UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බිනර පෝදා පින්කම්

බත්තරමුල්ලේ සිරි සුදස්සනාරාමය

බත්තරමුල්ලේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ දී බිනර පෝදා පැවැත්වෙන වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 06.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 07.00 තෙරුවන් වන්දනාව, 08.00- 09.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 09.45 – 10.45 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – 01.00 සූත්‍ර සජ්ඣායනාව අළුත්වෙල ධම්මසති හිමි සහ ධම්මජෝති හිමි, 01.00 – 02.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති උනින්දුවෙල සුමනසාර නාහිමි, 02.00 – 03.30 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංස නාහිමි, 04.00 – 05.00 ධර්ම දේශනාව අළුත්වෙල ධම්මසති හිමි, 05.00 – 06.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති පූජනීය තල්පත්වැව සද්ධාතිස්ස නාහිමි.

මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් රචිත, ප්‍රඥා ප්‍රභා සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ධර්ම ග්‍රන්ථයක් මෙදින ද ධර්ම දානයක් ලෙස පරිත්‍යාග කරනු ලැබේ.


බම්බලපිටියේ වජිරාරාමය

බම්බලපිටිය වජිරාරාමයේ දී බිනර පෝදා පැවැත්වෙන සීල සමාදානය මෙසේ ය. පෝදා පෙරවරු 6 – 07.15 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද අනුනාහිමි, 8 – 9.15 ධර්ම දේශනාව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශන අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පිටිගල විජිත හිමි 09.15 – 11 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදික හිමි, 11 බුද්ධ පූජාව පැරකුම්පුර විශාරද හිමි, පස්වරු 12.30 – 1.15 සෙත් පිරිත් හා තෙරුවන් ගුණ කඹුරුගමුවේ මහානාග හිමි 1.15 – 2.45 ධර්ම සාකච්ඡාව උග්ගොඩ ධම්මගරු හිමි, 03.15 – 04.15 දහම් දෙසුම දියතලාවේ පියදස්සී හිමි, 04.15 – 05.15 ගිහි දේශනය ජාතික සාරධර්ම ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන ආචාර්ය පී‍්‍රති කුලතුංග 05.15 – 06.15 ධර්ම දේශනාව තලල්ලේ චන්දකිත්ති හිමි, 05.15 – 06.45 අටවිසි බුද්ධ පූජාව වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා.


හුණුපිටිය - ශ්‍රී විජයසුන්දරාරාමය

වත්තල, හුණුපිටිය, ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ දී බිනර පුන් පොහෝ දින පෙරවරු. 06.00 සිට පසුදා පෙරවරු 06.00 දක්වා ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වේ. පෙරවරු 06.00 සිල් සමාදන් කරවීම වලවෙල හේමානන්ද මාහිමි, 07.30 භාවනාව, වෑගල්ලේ රාහුල හිමි, 08.30 ධර්මදේශනාව, ගාල්ලේ සුධම්මචාරි සිල්මාතාව 09.30 ධර්මදේශනය දළුගම සමිතඥාන හිමි, 10.30 ජාතක කතාව හුනුවල පියදස්සි හිමි, පස්වරු 01.00 ධර්මදේශනාව, බුත්කන්දේ රතනජෝති හිමි, 02.00 දේශනය, කේ. මිල්ටන් මහතා, 03.00 මීවලදෙනියේ අමරවංශ හිමි, ප.ව. 05.30 අටවිසි බුද්ධ පූජාව 06.30 දම්සක් පැවතුම් සූත්‍රය, වනවාසල, ධම්මකුසල හිමි, රාත්‍රී 07.00 ධර්ම දේශනය කහනාවිට සමිත ධම්ම හිමි, රාත්‍රී 08.00 සිට අලුයම දක්වා ත්‍රිපිටකය ඇසුරින් ධර්ම සාකච්ඡාව පැවැත්වේ.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

බිනර පුර පසළොස්වක පොහෝ දින කැලණි තරුණ බෞද්ධ සමිතිය මගින් පවත්වනු ලබන පින්කම් මාලාවේ වැඩසටහන මෙසේය. පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව , 8.15 භාවනා වැඩසටහන උපුල්විල ශාසන සුමණ හිමි, 9.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව, පස්වරු 1.00 ධර්ම දේශනය , 2.15 ධර්ම දේශනය උපුල්විල ශාසනසුමණ හිමි, 4.00 ධර්ම දේශනය , 5.00 බෝධි පූජාව, ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6.00 සිල් පවාරණය


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ බිනර පෝදා තරුණ සීල සමාදාන වැඩ සටහන මෙසේය.

