UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහියංගනයේ මහ පෙරහර

මහියංගන මහ සෑ රදුන් හා ශ්‍රී සුමන සමන් දෙවිදුන් වෙනුවෙන් උපහාර දැක්වීමේ ඌව බින්තැන්නේ වාර්ෂික පූජා මංගල්‍යය සමය අගෝස්තු 28 දින රාත්‍රි 11. 47 ට ලැබූ සුබ මොහොතින් චාරිත්‍රානුකූලව දේවාල පරිශ්‍රයේ මංගල කප සිටුවීමෙන් ආරම්භ කැරිනි.

එතැන් සිට දින 05 ක් දේවාල සීමාව තුළ ඇතුල් පෙරහර ද ඉන්පසු දින 05 ක් කුඹල් පෙරහර ද පැවැත්වේ. මෙවර රන්දෝලි ආරම්භය සැප්තැම්බර් 07 දා රාත්‍රි කාලයේදීය. අලි ඇතුන් රැසක් ද නැටුම් ගැයුම් වලින් ද සමන්විතව 07, 08, 09, 10 දිනවලදී රන්දෝලි පැවැත්වේ.

අවසාන රන්දෝලිය හෙවත් මහියංගන මහ පෙරහර මෙම 11 වන දින රාත්‍රි කාලයේදී වීථි සංචාරය කෙරේ. එදින පෙරහර ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් යුක්තය. මුලින්ම ගමන් කරන්නේ රාජමහා විහාරීය පෙරහරයි. ඊට පසුපසින් මහ සමන් දේවාල පෙරහරද ඊට එක්වේ. එම පෙරහර ගෙවැදීමෙන් අනතුරුව මධ්‍යම රාත්‍රිය ද ඉක්මවූ පසු මහියංගණයටම සුවිශේෂී වූ වැදි පෙරහර පැවැත්වේ. දිය කැපීමේ මංගල්‍යය 12 දින අලුයම් කාලයේදී සිදුකිරීමෙන් පසුව ආදිවාසීන් ගේ සුවිශේෂී චාරිත්‍රයක් වූ දොඩම් පෙරහර පවත්වා පෙරහර සමය අවසන් කෙරේ. රාජ්‍ය අනුග්‍රහය ලබන පෙරහරක් වූ මහියංගණ මහ පෙරහර සම්බන්ධව ඓතිහාසික හා සංස්කෘතික තොරතුරු රැසක්ම පවතී.

දේවාල පෙරහර මගින් සුමන සමන් දෙවිඳුන්ට උපහාර දක්වන අතර රාජමහා විහාරීය පෙරහර මගින් උපහාරයෙන් පුදනු ලබන්නේ මහ සෑ රදුන්ය.

මහියංගණ රාජමහා වි හාරාධිපති අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ගලගම අත්ථදස්සි අනුනාහිමියන්ගේ උපදෙස් මත විහාර භාරකාර අස්ගිරි කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති උරුලෑවත්තේ ධම්ම රක්ඛිත හිමියන්ගේ සංවිධානත්වයෙන් රාජමහා විහාර පෙරහර ඇතුළු සියලුම බෞද්ධ ආගමික කටයුතු සිදු කෙරේ.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 11 වන ඉරිදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]