Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බොදු ගී බණ්ඩිරිප්පුවේදී

බිනර පුන් පොහෝදා රාත්‍රී 7.00 ට බණ්ඩිරිප්පුව ශ්‍රී ථූපාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන බොදු බැති ගී පූජාව බුදු බණක් කියන්නට....’ යනුවෙන් නම් තබා ඇත.

සසල සිත් නිවන - දැහැන් සම වදින - නිවන් සුව සදන - මියුරු ගී දැහැන තුළ බොදු බැති ගීයෙන් බුදුබණ කියන්නට ආරාධනා ලබා ඇත්තේ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, ආචාර්ය වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, අයිවෝ ඩෙනිස්, ටී.එම්. ජයරත්න, සෝමතිලක ජයමහ, ඉෂාක් බෙග්, මල්කාන්ති නන්දසිරි, චරිතා හා දීපිකා ප්‍රයදර්ශනී යන හෙළ ගී කෙත අස්වැද්දූ විශාරදයන් සමූහයකි.

විශාරද දර්ශණ රුවන් දිසානායකයන් ගේ සංගීතයෙන් රසවත් වන, ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත රෝහණයන්ගේ කථනයෙන් ඔපවත් වෙති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.