පෝදා පෙරවරු 6.00 – 7. 00 - සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි, 8.00 – 9. 00 – භාවනාව - වැලිමඩ පසන්නමානස හිමි, 9. 00 –10. 00 – විශේෂ දේශනාව - ශාස්ත්‍රපති මාදුළුවාවේ සෝභිත මාහිමි, 10. 00 – 11. 15 – පරෝපකාර සංග්‍රහය – ධර්ම දේශනාව හා බුද්ධ පූජාව - ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි. පස්වරු 12. 25 – 12. 30 – විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12. 30 – 1. 00 – පිරිත් හා තෙරුවන් ගුණ – අම්පිටියේ සද්ධාවාද හිමි, 1. 00 – 2. 00 – ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2. 00 – 3. 00 – ධර්ම දේශනාව - ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි, 3. 00 – 4. 00 – ධර්ම දේශනාව - ශාස්ත්‍රපති කැටේපොළ ධම්මරතන හිමි, 4. 15 – 5. 00 – ධම්මපදය – ගල්කිස්සේ සෝමානන්ද හිමි, 5. 00 – 6. 00 – ධර්ම දේශනාව - ශාස්ත්‍රපති තුම්බෝවිල ධම්මරතන මාහිමි, 6. 00 – 6. 30 - බෝධි පූජාව මෙහෙයවීම - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර, සංඝමිත්තාරාමයේදී බිනර පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර, පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.15 පානළුවේ සතීමා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක්ද 9.30 – 11.00 ගණේමුල්ලේ නිස්සරණී දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක්ද 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 – 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය ද 1.00 – 2.15 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා විසින් මෙහෙයවන ධර්ම සාකච්ඡාව හා භාවනා වැඩසටහනක් ද 2.30 – 3.30 කඩවත විමුක්ති දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක්ද 3.30 – 4.30 කොට්ටාවේ සුධීරා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක්ද තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 6.00 ට මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

බිනරපුර පසලොස්වක පෝය දින එම වැඩසටහන මෙසේය

පෝදා පෙරවරු 6 - 7 - සිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාව පැවැත්වීම - කිරින්දේ සද්ධානුසාරි හිමි, 8 - 9 භාවනාව - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමණසිරි හිමි, 9 - 10 - ධර්ම දේශනාව - දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 10 - 11 - අභිධර්ම කතාව - පියදාස මුතුගම මහතා , 11 - 11.15 - බුද්ධ පූජාව - රත්නපුර ධම්මවිනය හිමි, බලංගොඩ ධම්මරක්ඛිත හිමි.

පස්වරු 12.30 - 12.35 - විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව , 12.35 - 1 - පිරිත් හා තෙරුවන් ගුණ - බංගලිදේශයේ සංඝරක්ඛිත හිමි, පූජ්‍ය ආරියගම සද්ධානන්ද හිමි, 1 - 2 - ධර්ම සාකච්ඡාව - ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2 - 3 - ධර්ම දේශනාව, 3 - 3.30 - විශේෂ අනුශාසනාව - රත්මලාන මල්ලිකාරාමාධිපති අතිපූජ්‍ය වැලිගම ඥානරතන මහනාහිමි, 4 - 5 - ධර්ම දේශනාව - ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමි, 5 - 6 - ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6 - 6.30 - බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම. මෙහෙයවීම - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


කෑගල්ල තරුණ බෞද්ධ සංගමයේ පින්කම්

කෑගල්ල තරුණ බෞද්ධ සංගමයේ බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් සෙවනේ දී හෙම්මාතගම සිද්ධාර්ථ නාහිමියන්ගේ අනුශාසනා පරිදි බිනර පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

