බෙලිදෙණියේ සිරිධම්ම නා හිමි ජන්ම දින සමරා පින්කම්
කොළඹ 9 එලියස් පෙදෙස සංඝමිත්තාරාමාධිපති බෙලිදෙණියේ සිරිධම්ම
අනුනාහිමියන්ගේ 90 වන ජන්ම දිනය නිමිත්තෙන් පින්කම 24 වන දා කොළඹ 09
එලියස් පෙදෙසේ සංඝමිත්තා විහාරස්ථානයේ දී පැවැත්වේ.
එදින පෙරවරු 10.30 දහවල් බුද්ධ පූජාව සහ සපිරිකර සංඝගත දක්‍ෂිණාව
පිරිනැමේ. පස්වරු 06.30 අටවිසි බුද්ධ පූජාව සහ දෙසැත්තෑඤාණ පූජාව
මෙහෙයවීම බොරලන්කඩ විමලතිස්ස නාහිමි 07.30 සෙත් පිරිත් සජ්ඣායනයද
පැවැත්වේ.
31 වන දා පෙරවරු 11.00 අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී ද පූජා
පින්කම් මාලාවක් සිදු කැරේ. |