UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

යක්කල, පිටුවල්ගොඩ, අංක 215 ලිපිනයේ පදිංචි ජී.ඩී. සමරවීර මහතා (අවු. 61) දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බැවින් ඔහුට “ඒ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බවට ජාතික රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇතැයි කියති.

විශාල ආර්ථික අපහසුතා මැද ජීවත්වන ඔහුට “ඒ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙසත් මුදලින් මේ සඳහා පරිත්‍යාග කරන්නේ නම්, කඩවත ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අංක 100750345237 දරන ගිණුමක් විවෘතකර ඇති බව ද සමරවීර මහතා පවසයි. වැඩි විස්තර 011 2924165 දරන දුරකතන අංකයට ඇමතීමෙන් දැනගත හැකි බවද කියයි.


පානදුර, සරික්කාරමුල්ල, කෙසෙල්වත්ත පදිංචි බී.එල්.එම්. ප්‍රනාන්දු මහතාගේ වකුගඩු දෙකම අක්‍රීය වී ඇති බැවින් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉක්මණින්ම වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇතැයි කියති.

බද්ධ කිරීම සඳහා “ඕ පොසිටිව් “ ලේ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් ඒ සඳහා කැමති අයෙක් වෙතොත් පහත සඳහන් දුරකතන අංකය වෙත අමතන මෙන් ඉල්ලීමක් කැරේ. 071 2833193, 038 2299284 දුරකතන අංක වේ.


කෑගල්ලේ උඳුගොඩ පදිංචි එක් දරු මවක් වන සුමිත්‍රා කුමාරි පතිරණ මහත්මියගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති අතර මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුව ඇයට “ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මනින් බද්ධ කිරීමට සිදුවී ඇතැයි කියති. “ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනමා ඇයගේ ජීවිතය බේරා ගැනීමට උපකාරී වන මෙන් ඉල්ලීමක් කැරේ. ඒ සඳහා කැමැත්ත දක්වන අයකු සිටීනම් 078 – 3985156 හෝ 035 – 5680139 දරන දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.


නො. 108, වෑවල, හොරණ පදිංචි මේනකා සමරසේකරට බද්ධ කිරීම සඳහා ඒ,බී හෝ ඕ වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් අවශ්‍ය වී ඇතැයි ද ඇය දැනට වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවද කියයි.
වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියෙකු ඉදිරිපත් වන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වලට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කැරේ.
0711089799, 0775828433 දුරකතන අංක වේ.


මහනුවර - පූජාපිටිය - මඩදෙණියේ පදිංචි ජී.ආර්. චන්ද්‍රසේකර බණ්ඩා ගොඩගම මහතා දරුණු වකුගඩු ආබාධයකින් මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව කියයි. ඔහු පනස්පස් හැවිරිදි වියේ පසුවන අතර අධ්‍යාපනය ලබන දරු දෙදෙනෙකුගේ පියෙක් බවද කියයි.
එම දරුවන්ට පියා වෙනුවෙන් වකුගඩුවක් දීමේ තරම් වයසක් නොවන බැවින් ඒ පොසිටිව් වර්ගයේ රුධිරයට ගැලපෙන වකුගඩුවක් ලබාදෙන මෙන් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කැරේ.
ඒ සඳහා ඉදිරිපත් වන්නේනම් තොරතුරු 081 - 2300380, 071 - 5305208 දෙන ලෙස ඉල්ලීමක් කැරේ.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 11 වන ඉරිදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]