පෝදා පෙරවරු 6. 45 – 7. බුද්ධ වන්දනා හා සැදැහැවත් ගාථා පෙරවරු 7. 45 අටසිල් සමාදන් කරවීම හා අනුශාසනාව අස්මඬලේ ධම්මරතන හිමි 8. 30 – 10 “බොදු දිවියට සැනසිලි මග භාවනාව“ මෙහෙයවීම කවුඩුපැලැල්ලේ ඉන්දජෝති හිමි, 10 – 11 ධර්ම උපදේශනය ඇම්. ආර්. මද්දුමබණ්ඩාර මහතා 11 – 11. 30 දවල් බුද්ධ පූජාව මෙහෙයවීම සමරවර්ධන නිශ්ශංක මහතා පස්වරු 12. 30 – 1. 30 සීල ආවර්ජනය දේශක විශ්‍රාමික පරිපාලන සේවා නිලධාරී බී.එම්. එස්. බී. බස්නායක මහතා 1.30 – 3 “බොදු දිවියට සැනසිලි මග“ දේශනය එස්. එම්. කේ සිරිවර්ධන, බී. එම්. එස්. බී. බස්නායක, මහින්ද කරුණාරත්න යන මහත්වරු 4 – 5 ජාතක කතාව ආශ්‍රිත දම් දෙසුම පන්නල ආනන්ද හිමි.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනයේදී බිනර පුන් පෝ දින ලේනබටුවේ මිත්තාලෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි විශාඛා කුළඟන සමිතිය හා කාර්ය සාධක සමිතිය මගින් සිදුකෙරෙන පින්කම් මාලාව මෙසේය.

පෙරවරු 6.30 උපෝසථ ශීලය, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව මෙහෙයවීම ලේනබටුවේ මිත්තාලෝක නාහිමි,

8.15 – කවි බණ –රන්සෑගොඩ සුමිත්ත හිමි

9.30 -භාවනාව , බියගම සුසීල හිමි, 11.45 දවල් සම්බුද්ධ පූජාව රම්මලේ අරියවිසුද්ධි හිමි,

පස්වරු 12.45 සිල් ආවර්ජනය කිරීම , 1.00 පිරිත් සහ තෙරුන්වන් ගුණ සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා සමඟ සිල් පිරිස , 1.30 ධර්ම දේශනය, රාජකීය පණ්ඩිත කුට්ටිකුලමේ පේමාලංකාර හිමි, 3.00 විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා , 3.30 ධර්ම දේශනය , කොහොලංකල කෝවිද හිමි, 7.00 ආශිර්වාදාත්මක බෝධි පූජාව සහ බුද්ධ වන්දනාව ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, ප්‍රධාන මහා සංඝරත්නය

ලේනබටුවේ මිත්තාලෝක නාහිමි ජන්ම දින සැමරුම සැප්තැම්බර් මස 13 වන දිනට යෙදෙන බැවින් එදින රාත්‍රි 7.00 ට උන්වහන්සේට ආශිර්වාද පතා සත්තිස් බෝධි පාක්ෂික ධර්ම බෝධි පූජාව පරගස්තොට සුධම්ම නාහිමියන් විසින් සිදුකෙරේ.;


හොරේතුඩුව

කෙසෙල්වත්ත හොරේතුඩුව ශ්‍රී විමලකීර්ත්‍යාරාමයේ (රබර්වත්ත පන්සල) සෑම පුන් පොහෝ දිනකම පැවැත්වෙන ශීල සමාදානය සහ ආගමික පුද පූජා බිනර පුන් පොහෝ දින දවස පුරා පැවැත්වේ. එදින පෙහෙවස් සමාදන් වන උවැසූ උවැසියන් වෙත හීලදානය සහ දවල් දානය හොරේතුඩුවේ සදැහවත් පිරිසක් විසින් පිරිනමනු ලබයි. එදින සවස 2.00 ට විහාරාධිපති රාජකීය පණ්ඩිත මැද උයන්ගොඩ විජයකිත්ති මා හිමිපාණන් වහන්සේ විසින් ධර්ම දේශනාවක් පවත්වනු ලැබේ.

අනතුරුව මාතර සුමේධා සිල් මෑණියන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් සහිත භාවනා වැඩසටහන එදින රාත්‍රී 7 ට හොරේතුඩුවේ සැදැහැවත් පිරිසකගේ දායකත්වයෙන් බෝධි පූජාවක්ද පවත්වන ලැබේ.


බොරැල්ලේ ගෝතමී විහාරය

කොළඹ බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේදී බිනර පොහොය නිමිත්තෙන් විහාරාරක්ෂ දායක සභාව සහ මහිලා සමිතිය මෙහෙයවීමෙන් සීල සමාදාන පින්කම සිදුකෙරේ.

පෝදා පෙරවරු 6.00 සීල සමාදානය හා අනුශාසනාව ශාස්ත්‍රවේදී කටුගහ පියදස්සි හිමි, 7.00 සම්බුද්ධ පූජාව , 8.15 භාවනාව, ආටිගල අමිතදේව හිමි, 9.30 බුදුසරණ පුවත්පත බෙදාදීම පරිත්‍යාගය හසිත දියබලනගේ, තිලංක දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්ම දේශනාව වෙරළුගොල්ලේ උදයනන්ද හිමි, 11.00 සම්බුද්ධ පූජාව දායකත්වය බියංකා වීරසූරිය මහත්මිය ප්‍රධාන දූ දරු පිරිස.

