබන්නට තුන් දොරින් සංවරව කුසල් රැස් කළ යුතු ය.

මතු සම්බන්ධයි.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.