Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇසළ පෙරහර 16 වනදා

පොළොන්නරුව දිඹුලාගල සහ වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවගේ සහභාගිත්වයෙන් ජූලි මස 16 දින ඇසළ මහා පෙරහර පැවැත්වීමට සංවිධානය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය හා පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් සංවිධායක කමිටුවක්ද මේ සඳහා පත්කරගෙන ඇත. මේ පිළිබඳව මූලික සාකච්ඡා සභාව අරලගන්විල විදුමිණ මධ්‍යස්ථානයේ දී ජුනි මස 21 දින පැවති අතර එම සාකච්ඡාව අරලගන්විල විදුමිණ පරිවෙනාධිපති හා අරලගන්විල කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති නිතුල්ගොල්ලෑවේ ධම්මාලංකාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.