පෝදා පස්වරු 1.30 ධර්ම දේශනාව අම්බුළුගල සුමංගල හිමි, පස්වරු 3.00 ට ධර්ම දේශනාව ශාස්ත්‍රපති කරපුටුගල රේවත හිමි, 4.30 භාවනාව ආටිගල අමිතදේව හිමි, 5.30 අටවිසි බුද්ධ පූජාව මෙහෙයවීම ධම්මපාල හිමි. ඉරිදා, සඳුදා, බදාදා සිකුරාදා ප.ව. 6.00 සැමට සෙත්පතා පිරිත් සජ්ඣායනාව තෙල්වත්තේ නාගිත ස්වාමීන් වහන්සේ ගේ මෙහෙයවීමෙන් සිදු කැරේ.


හොරේතුඩුව

මොරටුව හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාම මහා විහාරස්ථානයේ දී වැලිගම අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි බිනර පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් සිරිත් පරිදි පැවැත්වෙන සීල සමාදානය සහ පින්කම දවස පුරා සිදු කැරේ.

පෙරවරු 06.00 සිල් සමාදන් කරවීම, බුද්ධ වන්දනාව සහ උදෑසන බුද්ධ පූජාව මෙහෙයවීම වැලිගම අනුරුද්ධ හිමි, 08.00 ධර්ම දේශනාව කෑගල්ලේ නිල්මල්ගොඩ සද්ධාවිහාරි හිමි, 09.00 අරලියගහ මන්දිරයේ සිට විකාශනය වන රූපවාහිනී ධර්ම දේශනාව. 10.15 භාවනා වැඩසටහන මෙහෙයවීම හිරණ ප්‍රජාපති ආශ්‍රමයේ අධිපතිනි මහියංගනයේ විශාකා ධම්ම ශිලා සිල් මෑණියෝ, 11.00 දවල් සම්බුද්ධ පූජාව පස්වරු සාමූහික පිරිත් දේශනාව, 02.00 භාවනා වැඩසටහන, පලාතොට අමිතානන්දි මෙහෙණින් වහන්සේ 04.00 ධර්ම දේශනාව, මොරටුව කටුකුරුන්ද නුගසෙවන සමාධි අරණ අධිපති ඉංගිරියේ සුධම්ම හිමි, 05.00 තෙරුවන් නැමදීම, බෝධි පූජාව සහ සිල් පවාරණය. මෙම බිනර පොහොය දින අතිගරු ජනාධිපතිතුමාට දිගාසිරි පතා ජය පිරිත් දේශනාව පැවැත්වෙන අතර දිළිඳු ජනතාවට වියළි ආහාර ප්‍රදානයක් සහ ආබාධිත අයට රෝද පුටු අත්වාරුද පාසල් දරුවන්ට අභ්‍යාස පොත් ප්‍රදානය කිරීමට කටයුතු සංවිධානය කොට ඇත.


කටුකැලියාව

අනුරාධපුර කටුකැලියාව මෛත්‍රී විහාරයේදී සෑම මාස පොහොය දිනකම උදේ 6 සිට සවස 4.30 දක්වා ධර්ම සාකච්ඡා ධර්මදේශන, භාවනා, සවස අටවිසි බුද්ධ පූජා, පැවැත්වීමට කටයුතු සලසා ඇති, අතර එම පින්කම මෙහෙයවනු ලබන්නේ පිලැස්සේ විමලධජ හිමියන් විසිනි.


භාවනා

මිනුවන්ගොඩ සාමවිනිසුරු අභිධර්මාචාර්ය ඊ. ඒ. පියරත්න මහතා විසින් සෑම පුරපසළොස්වක පොහොය දිනකම පවත්වාගෙන එනු ලබන ‘විදර්ශනා භාවනා හා දේශනා’ වැඩසටහන් මාලාව මෙම බිනර පොහොය දින පහත සඳහන් විහාරස්ථානයන්හිදී පැවැත්වේ.

පෙරවරු 8.30 සිට 10.30 මීගමුව දළුපොත ශ්‍රී ධර්මරතනාරාමයේදී, හල්පේ ධම්මාලෝක නාහිමියන් ගේ අනුශාසකත්වයෙන්, පස්වරු 12.30 - 2.30 ආඬිඅම්බලම වල්පොල චේතියාරාමයේදී කිඹුලාපිටිය සද්ධානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද පස්වරු 3.00 - 5.00 මිනුවන්ගොඩ ජාපාලවත්ත අභිනවාරාමයේදී හකමූනේ වංශරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද පැවැත්වේ.


