Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වෙළෙඳ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණ කටයුතුවලට පිටිවහලක් වන නව සී.ටී.පි යන්ත්‍රයක්  (Computer to plate ) පසුගියදා හඳුන්වා දෙන ලදී.ඉකුත් වප් පුර පසළොස්වක ‘බුදුසරණ’ පුවත්පතේ මුද්‍රණ තහඩුවල නිෂ්පාදන කටයුතු එම යන්ත්‍රය මගින් මහ සඟරුවනෙහි සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයෙහි සිදු කළ අතර එදින මුද්‍රණය කළ බුදුසරණ පුවත්පතෙහි පිටපත් මහ සඟරුවනට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා විසින් පිළිගැන්වූ අවස්ථාව. කථිකාචාර්ය වාව්වේ ධම්මරක්ඛිත හිමියන් සහ විතාරන්දෙණියේ මේධානන්ද හිමියන් ඇතුළු මහ සඟරුවන මෙහි වෙති.ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, නීති අධ්‍යක්‍ෂ රසාංග හරිස්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරී අභය අමරදාස යන මහත්වරු සහ සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුද්‍රණ හා නඩත්තු) කමල් විජේසූරිය, බුදුසරණ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා මහත්වරු ඇතුළු බුදුසරණ කර්තෘ මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු නිලධාරීහු සහ වෙළෙඳ මුද්‍රණ අංශයේ සේවක මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූපය රංජිත් අසංක

ලෝක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රී‍්‍ර ලංකා සේවාමුක්ත යුද හමුදා කාන්තා සංගමයේ සාමාජිකාවන්ගේ දරුවන් උදෙසා කොළඹ 07 ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරයේදී විශේෂ ධර්ම දේශනාවක් පවත්වන ලදී.යුද ගිනි නිවුන රට තුළ ආධ්‍යාත්මික ගුණ ධර්ම හා සාරධර්මවලින් පිරිපුන් ළමා පරපුරක් ගොඩ නැගීමටත් ඒ සඳහා ළමා මනසට ධර්මාවබෝධය ලබාදීමත් එම ධර්ම දේශනාව පැවැත්වීමේ අරමුණ විය. ධර්ම දේශනාව පවත්වන ලද්දේ කුරුණෑගල වේරවැල්ල බෝධිමළු විහාරාධිකාරි ගබ්බල සිරිසඟබෝ මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති දෙහිඕවිට විජිතවංශ හිමියන් විසිනි.එම සංගමයේ ආරම්භක සභාපතිනි මේජර් රමණී කාංගරආරච්චි සහ අනුශාසිකා කපිතාන් වික්ටෝරියා ලක්‍ෂ්ම් විසින් සංවිධානය කරන ලද අතර ඊට විශාල පිරිසක් සහභාගි වූහ. දෙහිඕවිට විජිතවංශ හිමියන් සහ ධර්ම ශ්‍රවණය කරනලද පිරිස ඡායාරූපයෙන් දැක්වේ.
පින්තූරය සුමනචන්ද්‍ර ආරියවංශ

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.