UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රෝගී හිමිනමට ඔබගේ ආධාර අවශ්‍යයි

අඹේපුස්ස , බෝතලේ ශ්‍රී නාලන්දා පිරිවෙන්හි උඩස්ගිරියේ සමිත හිමියන් ආතරයිටිස් ඇන්කිව්ලයිසිස් ස්පොන්ඩ්ලයිසස් නමැති රෝගයෙන් වසර ගණනක සිටම බලවත් සේ රෝගිව ඔත්පලව ප්‍රතිකාර ලබන තරුණ හාමුදුරුවන් වහන්සේ නමකි.

එම රෝගයේ ස්වරූපය වන්නේ ශරීරයේ සියලු ලොකු කුඩා සන්ධි ඉදිමී වේදනා ගෙන දෙන අතර බෙල්ලේ සිට කොඳු ඇට පෙළ දිගටම උකුල් ඇට සන්ධි දෙකම රෝගකාරක කැල්සියම් තැන්පත් වී තද වීමයි. මේ නිසා බෙල්ල හැරවීම, කොන්ද නැමීම, කකුල් උස් පහත් කිරීම මෙන්ම පුටුවකවත් වාඩි වීමට නොහැකි අතර ඉතාම අපහසුවෙන් වුවත් ඇවිදින්නේ තවත් කෙනෙකුගේ උපකාර ඇතිව හැරමිටි වාරුවෙන් බව පවසති.

උන්වහන්සේහට ප්‍රතිකාර කරන රාගම මහ රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රදීප් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනුව කෘතිම උකුල් ඇට සවි කිරීමේ ශල්‍ය කර්මය සිදු කිරීමට සිදුවී තිබේ. එයින් ආබාධිත තත්වයෙන් මිදී දෛනික වැඩකටයුතු වල නිරත විය හැකි බව සනාථ වන බවත් ඒ සඳහා අවශ්‍ය කරන කෘතිම උකුල් ඇට සන්ධි දෙකෙහි පමණක් වටිනාකම රු. ලක්ෂ හතරක් (රු. 400000) බවත් කියයි. ඒ සදහා සෝඩියක් මෙඩිකල්ස් (පුද්) සමාගමින් ලබා ගත් මිල කියුමක් සහ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාගේ සනාථ ලිපියක් උන්වහන්සේ සතු බවද කියති.

මීට අමතරව ශල්‍ය කර්මයට පෙර සහ පසුවට අනිකුත් අවශ්‍ය කරන උපකරණ බෙහෙත් සහ ඉන්ජෙක්සන් වෙනුවෙන් මෙන්ම මාස ගණනක් නේවාසිකව රෝහල් ගතවී ප්‍රතිකාර ලැබීමේදී කෑම බීම මෙන්ම උපස්ථාකයෙකුගේ සහාය ලබා ගැනීමට තවත් අමතර රු. ලක්ෂ තුන හමාරක් (රු. 350000 ) පමණ වැය වන බව වෛද්‍ය නිගමනය බවද කියති. මේ අනුව ශල්‍ය කර්මය සඳහා රු. ලක්ෂ හත හමාරක් (රු. 750000) පමණ වැය වන බවද උන්වහන්සේ කියති. ජනාධිපති අරමුදලෙන් රු. ලක්ෂ එක හමාරක් (රු. 150000 ) ලැබෙන අතර උන්වහන්සේ විසින් ඉතිරි මුදල වන රු. ලක්ෂ හයක (රු. 600000) මුදල සොයා ගත යුතු බවද උන්වහන්සේ පවසති.

උන්වහන්සේ රාජකීය පණ්ඩිත උපාධිය සමත් වී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදු කළ අතර ශ්‍රී සම්බුද්ධ ජයන්තිය මුල්කරගෙන සදහම් සිලිලාර නමැති බුදුගුණ ගීත ඇතුළත් සංයුක්ත තැටිය සම්පාදනය කොට ජනාධිපතිතුමන් ප්‍රධාන ලෝක බෞද්ධ මහානායක මා හිමිපාණන් වහන්සේලා වෙත පිළිගැන්වු අතර අප රටේ වැනසෙන බෞද්ධ පුරා වස්තු මතු පරපුරට දායාද කරදිමේ අරමුණින් පුරා වස්තු සුරැකීමේ සංවිධානය පිහිටුවා විශාල සේවාවක නිරත වු බවත් උන්වහන්සේ පවසති. කිසිදු ආදායම් මාර්ගයක් නොමැති උන්වහන්සේ පත්වි සිටින අසරණත්වය මෙන්ම සිදු කරනු ලබන ජාතික ශාසනික සේවාවන් ගැන සිතා එම ශල්‍යකර්මය සඳහා වැය වන ලක්ෂ හයක (රු. 600000) මුදල සොයා ගැනීමට උපරිම ලෙස සහාය දක්වන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කරති.

ගිණුම් අංකය හා විස්තර
උඩස්ගිරියේ සමිත හිමි
ගිණුම් අංකය – 8660002074
කොමර්ෂල් බැංකුව, මීරිගම
දුරකථන අංක: 0718610400, 0333334627 වේ.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 11 වන ඉරිදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]