ශ්‍රී සම්බෝධි විහාරයේ සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සජීව වැඩසටහන

කොළඹ ග්‍රෙගරි පාර ශ්‍රී සම්බෝධි විහාරයේ සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සජීව බිනර පොහොය වැඩසටහන මෙසේය.

අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමගින් විකාශනය ආරම්භ වීම

6.00- 7.15 :- සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව ,මෙහෙයවීම –“බෞද්ධයා” රූපවාහිනී නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ඉංගී‍්‍රසි දහම් පාසලේ විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 –9.00 – ධර්ම දේශනාව ,දේශකයාණන් වහන්සේ ගලිගමුවේ ඤාණදීප හිමි, 9.30 – 10.30 –ධර්ම දේශනාව ,දේශකයාණන්වහන්සේ -ශාස්ත්‍රපති නාවින්නේ සුගුණධම්ම හිමි, 11.00-11.30 - සම්බුදු පූජාව , මෙහෙයවීම –මහරගම පදුම හිමි .

පස්වරු 1.00 –2.00 –ධම්සභා මණ්ඩපය , ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, පාර්ලිමේන්තුවේ හිටපු කථානායක, සබරගමු පලාතේ ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමා , මෙහෙයවීම –නීතිඥ ශෂික ජයතිලක මහතා , 2.00 - .3.00 භාවනාව ,මෙහෙයවීම දොඩංදූවේ සිරිකර නාහිමි, 3.30- 4.30 – ධර්මදේශනාව ,දේශකයාණන්වහන්සේ -ශාස්ත්‍රපති මාවරලේ භද්දිය හිමි,4.30 – 5.30 ධර්මදේශනය, දේශකයාණන් වහන්සේ - ශාස්ත්‍රපති පණ්ඩිත ඉද්දමල්ගොඩ වජිරඤාණ හිමි, ප.ව. 5.30 – 6.00 - කෙටි අනුශාසනාව,සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මෙහෙයවීම මහරගම පදුම හිමි


සීනිගම

සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරයේ මේ මස 11 වැනි දින බිනරපුර පසළොස්වක පෝය දින විහාරාධිපති ප්‍රවීණාචාර්ය අකුරළ මංජුලතිස්ස හිමියන් විසින් පෙරවරු 7 ට අටසිල් හා වන්දනා කරවීමෙන් අනතුරුව පෙරවරු 9 ට ධර්මදේශනාව උඩුගම ලංකානන්ද හිමියන් ද සවස 2 ට කළුපේ ජයලත් කුමාරසිරි මහතා පොහෝදා වැදගත්කම හා භාවනා වැඩසටහනක් සිදු කරන අතර සවස 4 ට ඒ.පී. ඇලන් උබේරත්න මහතා ධර්ම සාකච්ඡාව මෙහෙයවනු ලැබේ.


වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පින්කම්

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේ දී බිනර පුර පසළොස්වක පොහෝ දින දවස පුරා පැවැත්වෙන ශීල සමාදාන පින්කම මහරගම මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

පෙරවරු 06.00 – 07.00 ශීල සමාදානය අනුශාසනාව හා භාවනාව මෙහෙයවීම ගෞරව ශාස්ත්‍රපති මහරගම මහින්ද නාහිමි 07.00 – 08.00 උදේ ආහාර බුද්ධ පූජාව 08.00 –09.00 ධර්ම දේශනාව සමන්එළියේ පියදස්සි හිමි, 09.00 – 10.00 කොළඹ අරලියගහ මන්දිරයේ සිට විකාශනය වන ධර්මානුශාසනාව 10.00 – 11.00 ආරාධිත දේශනය ඩී. ද්‍රොන් චන්ද්‍රසිරි මහතා, 11.00 – 12.00 දවල් ආහාර බුද්ධ පූජාව, පස්වරු 12.00 – 1.00 විවේක කාලය සහ පිරිත් දේශනාව, 1.00 – 2.30 භාවනා මෙහෙයවීම ගාමිණී පි‍්‍රයන්ත මහතා, 03.00 – 04.00 ධර්ම දේශනාව උඩුවේ ධම්මාලෝක හිමි, 04.00 – 05.00 ධර්ම දේශනාව මහගම සුවිනීත හිමි, 05.30 -.06.00 ගිලන්පස බුද්ධ පූජාව සහ සිල් පවාරණය මහරගම මහින්ද නාහිමි.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 11 වන ඉරිදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]