Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

55 වන කොටස

238. සො කරොහි දීපමත්තනො
ඛිප්පං වායම පණ්ඩිතො භව
නිද්ධන්තමලො අණංගණො න පුන ජාති ජරං උපෙහිසි

පමා නොම විය යුතු ය. නැණවතකු විය යුතු ය. නැවත ඉපදෙන මැරෙන, ලෝකයට නො ආයුතු.

හිතවතුනි, සසර මඟ නිමා කරලන්නට නම් ඉපදීම සිදු නොවන තැනට අප යා යුතු ය.

239. අනුපුබ්බේන මෙධාවී - ථොකථොකං ඛණෙ ඛණෙ
කම්මාරො රජතස්සෙ ව - නිද්ධමේ මලම’ත්තනො

රණබරණ තනන්නා, රනෙහි මල හරන සේ, නැණැත්තා කෙලෙස් මල, ටිකෙන් ටික දුරු කරයි.

හිතවතුනි, නැණැත්තෝ, තම නුවණ මෙහෙයවා,ටිකෙන් ටික ගුණ දහම් හුරු පුරුදු වන්නෝ ය.

240. අයසා’ ව මලං සමුට්ඨිතං - තදුට්ඨාය තමේ’ ව ඛාදති.
එවං අතිධොනචාරිනං - සකකම්මානි නයන්ති දුග්ගතිං

යකඩ මල යකඩයට විනාශය ළං කරයි. සිතේ අකුසල්, සිතක් දුගතියට යොමු කරයි.

හිතවත්නි, නරක දේ, සිතින් දුරු කර ලන්න. එවිට ඔබ සියලු දේ දිනූ මහරජ කෙනෙකි.

241. අසජ්ඣායමලා මන්තා - අනුට්ඨානමලා ඝරා
මලං වණ්ණස්ස කොසජ්ජං - පමාදො රක්ඛතො මලං

භාවිතා නොකළ විට මතකය ද දුබල වේ. දිරිය නැති ජීවිතය දුබල වී ගොස් නැසේ.

හිතවතුනි, නිරතුරුව, විමසුම්ව දිරිගන්න. එසේ නැතහොත් ඔබට විනාශය උරුම වේ.

මතු සම්බන්ධයි


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.